තවත් බන්ධනාගාර නිලධාරියෙකුට දිවි අහිමි වෙයි!

monson

Well-known member
  • May 7, 2007
    26,036
    29,688
    113
    July 8, 2026 01:56 pm

    මීගමුව බන්ධනාගාර ගැටුමින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
    ඒ අනුව ගැටුමින් මියගිය සමස්ත පුද්ගලයින් ගණන 28 දක්වා ඉහළ ගොස් ඇත.
    පසුගිය 6 වෙනිදා උදෑසන දෙවන වතාවටත් මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7දෙනෙකුට දිවි අහිමි වුණි. ඒ බන්ධනාගාර රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හමුවේය.
    ගැටුමින් තුවාල ලැබූ 100කට අධික පිරිසක් මීගමුව මහ රෝහලට ඇතුළත් කළ අතර ඉන් බරපතළ තත්ත්වයේ සිටි 20 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුණි.
    මේ අතර, ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ නිසල දේහයන් වැලිකඩ බන්ධනාගාරය වෙත අවසන් ගෞරවය සඳහා අද (08) උදෑසන රැගෙන ආවේය.
    ඒ එම නිලධාරීන්ගේ ඥාතීන්, සමීපතමයන් මෙන්ම ඔවුන් සමග රාජකාරි කළ සහෝදර නිලධාරීන්ගේ සෝ සුසුම් මැදිනි.
    අවසන් ගෞරව දැක්වීමෙන් පසු දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදෙනු ලැබීය.

    - https://sinhala.adaderana.lk/news/228267
     
    • Sad
    Reactions: Inigo Montoya

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,117
    4,600
    113
    සෙල් වල ඉන්න උන්ට උන්ට සඳ ගුටි ලැබෙයි වගේ. පොලිස්, ආමි, ප්‍රිසන් කේස් උන්ට ගේම් දීලා යහතින් ඉන්න අමාරුයි (හොඳ කන්ටැක්ස් නැත්තං )