ත්‍රෙඩ් එක ගොඩක් ආසාවෙන් කියෙවුවා. කමෙන්ට්සුත් එක්කම. බ්ලොග් එකක තිබුන මගේ යාලුවෙකුට වෙච්ච කතාවක් මතක් උන්නා. පෝස්ට් කරන්නම්.
ලින්ක් එක මේක.
http://www.hisahasa.blogspot.com/2012/09/blog-post.html
කතාවේ නම ලක්ෂ පනහක සුවඳ..
..............................................................................
කාලෙකට පස්සේ ලියන යන ලියවිල්ල මට හරිම නුහුරුයි . මාස දෙකක් විතර ලිවිල්ලෙන් ඈත් වෙලා වෙන මල ඉලවු බදාගෙන ඉඳලම මගේ මේ අත් දෙකට කී බෝඩ් එක දැනෙන්නේ බොහොම නුහුරට . ඒ විතරකම නෙවෙයි මේ ලියන්න යන කථාවත් කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා මට හිතාගන්න බෑ . මේ කතාව ලීවට පස්සේ මේක කියවන අය මේකෙ ඇත්ත නැත්ත මගෙන් හාර අවුස්සලා අහන එක තමා මට රුස්සනෙම නැත්තේ. එහෙම උදවියට මම මුලින්ම උත්තරයක් තියන්නම්කෝ . එක්කෝ මේක මට වෙච්ච ඇත්තම සිද්ධියක්, එකෝ මේ මම ගොතාපු කතාවක් .
මේ හැම දේකටම මුල තමයි මම වැඩ කල ආයතනයේ පොඩි මූල්‍ය අර්බුදයක් වෙලා මගේ පඩියට තට්ටු වෙච්ච එක . එදා ඉඳන් මාස ගණනක්ම මට ජීවත් වෙන්න වුණේ අම්මගෙන් ඉල්ලගන්න සල්ලි වලින් . අතට හම්බු වෙන හැම රුපියලක්ම කොයිතරම් වටිනවාද කියලා මට තේරුම් ගියෙත් මේ සිද්ධියෙන් පස්සෙයි . ගෙදරට බරක් වෙලා ඔය විදිහට ජීවිතේ ගෙවන අතරේ ගාණක් හොයාගන්න මම නොකරපු දෙයක් නැති තරම් . කොහොමින් කොහොම හරි පහු පහු වෙද්දී රුපියල් දෙදාහකින් මාසෙ ගෙවාගන්න තරම් අති දක්‍ෂයෙක් වෙන්නත් මට පුළුවන් වෙච්ච බව නම් නොකියාම බෑ .
ගෙදරට වෙලා නිකම්ම ඉන්න බැරි තැන ගමේ ගෙදරක වැඩ පලකට යාළුවෙක් එක්ක ගිහින් උදවු වෙලා ගානක් හොයාගන්නත් මම පුරුදු වුණා . පිරිත් කොටුවක් ගහලා , මගුල් ගෙදරක උදවු පදවු කර දීලා , කැඩුණු පරිගණකයක් හදලා දීලා මම මගේ ගාන හොයාගෙන ජීවිතේ ගෙවාගත්තා . මේ කියන්න යන කතාවට මුල් වුණෙත් මම සල්ලි හොයාගන්න කල එක වැඩක් .
දවසක් මම බීඩියක් උරන්න උඩහ ඇල පැත්තට ගිහින් බිං කළුවර වැටෙන වෙලාවේ ගෙදරට එමින් හිටියා . මී හරකුන්ගේ ඇඟේ වහන ගොං හපුටෝ මගේ මූණ වටේ කරකැවෙමින් මට කරදර දෙන නිසාම මෙන්ටේරිය කොළ අත්තක් වනමිනුයි මම එන්න ආවේ . කරුණා අක්කලාගේ ගෙදර කිට්ටුව මහ සියඹලා ගහ යටට මම එනකොටම මම දන්න කියන මගේ මිත්‍රයෙක් අඩි පාරක ඉඳන් ඇවිදින් මගේ මූණටම මුණ ගැහුණා . ඒ ඇවිදින් උන්නේ මගෙ හොඳ මිත්‍රයෙක් වෙච්ච තරිඳු . අපි ඌට ආදරේට කීවේ තලයා කියලා .. !
"සඳරුවා මම මේ උඹව හම්බුවෙන්න කියලා උඹලෑ ගෙදරත් ගිහින් එනගමන් . උඹලෑ ගෙදරින් තමා කීවේ උඹ මෙහාට ආවා කියලා ."
තරිඳු එහෙම කීවම මම හිතුවේ සුවර් එකටම මගෙන් ගාණක් කපාගන්න මාව හොයනවා ඇති කියලයි .
"අනේ මචං සල්ලි වලින් නම් බෑ ඕං . සෙට් වෙන්නත් බෑ මේ දවස් වල ලෙලි ගිහිං ඉන්නේ ..!"
"කවුද යකෝ සල්ලි ඉල්ලුවේ . ? තොගෙ සල්ලිය තියාගං . තොපිට කතාකරන්න ආවට අපේ කටවල් වල හුඹස් බඳින්න් ඕනෙ ."
තරිඳුවගේ මූණටම සල්ලි ගැන කීවට මටත් ටිකක් විතර හිතට හරි නෑ . ඌ මගෙන් කීප වංගියක් සල්ලි නම් අරගෙන තියනවග ඇත්ත ඒත් ඌ ඒවා නියම වෙලාවට පියෙවුවා . සෙට් වුණ වෙලාවට වුණත් තරිඳු මටත් එක්ක සල්ලි දාලා බජට් එක සමබර කරපු වෙලාවල් අනන්තයි .
"කියපං තරිඳු මගෙන් මොනා වෙන්න ඔනෙ ?"
"මචං උඹගේ ෆෝන් එකවත් වැඩ නෑනේ .."
"ෆෝන් එකේ බැටරිය සවුත්තු වෙලා බං උඹ කියපං . මොකක්ද කේස් එක ?"
"පොඩි වැඩකට උඹව සෙට් කරගන්න කියලා .."
තරිඳුවා කොහොමත් හිත හොඳ එකා . මට මතකයි එක කාලයක් ඌට රස්සාවක් ඕනෙ වෙලා ඉන්නකොට මම ඌට මම දන්න කියන තැනක රියදුරු රැකියාවක් හොයලා දුන්නා . පස්සේ ඒ රැකියාවත් උගේම විසේ නිසා නැති කරගත්තා වුණාට මට කෙලවෙලා ඉන්න මේ කාලේදී තරිඳුවා මටත් වැඩ කීපයක්ම සෙට් කළා . ඉතින් තරිඳු අරගෙන ආපු මේ වැඩෙත් මොකක් වුණත් කරනවා කියලා මම හිත හදා ගත්තා .
"මොකක්ද මචං වැඩේ .. ?"
"පොඩි ගොඩ දැමිල්ලක් තියනවා හරියටම හරියාවි පරම්පරා හතක් ගොඩ , පොලිස් කේස් ආමි කේස් මුකුත් නෑ .."
මම ගැස්සිලා ගියා . ගොඩ දැමිල්ලක් කියන වචනේ ආයේ මට තේරුම් බේරුම් කරන්න ඕනෙ වුණේ නෑ .. තරිඳු ඒ කීවේ නිධානයක් ගැන .
"අනේ මචං ඔවුවට නම් එන්න බෑ උඹ යන්නත් එපා .මම උඹට යන්න දෙන්නෙත් නෑ ."
"උඹට එන්න බැරි නම් අවුලක් නෑ ඒත් උඹ කාටවත් කියන්න එපා . උඹ නෙවේ කවුරු කීවත් මේ වැඩේ මම නම් කරනවා . මොකද මම දන්නවා මම මේ කරන්න යන්නේ හොර කමක්වත් වංචාවක් වත් නෙවෙයි කියලා ."
"මොකද යකෝ හොර කමක් නොවෙන්නේ ?"
"මචං මේක තියෙන්නේ එකෙක්ගේ ගෙදර වත්තේ .. ඌත් එක්ක අපි එකතු වෙලා තමයි මේක ගන්නේ .."
"ඇයි වත්ත අයිති කාර ගොයියට තනියෙන් ගන්න බැරුවටද උඹලා යන්නේ ?"
"මේ වැඩේට පිරිමි හයක් ඕනෙ . එක ගෑනියෙක්වත් ගන්න බෑලු . ඒකයි මේ වැඩේට අපිත් යන්නේ" . දෙලොවක් අතර හිරවෙච්ච මම කරකියාගන්න දෙයක් නැතිව ටිකක් වෙලා මොනවා කියන්නද කියලා හිතමින් උන්නා . අන්තිමේදී මම තීරණය කලා මේ ගැන තව ටිකක් හිතලා බලලා තීරණයක් ගන්නවා කියලා .
එදා මම ගෙදර ගිහින් පරිගණකය ඉස්සරහාපිට ඉඳගත්තාමයි මට මතක් වුණේ මගේ අන්තර්ජාල සබඳතාවය මුදල් නොගෙවීම නිසා විසන්දි කරලා තියන විත්තිය . කන්න නැතත් බොන්න නැතත් කොහොමද අප්පා අන්තර් ජාලේ නැතිව ඉන්නේ ? . මට පිසු හැදෙන්නයි ගියේ . දැන් ඉතින් තරිඳු ගෙනාපු වැඩේට බහිනවා ඇරෙන්න ආයේ කරන්න දෙයක් නෑ . මම හිතුවාට වඩා ඉක්මනින් ලේසියෙන් මගේ තීරණය අරගත්තා . මම එවේලෙම තරිඳුවාට කෝල් එකක් දුන්නා .
"තරිඳු කොහේ බං ඕක තියෙන්නේ ?"
"මුලිං වචනේ දියංකෝ එනවද නැද්ද කියලා ."
"එන්නං හැබැයි මේ මායිමේ විතරයි කැලෑ අස්සෙයි හැතැප්ම ගණං දුර ගම්මාන වලයි නම් මොනා තියනවා කීවත් මම නම් එන්නේ නෑ . අනික තමයි දැං ඔය සෙට් වෙලා ඉන්න අනික් එවුන් මට දිරෙවුවේ නැත්තම් මම ඒත් එන්නේ නෑ . "
"තියෙන්නේ මේ ළඟපාත මම ඇරුණම උඹ තව දන්න කියන පස් දෙනෙක් තමා ඉන්නේ . තව ගුරුන්නාන්සේ කෙනෙකුයි උගේ පුතයි එනවා . උඹට මම හෙට කෝල් එකක් දුන්නාම හිච්චිලාගේ ගෙදරට වරෙන් . එතකොට සේරම දැන අඳුනගෙන කතාව කරගෙන ගිය හැකි ."
තරිඳුගේ වැඩේ භාරගත්තාට මොකද මගේ හිතට මහ බරක් දැනෙනවා ඒත් එක්කම හිත ඇතුළෙන් අමුතු සතුටකුත් ඉඳන් හෙමිහිට හිනා වෙනවා . ඔය ඔක්කෝම නිසා ඇතිවෙච්ච පීඩනයට මන්දා මට දෙතුන් වතාවක් කක්කුස්සියට යන්නත් වුණා . ජීවිතේ තියෙන්නේ විඳින්න නම් මොකටද අපි විඳවන්නේ . කටවත් අයිති නැති දෙයක් නෙව අපි ගන්න යන්නේ . ඉතින් මොකටද තවත් කතා . ඔය වගේ කතා වලින් මම මගේ ගැහෙන හිත සනසාගත්තා .
පහුවදා දවල් දෙක වෙනකොටත් මට තරිඳුගෙන් කෝල් එකක් නම් ආවේ නෑ . ඉවසිල්ලක් නැතිව හිටිය මම බලාන ඉඳලා බැරිම තැන ඌට කෝල් එකක් දුන්නා .
"තරිඳු මොකෝ වැඩේ ?"
"ආ සඳරු තව විනාඩි පහකින් විතර මම එන්නම් . ලැහැත්ති වෙලා ඉඳපන් . මගේ ෆෝන් එකේ සල්ලි නෑ ඒකයි ගන්න බැරි වුණේ ."
ටික වෙලාවකින් තරිඳු ආවා . මමයි ඌයි දෙන්නා අපේ ගෙවල් වලට ටිකක් විතර දුරින් ඉන්න හිච්චි කියන අපේ යාලුවාගේ ගෙදරට ආවා . අපි හිච්චිලාගේ ගෙදර යනකොට ගෙයි පිළිකන්නේ තවත් කීප දෙනෙක් වාඩිවෙලා උන්නා .
එක්කෙනෙක් තමා ගමේ කා අතරත් හොඳ නමක් තියාගෙන උන්නු රුක්මන් මහත්තයා . මිනිහා මගෙත් එක්ක නම් වැඩියෙ කතා බතා කරලා නෑ . ඒ ඇරුණාම සුනන්ද අයියත් , සේන අයියත් හිච්චිත් පිළිකන්නේ වාඩිවෙලා අපි එනකම් බලාන උන්නා . වෙනදා වගේම මමයි තරිඳුවයි තමා සෙට් එකේ බාලම එවුන් වුණේ . අපි කට්ටියම හිච්චිලගේ ගෙයි ඇතුළේ ප්ලාස්ටික් පුටුවල ඉඳගත්තාම රුක්මන් මහත්තයා කතාව පටන්ගත්තා .
"දැන් ඔයාලා මෙතන වෙන දේ හොඳට දන්නවා නේ .."
"රුක්මන් මහත්තයා ඇදලා පැදලා එහෙම කියනකොට සේන අයියා අයියා කට කැඩිච්චි කතාවක් කීවා ."
"මොනා හරි බොන ගමන් කතා කරන්න තිබුණා නම් තමා හොඳ ."
"රුක්මන් මහත්තයාට කේන්ති ගියා වුණත් එයා ඒ වගක් නොපෙන්වා කතා කළා"
"වැඩේ ඉවර වෙනකම් අරක්කු කටේ තියන්නෙපා . අනික තමයි මුලින්ම මම කියන දේ හොඳට අහගෙන ඉන්න"
රුක්මන් මහත්තයා වට පිට බැලුවේ ගෙදර කවුරුත් ඉන්නවද කියලා. හිච්චිගේ අම්මා වැඩට ගිහින් නිසා ගෙදර දවල්ට ඉන්නේ හිච්චි විතරමයි ඒ නිසාමයි ගමේ කොල්ලො කවුරුත් මලක් ඔතන්න බෝතලයක් කඩන්න පැණියක් බොන්න හදිසියකට තිප්පොල කරගෙන තිබුණේ . කවුරුත් ගෙදර නැති වග සහ සුද්දෙන්ම දැන කියා ගත්ත රුක්මන් මහත්තයා කතාව පටන්ගත්තා .
"මල්ලිලා අපේ ගෙයි වත්තේ පහළ කෑල්ලක පොඩි ගලක් තියනවා. අපේ තාත්තා එහෙම ඔය ගලේ දේව රූප කොටලා තියන නිසා පහන් හිටන් පත්තු කළා . මම දවසක් නිකමට වගේ ගුරෙක් ගෙන්නලා පොඩ්ඩක් බැළෙවුවා ඌ කියනවා එතන සෑහෙන වටින දෙයක් නිධන් කරල තියනවා ඇති කියලා . ඊට පස්සේ අපි පාතාල අඳුනක් බැලුවා . ඒකෙන් කියවුණේ එතන වටින දෙයක් තියනවාය පිරිමි හය දෙනෙක් ඒ ගොඩ ගන්න දේට අත ගහලා ගොඩ ගන්න ඕනෙය කියලා . ඒකයි මම උඹලව සෙට් කරගත්තේ . මගේ නෑයොන්ට වඩා මට තරිඳු , සේනක , හිච්චි මල්ලියි සුනන්දයි ෂුවර් , අපි සෙට් එකම කතා වෙලා තමයි සඳරු මල්ලිව මේකට ගාව ගත්තේ .. මල්ලි උඹ මේවට අකමැති නම් ගිය හැකි . අපේ කිසි අවුලක් නෑ .."
"නෑ රුක්මන් මහත්තයා මම වචනේ දුන්නා නේ මම ආයේ යන්නේ නෑ"
"එහෙනම් එච්චරයි අපි ගන්න දේ මගේ ඉඩමේ තියන නිසා වටිනාකමෙන් භාගයක් මට අනික් බාගේ ඔයාලා බෙදාගන්න . ඒක සාධාරණයි නේද ?"
ඔන්න ඔය විදිහට තමයි අපි කට්ටිය මහ අමුතුම වැඩකට අත ගැහුවේ මම අතගහල තියන වැඩත් එක්ක බලද්දී මේක තමා මම මගේ ජීවිතේටම කල අවදානම් වැඩිම දේ . යන්තම් වැරදුණොතින් කපෝතියි . ඒත් හරිගියොත් ගොඩම තමයි . ඒකත් නිකම්ම නිකම් ගොඩ යාමක් නෙවෙයි පරම්පරා හතක්ම ගොඩ යාමක් .

ගෑනිත් මළා, එක කෙල්ලෙක් බැඳලා ඈතට ගියා. අනෙක් කෙල්ල බැඳලා ඒ ලඟමයි ඉන්නේ. heart case එකක්. ළමයි නෑ. ඉඩමේත් කොටස් වික්කා.මගේ අවවාදය " ඇතිදේ නැතිකරගෙන නැති දේ පසුපස නොයන්න" . මම දන්න පොරක් නිධන් 3-4 ගොඩ දැම්මා. ( ආසන්න ගමක) 1. මැණික් මුට්ටියක් ( තේරුන්ගත් විදියට). ගලක් අයිනෙන් පුංචි ලිඳක් වගේ එකක් හාරලා අරන් තිබ්බේ. ගල් පියනත් දැක්කා ගොඩ දාල තියෙද්දී.
2.ගල් කුළක් උඩ තොප්පියක් වගේ තිබ්බ ගලක් පුපුරවලා අරන් තිබ්බේ. එම තොප්පි ගලේ බට වගේ කාණු තිබ්බා.ඒ කානු චන්ද්‍රකාන්ති පාෂාණ වගෙ ගල් වලින් පුරවලයි තිබ්බේ.
අපේ ග්‍රාම බුද්ධි අංශය මගින් තොරතුරු ලැබුණා ඒවා දෙකම අරන් පහුවදාම, ඉර පායන්නත් කලින් ගිහින් ඔය සිද්ධි දෙකම ගිහින් බැලුවා.
තව 2ක් ගත්තළු.
මිනිහා මළා දුක් වින්දලා,ගෑණි ඔත්පල.ළමුන් දෙන්නා නම් පොඩි ජොබක් කරන් ඉන්නවා.පව් ඒ පවුලට වුන දේ.
නිධන් සීන් එකෙන් ගොඩ යන්න ලේසි නෑ. පහර වදිනවා කොහෙන් හරි.