පොඩි පුතු Home work කරන්න බැරි වෙලා අද ඉස්කෝලේ ආවේ නෑ...හිටපු ජනපති රනිල්ට-ලේකම් සමන්ට නඩු දානවාද? නැද්ද? දැනුම් දෙන්න නියෝගයක්!

monson

Well-known member
  • May 7, 2007
    25,481
    28,268
    113
    :lol: 🤌
    අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ට එරෙහි නඩු පවරන්නේද? නැද්ද? යන්න පිළිබඳ නීතීපතිවරයාගේ ස්ථාවරය සැප්තැම්බර් 30 වැනිදා දැනුම් දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද නියම කළේය.

    සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් කර ඇති හෙයින් සැකකරුවන්ට එරෙහි නඩු පවරන්නේද? නැද්ද? යන්න පිළිබඳ නීතීපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා කල් ලබාදෙන්නැයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සමදරි පියසේන මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.


    - https://www.lankadeepa.lk/news/හටප-ජනපත-රනලට-ලකම-සමනට-නඩ-දනවද-නදද-දනම-දනන/101-694617

    ලන්ඩන් ගිය වාහනවලට බ්‍රිතාන්‍ය රජය ගෙවූ රහස් ලියවිල්ලක් අධිකරණයට!


    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ පවතින නඩුකරයට අදාළව, ඔවුන්ට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගන්නේ ද නැද්ද යන්න පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) දිනයක් නියම කළේය.

    කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයාගේ අවසන් තීරණය දැනුම් දීම සඳහා නඩු විභාගය එළඹෙන සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    CID විමර්ශන අවසන්; තීන්දුව නීතිපති අතේ

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පවත්වනු ලැබූ දීර්ඝ විමර්ශනවල වත්මන් තත්ත්වය අද අධිකරණය හමුවේ අනාවරණය විය.

    ගොනු රජයට:
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම මූල්‍ය අවභාවිතයට අදාළ සියලුම විමර්ශන කටයුතු මේ වන විට සහමුලින්ම අවසන් කර, ඊට අදාළ විමර්ශන උධෘත (Files) ඉදිරි උපදෙස් සහ තීරණ සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

    කාලය ඉල්ලයි:
    ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, විමර්ශන ගොනු අධ්‍යයනය කර නීතිපතිවරයාගේ නිල ස්ථාවරය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය.

    ලක්ෂ 166ක ලන්ඩන් ගමන සහ බ්‍රිතාන්‍ය රජයේ වාහන ලියවිල්ල

    2023 වසරේදී බ්‍රිතාන්‍යයේ පැවැති රනිල් වික්‍රමසිංහ ගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගේ පෞද්ගලික උපාධි ප්‍රදාන උත්සවයකට සහභාගි වීම සඳහා රුපියල් ලක්ෂ 166කට අධික රාජ්‍ය මුදලක් වැය කරමින් මූල්‍ය අවභාවිතාවක් සිදුකළ බවට මෙම නඩුවෙන් සැක කෙරේ.

    වාහන වියදම:
    රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම නඩුවට පාදක වී ඇති සමස්ත මුදලින් අඩකට ආසන්න ප්‍රමාණයක් වැය වී ඇත්තේ එම සංචාරයේ වාහන පහසුකම් සඳහා බව විමර්ශකයන් ප්‍රකාශ කර ඇති බවයි.

    බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහය:
    එහෙත් එම සංචාරයේදී තම සේවාදායකයා වෙත වාහන පහසුකම් සපයනු ලැබුවේ බ්‍රිතාන්‍ය රජය (British Government) විසින් බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය. ඊට අදාළව බ්‍රිතාන්‍ය රජය අනුගමනය කළ නිල පියවර සහ නීතිමය ලේඛන ඇතුළත් විශේෂ සටහනක් ඔහු විසින් රජයේ නීතිඥවරිය වෙත භාරදෙන ලදී.



    මෙම බ්‍රිතාන්‍ය රජයේ නිල ලේඛන පදනම් කරගනිමින්, වාහන වියදම් සම්බන්ධයෙන් නැවතත් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස රනිල් වික්‍රමසිංහ ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රා පසන් අමරසේන, එළඹෙන සැප්තැම්බර් 30 වැනිදාට නීතිපතිවරයාගේ අවසන් ස්ථාවරය වහාම අධිකරණයට දැනුම් දිය යුතු බවට රජයේ නීතිඥවරියට නියම කළේය.

    - https://theleader.lk/news/42698-2026-07-08-09-43-20
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,481
    28,268
    113
    • Like
    Reactions: Inigo Montoya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,830
    40,520
    113
    ජීවිත නැති වෙන එක පව් තමයි ඒත් ඒ වගේ වැඩක් වෙලා හරි ශානිලා බිසී වෙලා අපේ වැඩ හොයන එක පරක්කුවෙනවා නම් එක පැත්තකින් ඒක හොඳයි