2048 වෙනකන් බලන් ඉන්න වෙනව

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,727
    2,246
    113
    අනුර ඇවිත් මාස 20 ! සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කරපු වැඩ වලින් , මට මෑතක අහුවුන වැඩ කිහිපයක් , මෙහෙම මතක් කරන්න හිතුවා...
    ❤️

    සීයා 2048 වෙනකන් බලන් ඉන්න වෙනව කියල කියද්දිත් , එහි ! කියල ඒක විශ්වාස කරන් බලන් හිටපු අයියලා හෙමිහීට මේක කියවගන්න..
    මේ සෞඛ්‍ය පද්ධතියට විතරයි !
    🇱🇰

    1
    🔴
    පහුගිය සතියේ , මිලියන 1950 ක වියදමින් , CT ස්කෑන් යන්ත්‍ර 11 ක්.
    2
    🔴
    මිලියන 501 ක වියදමින් නව්‍යකරනය කරන ලද ජීව විද්‍යා ඉංජිනේරු සේවා මධ්‍යස්තානයක් ජනතා අයිතියට
    3
    🔴
    මිලියන 92 ක වියදමින් පේරාදෙනිය රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය , ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය නව්‍යකරණය කිරීම
    4
    🔴
    රු.මිලියන 857 ක වියදමින් මොනරාගල රෝහලේ පස්මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට.
    5
    🔴
    මිලියන 64.5 ක වියදමින් රත්නපුර රෝහලට ළමා දැඩිසත්කාර ඒකකයක්.
    6
    🔴
    දිවයින පුරා ආරෝග්‍යා සුවස්තා මධ්‍යස්තාන 1000 ක් සෑදීමේ වැඩ සටහන ඇරබීම , සහ කිහිපයක වැඩ දැනටමත් අරබා තිබීම..
    7
    🔴
    හෙද පුරප්පාඩු දැඩිව පැවති සෞඛ්‍ය කේෂ්ත්‍රයේ හෙදියන් 13600 ක් බදවාගැනීමෙ වැඩ සටහන ආරම්භ කර්මින් මේ වනවිට , හෙදියන් මේ වසර අවසන් වන විට ඉන් 7500 කට ආසන්න ප්‍රමාණයක් බදවා ගෙන අවසන් කිරීම.
    8
    🔴
    ජාතික රෝහලේ මිලියන 99 ක් වැය කොට , ස්නායු රොග විද්‍යා ආයතනය නවීකරණය කර ජනතා අයිතියට භාර දීම
    9
    🔴
    පියවුරු පිළිකා හදුනාගැනීම සදහා යොදාගන්නා මිලියන 765ක් වටිනා මැනෝග්‍රැෆි යන්ත්‍ර 05 ක් මෙරට රෝහල් පද්ධතියට.
    10
    🔴
    කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර සේවා සදහා මිලියන 114 ක වියදමින් COLPOSCOPY යන්ත්‍ර 18 ක් මෙරට රෝහල් පද්ධතියට එක් කිරීම
    11
    🔴
    මෙතෙක් කලක් මෙරට රෝහල් පද්දතියටම තිබුනෙ යන්ත්‍ර 10ක පමන ප්‍රමාණය කිසිසේත් ප්‍රමානවත් නොවූ බැවින් , මිලියන 3103 ක වියදමින් හෘද කැතීටකරණ යන්ත්‍ර තවත් 16 ක් මෙරට රෝහල් පද්ධතියට එක්කිරීම ,
    12
    🔴
    ආයුර්වේද , යුනානි , සිද්ධ උපාධිධාරීවරු 402 ක් බදවා ගැනීම
    13
    🔴
    සුව සැරිය මූලස්ථානය කුලී පදනමට ගත් ස්ථානවල ක්‍රියාත්මක වෙමින් තිබුන අතර , එයට ස්ථිර රජයට අයත් ප්‍රයොජනයට නොගත් බංගලාවක් ලබාදීම
    14
    🔴
    සුවසැරිය කාර්‍යමණ්ඩලයට කොළඹ වෛද්‍යපීඨය හරහා ඩිප්ලෝමා පාඨමාලවක් ලබාදීමට පියවර ගැනීම
    15
    🔴
    මහියංගනය මූලික රෝහල තෘතීක මට්ටමෙ රෝහලක් බවට පත් කිරීමට සැලසුම් දියත් කිරීම
    16
    🔴
    බදුල්ල මූලික රෝහලට වකුගඩු ප්‍රතිකාර ඒකක කඩිනමින් ඉදිකිරීම සදහා කොන්ත්‍රාත් පිරිනැමීම.
    17
    🔴
    මිලියන 600 ක වියදමින් මුලතිව් දිස්ත්‍රික් මහා රෝහලේ සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට කටයුතු ඇරබීම
    18
    🔴
    නව රජයේ ඔසු සල් 05 ක් 2025 වන විට ඇරබීම සහ 2026 දී තවත් ඔසුසල් ඇතිකිරීමට සැලසුම් කිරීම
    19
    🔴
    2025 දී මෙතෙක් නිෂ්පාදන නොකල ඖෂධ වර්ග 05 ක් ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා වෙළඳ පොළට නිකුත් කිරීම
    20
    🔴
    මිලියන 1688ක ඉතිහාසයෙ ඉහලම ආදායම 2025 දී ලබාගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්තාව මෙහෙයවීමට හැකිවීම
    21
    🔴
    ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඉතිහාසයෙ ඉහලම නිෂ්පාදන ප්‍රමානය 2025 දී වාර්ථා කරමින් කරල් සහ පෙති මිලියන 3625 ක් නිෂ්පාදනය කිරීම.
    22
    🔴
    2026 වර්ෂයට අදාලව සෞඛ්‍ය කේෂ්ත්‍රය සදහා අය වැයෙන් බිලියන 654 ක් වෙන් කිරීම.
    23
    🔴
    පඩු ලබමින් , වසාදමනවා කියූ ත්‍රීපෝෂ සමාගම ඉතිහාසයෙ ඉහලම ලාබ ලබමින් මෙරට දරුවන්ගෙ පෝෂණ අවශ්‍යතාවය සපයන මට්ටමට ගෙන ඒම.
    24
    🔴
    මෙරට ප්‍රථම උප ප්‍රජනන වෛද්‍ය ඒකකය කරාපිටිය ජර්මන් ශ්‍රීලංකා මිත්‍ර රෝහලේ ඇතිකරමින් , දරුවන් නොමැති එහෙත් දරුවන් අපේක්ෂා කරන මව් වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර ඇරබීමට කටයුතු කිරීම.
    25
    🔴
    අපේක්ෂා රෝහලත් , මහනුවර ජාතික රෝහල ත් මූලික කරගෙන මෙරට මුල් වරට ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කිරීමට සැලසුම් කිරීම.
    26
    🔴
    ලියුකේමියා , තැලිසීමියා , රුධිර පිලිකා සදහා වූ ප්‍රතිකාර සදහා යොදාගන්නා , මිලියන 50 ක් වටිනා නවීන කොම්ටෙක් මල්ටිප්‍රොසිඩියුරල් යන්ත්‍ර 02 ක් රෝහල් පද්ධතියට.
    27
    🔴
    හෘද සැත්කම් , සහ අක්ෂි කාච දැමීමේ සැත්කම් සදහා රට පුරා පොරොත්තු ලේඛණ වල බලා සිටින රෝගීන් වෙනුවෙන් රෝහල් හරහා විශේස සායන සහ සැත්කම් සායන හරහා අදාල සැත්කම් කඩිනමින් කොට පොරොත්තු ලේඛණ වල පිරිස අවමකිරීමෙ වැඩ සටහන් සහ ඊට අදාඅ උපකරණ සහ යටිතල පහසුකම් සැපයීමට් ක්‍රියාකිරීම.
    28
    🔴
    වකුගඩු වල ගල් ඉවත්කිරීම සදහා ජාතික මට්ටමේ යොමුකිරීමෙ මධ්‍යස්ථානයක් රාගම රෝහල තුල ඇතිකිරීමට කටයුතු ඇරබීම
    29
    🔴
    අනුරාධ පුර රෝහල මෙරට 04 වන ජාතික රෝහල බවට පත්කිරීමට බිලියන 20 ක් වෙන් කිරීම.
    30
    🔴
    රුධිර පරීක්ෂණ 200 ක් පමන කල හැකි , මිලියන 10 ක වටිනාකමින් යුත් , අතිනවීන , උධිර විද්‍යා විශ්ලේෂණ යන්ත්‍රයක් මහනුවර ජාතික රෝහලට.
    31
    🔴
    මෙරට රෝහල් වල නවතා ඇති මහා පරිමාන ව්‍යාපෘති 25 ක් නැවත ඇරබීමට
    2025 දී බිලියන් 16 ක් වෙන්කිරීම
    2026 දී බිලියන 19 ක් වෙන්කර අදාල කටයුතු සිදුකිරීම.
    2027 දී බිලියන 38 ක් වෙන් කිරීමට සැලසුම් කර තිබීම.
    32
    🔴
    හම්බන්තොට මහා රෝහලට රුධිර කාන්දු පෙරණ ඒකකයක් ලබාදීම ජනතා අයිතියට පත්කිරීම සහ මේ වනවිට එහි ඇති යන්ත්‍ර 03 , ඉදිරියෙදී 15 ක් දක්වා වැඩිකිරීමට සැලසුම් කිරීම.
    33
    🔴
    මෙරට හෘද සැත්කම් පොරොත්තු ලෙඛණයෙ රෝගීන් අවම කිරීම වෙනුවෙන් මිලියන 1200 ක වියදමින් කැත් අසායනාගාර 04ක් රෝහල් පද්ධතියට එක්කිරීම ඇරබීම
    34
    🔴
    මිලියන 250 ක වියදමින් ඉදිකර වීදියගොඩ ආයුර්වේද රෝහලේ සිව්මහල් ගොඩනැගිල්ල ජන්තා අයිතියට පත්කිරීම සහ එහි අදල ප්‍රතිකාර සේවා ආරම්භ කිරීම.
    35.
    🔴
    වකුගඩු රෝගය රටින් තුරන් කිරීමට ජල සම්පාදන දෙපාර්තමේන්තුව සමග උතුරු මැද පළාත මූලික කරගත් වකුගඩු රෝග බහුල ප්‍රදේශ වල නව පානීය පිරිසිදු ජලය ලබාදීමේ විශාල ව්‍යාපෘති ගනනාවක්ම මේ වන ක්‍රියාත්මක කරමින් තිබීම.
    ඔය මට අහුවුන , ටිකක් හොයද්දි හොයාගන්න පුලුවන් වුන වැඩ 35 ක් විතර , තව තියෙනවා ඇති ඕන තරම් , මෙතන බෝහොමයක් මේ ජනවාරියේ සිට වුන දේවල්.. මේවගෙ සමහරක් ඉවරයි , සමහර ඒවා වෙමින් තියෙනවා , තව සමහරක් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙ , තව සමහරකට කැබිනට් අනුමැතිය ලැබිලා....
    ඔන ඔහෝමයි අනුර සහෝදරයා මේ මාස 20 ට නලින්ද සහෝදරයල එක්ක එකතුවෙලා රටේ සෞඛ්‍ය වෙනුවෙන් වැඩ කරන්නෙ...
    රටේ ආදායම් මට්ටම් එන්න එන්න හයිය වෙනකොට , ඒ ආදායම් නැවත අපෙ රටෙ සෞඛ්‍ය පහසුකම් දියුණු කරන්න යෙදවෙනකොට , ලෝකෙ දියුණුම රටක සෞඛ්‍ය සේවයක් තියෙන රටක් බවට අපි පත්වේවි...
    මගෙ රට ගැන මට සතුටුයි ! පුරවැසියන් ලෙස සතුටු වෙමු ! බලන්න අමාරු අය කකුලෙන් අදින්නෙ නැතුව , අමාරුවෙන් හරි බලන් ඉන්නවනම් ඒක ඊට වඩා මරු !
    ජය !
    🇱🇰

    උපුටාගැනීම - නුවන් නිළමුණි
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,233
    5,059
    113
    Loading...
    බයියො ටොයියො සිජිබයියො තෙත් වෙලා, ඌයියා වෙලා, ටිපර් පාක් කරන Thread
     
    • Love
    Reactions: ComanMan

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,290
    12,035
    113
    35
    Spain
    @erozan උඹ රිටයර් වෙයන්, දැන් අපිට කොමන් මෑන් ගෙන් සංවර්ධන පුවත්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,405
    28,078
    113
    මෝඩ ජෙප්පෝ රවට්ටන්න හොඳයි ඉතින් කලින් ආණ්ඩු පටන් ගෙන කරපුවා ජෙප්පෝ කළා වගේ open කරන්න. ඒ මදිවට ඩොබිල හෑලිත් ලියනවා.
    අපි බලමු කීපයක්


    "2
    🔴
    මිලියන 501 ක වියදමින් නව්‍යකරනය කරන ලද ජීව විද්‍යා ඉංජිනේරු සේවා මධ්‍යස්තානයක් ජනතා අයිතියට"

    මේක 2019 පටන් ගත්ත Capacity Building of Biomedical Engineering Services in Sri Lanka Project එක


    Sri Lanka's biomedical engineering infrastructure was significantly upgraded through a US$7.2 million grant from the Korea International Healthcare Foundation (KOFIH). This initiative provided Rs. 501 million to modernize the central Biomedical Engineering Services (BES) Centre and an additional Rs. 228 million for provincial diagnostic tools, mobile workshops, and equipment management systems. [1, 2, 3, 4, 5, 6]
    The "Capacity Building of Biomedical Engineering Services in Sri Lanka" project, which began in 2019, successfully delivered the following improvements to the healthcare sector: [1, 2]

    • Upgraded Infrastructure: The modernised BES Centre at the Ministry of Health features an expanded technical workspace and a new auditorium for training officers, technicians, and engineers. [1, 2]
    • Provincial Support: Six provincial councils—Central, North Central, Northern, Eastern, Uva, and Southern—have received medical testing equipment, repair tools, and fully equipped mobile workshops to conduct on-site repairs at remote clinics. [1, 2]
    • Workforce Training: The program implements postgraduate courses, short technical training, and an advanced Medical Equipment Inventory Management System to track and manage hospital assets nationwide. [1, 2]
    ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශය සදහා මෙම ගොඩනැගිල්ල 1993 වර්ෂයේ දී ලබාදීම පිළිබඳව ජපාන රජයටත් එහි දෙවන අදිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය දායකත්වය ලබාදුන් කොරියානු රජයටත් අමාත්‍යවරයා මෙහිදී සිය කෘතඥතාවය පලකර සිටියේය.

    2019 වර්තමානයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භකර ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවේ වර්තමානයවන විට විශාල පරිවර්තනයක් සිදුව තිබෙන බවත්, එය මේ වන විට දෘශ්‍යමාන වෙමින් තිබෙන බවත් පැවසීය.
    - https://sinhala.news.lk/current-affairs/2026-06-17-03-56-41

    "
    4
    🔴
    රු.මිලියන 857 ක වියදමින් මොනරාගල රෝහලේ පස්මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට.
    "

    මේකත් 2019 රාජිත පටන්ගත්ත එකක් :lol:



    මුන් එනකොටත් තට්ටු දෙකක් open කරන්න තිබ්බේ

    https://hirunews.lk/goldfmnews/4262...storey-building-at-monaragala-hospital-opened
     
    Last edited:
    • Haha
    Reactions: ComanMan