මෙතරම් තිරිසන් මිනිසුන් ජීවත් වන රටක්ද මේ?
ගම්මුන් වැවට කොටු කළ
ගැබ්බර ඇතින්න
වතුරේම බිහිකළ පැටවා
මියයයි
මොරගොල්ලාගම පොහොරවත්ත වැවට ඉකුත් 27 වැනිදා පැමිණි වනඅලි රංචුවකට ඉවතට යෑමට නොදී ගම්වාසීන් බාධා කිරීම හේතුවෙන්, ගැබ්බර ඇතින්නකට වතුරේම පැටවා බිහිකිරීමට සිදුවී ඇති අතර එම පැටවා ඒ මොහොතේම මියගොස් ඇති බව හේරත්ගම වනජීවී කාර්යාලය පවසයි. කහල්ල පල්ලේකැලේ රක්ෂිතයේ සිට වැවට පැමිණි වනඅලි 15ක පමණ රංචුවක් දෙස බලමින් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් කෑකෝ ගැසීම නිසා අලි රංචුව බියට පත්ව වතුරේම රැඳී සිට තිබේ. එම අවස්ථාවේදී ඇතින්න පැටවා බිහිකර ඇති අතර, ගම්මුන් දිගින් දිගටම බාධා කිරීම නිසා පැටවාට වතුර පෙවී මියයන්නට ඇති බව වනජීවී නිලධාරීන් අනුමාන කරයි.
සිද්ධිය සැලවීමත් සමඟ වනජීවී නිලධාරීන් සහ මොරගොල්ලාගම පොලීසිය එහි ගොස් රැස්ව සිටි 800කට ආසන්න පිරිස පාලනය කිරීමට පියවර ගෙන තිබුණි. මියගිය අලි පැටවාගේ සිරුරු කොටස් ඇතැම් ගම්වාසීන් විසින් වළ දමා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් මහව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව තිබුණි.
Last edited:
