අනිකට උත්තර දෙන්ඩ කලින් මේකට උත්තර දීලා ඉමුකො. එහෙම හිතෙන එක නම් සිරාවටම joke එකක් තමයි. මිනිස්සු පරිණාමය වෙච්ච දවසෙ ඉඳල අැඟට වැටිච්ච අව්ව මහා අමාරු දෙයක් විදිහට දකින්නෙයි, කිලෝ මීටර් කීපයක් අැවිදින එක මහා අමාරු දෙයක් විදිහට පේන එකයි අැත්තටම මටත් විහිලුවක් වගේ.
ගෙවල් අස්සටම වෙලා ගොම තැම්බවල් වගේ ඉඳල සාමාන්‍ය නීරෝගී මිනිස්සුන්ට හරිම සාමාන්‍ය දේවල් උඹලට පේන්නෙ මහා අමාරුවකින් කරන්ඩ ඕන කරදර වැඩ වගේ. එදා ගිහින් අාව එක චාටර් එකක් බව නම් අැත්ත. හැබැයි උඹලට ඔය පොඩි දුර අැවිදපු එකයි, අව්වයිනෙ බලාගෙන යද්දි මහා ලොකු ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ.
එ‍්ක උඹලගෙම ජීවන රටාවයි, කන බොන ජරාවයි නිසා හදා ගත්ත ගොබ්බ මතයක් විතරයි. අතපය පණ නැති අවුරුදු 90 ක විතර නාකි මනුස්සයෙක්ට අැඳෙන් නැගිටලා අඩි 10 ක් යන එකත් හරිම අමාරු, ලොකු වැඩක් වෙන්න පුළුවන්. හැබැයි මම හිතන්නෙ උඹට වුණත් එ‍්ක මහා වෙහෙසක් අවශ්‍ය දෙයක් නෙවෙයිනෙ නේද? අැඟ නීරෝගී නම් කිලෝ මීටර් කීපයක් අැවිදින එකත් එ‍් වගේ තමයි. කැමති නම් පිළි ගනින් ඉතින් දෙකේ වෙනස.
දැන් අනික් ප්‍රශ්නෙට එමු. උඹ ගත්ත උදාහරණය මට joke එකක් වුණත්, උඹලට සැපයි දුකයි කියල පේන දේවල්වලට හේතුවනෙ අහන්නෙ. එහෙම හේතුවක් නෑ බං. ඔය අදාළ නැති හැම දේකටම හේතුව මොකක්ද කියල හොයන්න යන එක අාගම්වලින් ඔලුවට දාපු විකාරයක් විතරයි. එ‍්ක තේරුම් ගන්න ලේසිම ක්‍රමය පණ නැති දෙයක් ගැන හිතපන්කො. එකම ජාතියෙ ජොක්කු දෙන්නෙක් හෝදලා එකක් අව්වෙ වනලා තියනවා, අනික ගුලි කරල බිම දාල තියෙනවා. වැලේ ජොකා ඉක්මනට වේලෙනවා, අනිත් ජොකා තෙතට තිබිල පුස් කනවා. දැන් ඔය දෙවිදිහ වුණේ ජොක්කු දෙන්නා කරපු පින් පව් වෙනසක් නිසාද බං?
සරලම කතාව මනුස්සයෙක්, සතෙක් කියන්නෙත් ඔය ජොක්කු වගේම හැදිච්ච දේවල් විතරයි. හැබැයි අාගම්, සංස්කෘති අරවා මේවා නිසා අපි එ‍්වා වෙනස් විදිහකට සලකන නිසා එ‍්ක ඔලුවට ගන්න ටිකක් අමාරුයි වගේ හිතෙනවා. හැබැයි fundamentally බැලුවොත් සත්තුද, මිනිස්සුද, අනිත් වස්තූන්ද කියල කිසිම අමුතු වෙනසක් නෑ. සේරම එ‍්වා බිහි වෙද්දි තිබුණ එක එක පිහිටීම් නිසා හට ගත්ත, ඊළඟට අාව බලපෑම් නිසා වෙනස් වෙලා ඉදිරියට අාව දේවල්.
සරලවම ඔලුවට ගන්න ඕන දේ තමයි තමන්ට යමක් වෙන්ඩ හේතුව තමන් ඉස්සර කරපු දෙයක්, කොටින්ම ඉපදෙන්ඩත් කලින් කරපු දෙයක් කියල හිතන එක joke එකක් බව තේරුම් ගන්නම වෙනවා. මේ ලෝකෙ තමන් දැනුවත්ව කරපු දේවල් නම් කෙළින්ම බලපාන්න අනිවාර්යයෙන්ම පුළුවන්. හැබැයි එ‍් අර දේවල්වලම deterministic ප්‍රතිඵල නිසා විතරයි.
උදාහරණයක් විදිහට උඹ සතෙක් මැරුවා නම්, එ‍් ගැන හිතේ දුකක් කලකිරීමක් තියෙනවා නම් එ‍්ක තමන්ගෙ අනිත් කටයුතුවලට බාධාවක් වෙන්න පුළුවන්. එහෙම නැතිව එ‍්ක වෙන්නෙ සතා මරපු නිසා පවක් සිද්ධ වෙලා එ‍් පව පඩිසන් දෙන රෙද්දක් නිසා නෙවෙයි. හැබැයි එ‍්කම ඔලුවෙ තියාගෙන බලන්න ගියාම එ‍් යථාර්ථය තේරුම් ගන්න අමාරුයි තමයි.
හිතපන්කො මස් කඩේක වැඩ කරන එකෙක් ගැන. උෟ දවස ගාණෙම කුකුල්ලු සිය ගාණක් මරනවා බෙල්ල කපලා ලේ ටික යනකල් එල්ලල තියලා. ඕන අවුරුදු ගාණක් කරනවා. ඔය පන්සල් logic වලින් බැලුවොත් අපි ජීවිත කාලෙටම කරනවාට වඩා සිය ගුණයක් විතර මාසෙට පව් කරන එකෙක් උෟ. හැබැයි උට එහෙමයි කියල ඉහෙන් බහින පව් පඩිසන් දීමක්වත් නෑනෙ. (එ‍්කටත් අාගම්වල fallback එකක් තියෙනවා ඉතින් කවදාහරි වෙයි කියලා.

ඔව් බලන් හිටපන් වෙනකල්)
සරලම කතාව පව, පින කියල දෙයක් තියෙන්නෙ අපේ හිතේම විතරයි බං. අපි යමක් දකින විදිහයි, එ‍්ක හිතේ තිබීම අනිත් දේවල්වලට deterministic ව බලපාන විදිහෙයි විතරයි පව පින, පව් පින් පඩිසන් දීම කියන සංකල්පයවත් තියෙන්නෙ.
අපි මනුස්සයෙක්ව මැරුවා කියල හිතමු. ඕක නිතරම හිතේ තියෙද්දි අපිට වෙනදා වගේ සාමාන්‍ය විදිහට හිත නිදහසේ ඉන්න බෑනෙ. එ‍්ක ගැනම හිතිලා නින්ද යන් නැති වෙන්න පුළුවන්, වෙන වැඩක් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මනුස්සයෙක් මැරුව එක හිතේ තියෙන නිසා උට රස්සාවෙ වැඩ කරගන්න බැරි වෙලා රස්සාව නැති වෙන එක, තව එ‍්ක ගැන හිත හිත පාර පනින්න ගිහින් වාහනේකට හැප්පෙන එක වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න ඕන එ‍්ක අර හිතේ තියෙන බලපෑමෙ deterministic ප්‍රතිඵලයක් විතරයි කියන එක.
අාගම් රෙද්දවල්වල කියන දිට්ඨදම්මවේදනීය රෙද්දක් ඔතන නෑ. කලින් උදාහරණයම ගත්තොත් ජොකා හෝදල වැලේ වැනුවා කියල හිතපන්කො. උෟ එ‍්ක ගැන මනුස්සයෙක් මැරුවා වගේ දවසම හිත හිත ඉන්නවද නෑනෙ? ඉතින් උෟ ජොකා හෝදපු එක ගැන හිත හිත ඉඳල රස්සාව නැති කරගන්නෙත් නෑ, ජොකා ගැන හිත හිත පාර පනින්න ගිහින් වාහනේ හැප්පෙන්නෙත් නෑ.
පව් පින් ගැන ඔය පොවල තියෙන සංකල්ප එක්ක මේ විදිහට මේක ගැන බලන්න සෑහෙන අමාරු වෙන්න පුළුවන්. හැබැයි එ‍්ක අමාරුවෙන් හරි තේරුම් ගන්නම ඕන දෙයක්. තමන්ට මොකක් හරි වෙනසක් කරගන්න, දකින්න සැබෑ උවමනාවක් තියෙනවා නම් එ‍්කට උත්සාහ කරන්න ඕන. හැබැයි තමන්ට පාලනය කරන්න බැරි දේවල්වලින් එ‍්කට යම් බලපෑමක් තියෙන්නත් බැරි නෑ. එහෙමයි කියලා එ‍්වා පින් පව්, වාසනාව අවාසනාව වගේ account වලට බැර කරලා හිත හදා ගන්න ක්‍රමය ඉතින් යථාර්ථය නෙවෙයි.
මම දන්නවා ඉතින් මෙහෙම කිව්වම ටිකක් එ‍්ක පිළිගන්න අමාරුයි කියලා. කනත්තක් මැදින් යද්දි බය හිතෙන එක කොච්චර logic දැනගෙන ඉන්න කෙනෙක්ට වුණත් වෙන්න පුළුවන් සංස්කෘතික ලබ්බ ඔලුවට ගිහින් තියෙන නිසා. හැබැයි කනත්තෙ හොල්මන් ඉන්නවා කියලා concept එකක්වත් අහල නැති කවුරු හරි මනුස්සයෙක් ඔතනින් ගියාට උට එහෙම ගාණක් වත් නෑනෙ. එ‍් වගේ තමයි. අරක පව් මේක පව් කියල ඔලුවෙ තියාගෙන සමහර දේවල් කරාම තමන් එ‍්ක දකින විදිහ නිසාම යම් positive, negative දේවල් අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. හැබැයි එ‍් කිසිම දෙයක් පින් පව් කියල එළියෙන්ම තියෙන රෙද්දක් නිසා වෙන දේවල් නෙවෙයි.
එ‍්ක එ‍් විදිහට දකින්නම ඉතින් එක්තරා විදිහක මොළේ capacity එකක් ඕන. අන්න එතකොට තේරෙනවා මේ පින් පව්, කර්මය, පුනරුත්පත්තිය, අපාය, දිව්‍ය ලෝක වගේ සේරම අපිම හිතෙන් හදා ගත්ත වැල් බයිලා බව. වැදගත් වෙන එකම දේ තමන් යමක් දකින විදිහම විතරයි. අපේ පාලනයෙන් පිට තියෙන දේවල් අස්සෙ pattern දකින්න තියෙන අාසාවට, මොකකට හරි හේතුව මේකයි කියල විශ්වාස කරන්න හිතෙන විදිහට ලස්සනට ගොතන්න පුළුවන් කතන්දරයක් දකින්න තියෙන අාසාවට ගොතපු විකාර විතරයි ඔය සේරම.