හසන්ත මහත්තයෝ කියන්න කියන්න....කෞතුකගාරේ තියෙන කඩුව කොස් කොටන්නද? කඩුවක් තියෙන්න ඕනේ රජ ගෙදරක. එහෙම නේද ? එකට හිමි නිසි තැන දැන් ලැබිලඇති අපේ හාමුදුරුවනේ.
හසන්ත මහත්තයෝ... ඉස්සර සුද්දගේ කාලේ....... මේ කටු ජාති තිබ්බනේ. අන්න ඒව තැන්පත් කරන්ඩ සුද්ද හදපු තැන තමයි මේ කටුගේ කියන්නේ. ඉස්සර අපි පොඩි කාලේ ඕක තිබුණේ හැමිල්ටන් ඇල අයිනේ.. තුවායක් කරේ දාගත්තු වයසක මනුස්සයෙක් තමයි ඔය කටු ගේ බලා ගත්තේ. පස්සේ කාලෙක මේ කටු ගේ මොඩිෆිකේෂන් කෙරුවෙ හසන්ත... ඒත් මම නම් හිතන්නේ කඩු කියන ජාතිය මේ රටට අවශ්ය නෑ .. මේ මල්ටි බැරල් වලින් යුද්ධ කරන කාලෙනේ හසන්ත... ඈ....... ඔය කඩු තියාගෙන ඉඳල යුද්ධයක් දිනන්ඩවත් පුළුවන්ද හසන්ත මහත්තයෝ........???
අපි දැන් අළුත් ශිෂ්ඨාචාරයකට අළුත් අශ්චර්යේකට යන ජාතියක් කියල අමතක කරන්ඩෙපා. අපි කඩු වලින් අයින් වෙලා මිසයිල වලින් සන්නද්ධ වෙන්ඩ ඕනි කාලයක්නේ මේ ඇවිත් තියෙන්නේ හසන්ත මහත්තයෝ.