එක ගෙයි කෑ නීති සිසුවියගේ, කුණු වූ මළ සිරුර බෝඩිං කාමරේ
cats eye news
මාන මරක්කලාගේ නඳුනි සහශ්‍රි කුරේ 26 හැවිරිදි අවිවාහක තරුණියකි. පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් නීති පාඨමාලාවක් හදාරා තිබුණ බැවින් ඇය රටේ පවතින නීතිය සෑහෙන දුරට දැන සිටින්නට ඇත.
ඇයගේ දැන උගත් කම් හා සුන්දර රූ සපුව නිසා මීට ටික කලකට පෙර ඇයට විවාහ යෝජනාවක් එන්නේ ගුවන් නියමුවකුගෙනි.
ලස්සන අනාගකයක් ගැන සිහින මැවූ දෙදෙනා
විවාහ ගිවිසගෙන තිබිණි. නමුත් විවාහ වී එක වහලක් යටට වීමට ඇයට වුවමණාවක් නොවූ බැවින් පසුව ඒ ගිවිසුම අවලංගු විය.
ඇයගේ නිවෙස පිහිටා තිබෙන්නේ පානදුර උතුර (කෙසෙල් වත්ත) පොලිස් වසමේ ගල් කණූව, වඩුමඩුව හන්දියේය. නමුත් ඇයට වැඩි කලක් එම නිවෙසේ ජීවත් වන්නට නොහැකි වුණේ සුනඛ ගැටලුවක් නිසාය. සුනඛයන්ට දැඩි ලෙස ඇලුම් කළ ඇය සුනඛයන් කිහිප දෙනකුම බලා කියා ගත්තාය.
අසල් වැසියන්ගේ සුනඛ විරෝධී ක්‍රියාකාරකම් නිසා ඇයට නිවෙස හැර යන්නට සිදු වුණාය. කුලී කාමරයක් සොයා ගැනීම ද ඇයට ලොකු ගැටලුවක් වුණේ යන තැනකට රැගෙන යෑමට සුනඛයන් යුවළක් ද සිටි නිසාය. කෙසේ හෝ ගොරකාන ප්‍රදේශයෙන් කාමරයක් කුලියට ගන්නට ඇයට හැකි වූවාය. ඇය එහි පදිංචියට ගියේ සුනඛ යුවළක් ද රැගෙනය. Cats eye news
පසුව ඇය රැකියාවක් සොයා ගත්තාය. ඒ පානදුර පැත්තේ හෝටලයකය. ඇයට වන්නකු වඩුගේ නවෝද්‍ය ලක්මාල් ප්‍රනාන්දු විජේකුල ජයවර්ධන හමුවන්නේ හෝටලයේ රැකියාව කරන අතරය. ඔහු එහි මුලුතැන්ගෙයි සහායකයකු ලෙස සේවය කළේය.
දෙදෙනාගේ සම්බන්ධය දුර දිග ගිය අතර ඔහු නිතරම ඇයගේ කාමරයට යන්නට එන්නට පුරුදු වුණාය.
ඇය එම හෝටලයේ ලක්මාල් වැඩ කරන කුස්සියේ කෝකියා වන කැකිරාව, කීරිගස් වැව, එගොඩ වැව පදිංචි කරුවකු වන රාජපක්ෂ මුදියන්සෙලාගේ දෙනුවන් ප්‍රමෝධ සමඟ මිතුරු වන්නේ ඔය අතරය.
සිය පුත්‍රයා වූ ලක්මාල්, නඳුනි සමඟ පවත්වන සම්බන්ධයට ලක්මාල්ගේ පියා තදින්ම විරුද්ධ විය. මේ සම්බන්ධය අත් හරින ලෙසට ඔහු පුතාට පමණක් නොව නඳුනිට ද තර්ජනය කරන්නේ ඔය අතරය.
ඉන් කුපිත වන ඇය පසුගිය ජුනි මස 05 වැනි දා පානදුර උතුරු පොලිසියට ගොස් ලක්මාල්ගේ පියා තර්ජනය කළ බවට පැමිණිල්ලක් කරන්නීය.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමෙන් පසු පැමිණිල්ල සමඨ මණ්ඩලයට යොමු කැරිණි.
සමථ මණ්ඩලයේ තීරණය වී තිබුණේ දෙදෙනාම වයස අවුරුදු 16ට වැඩි බැවින් ඔවුන්ට තමන් කැමැති ඇයකු සමඟ විවාහ වීමේ අයිතිය ඇති බවයි.
පියාගේ මේ ක්‍රියාවට දැඩි ලෙස විරුද්ධ වන ලක්මාල් සිය ඇඳුම් පැළඳුම් ද රැගෙන නඳුනිගේ නිවෙසේ පදිංචියට ගියේය. ඒ වන විට නඳුනිගේ සුනඛ යුවළ දරුවන් පස් දෙනකුගේ මව් පියන් බවට පත්ව තිබිණි. ඇය ඒ දරු පස් දෙනාත් ආදරයෙන් බාර ගත්තාය. Cats eye news
දැන් ඇය ලක්මාල් සමඟ ‘ලිවින් ටු ගෙදර්’ ජීවත් වේ. දෙවැනිව සම්බන්ධය ගොඩා නඟා ගත් දෙනුවන් ද ඇයගේ කුලී කාමරයට යන්නට එන්නටත් අවස්ථාවක් තිබුණොත් රැයක් ගත කර යන්නටත් පුරුදු විය.
දෙනුවන් ඇයට බෙහෙවින් පෙම් කළේය. සෑම මසකම ඔහු ඇයගේ අතට රුපියල් තිස් පන් දහසක් දෙන්නට කටයුතු කළේ රුපියල් දස දහසක් ඇයගේ වියදමටත් ඉතිරිය කාමර කුලිය ගෙවන්නටත්ය.
මේ දෙදෙනා අතර සම්බන්ධයක් පවතින බව දැනගත් නමුත් ලක්මාල් ඊට හරස් කැපුවේ නැත. ඒ දෙනුවන්ගෙන් මුදල් ලැබෙන නිසාත් එබැවින් තමාට හම්බ කරන මුදල් ඉතිරි කර ගත හැකි වන නිසාත් නඳුනි යනු තමන් ලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවල මිස බිරිය නොවන නිසාත්ය.
මේ පෙම් වලහිලව් නඳුනිගේ මවත් දැන සිටියාය. ඇය ද ඊට ආධාර අනුබල දුන්නාය.
දෙනුවන් සමඟ පවතින සම්බන්ධය ගැන ලක්මාල්ට ගැටලුවක් නැති නමුත් ලක්මාල් සමඟ නඳුනිගේ සම්බන්ධයක් ඇති බව ආරංචි වූ දෙනුවන් ඒ ගැන විමසන්නේ ඇයගේ මවගෙනි. cats eye news
ඊට හේතුව දෙනුවන්,මේ සම්බන්ධය පවත්වාගෙන ගියේ මවගේ අවසරය ඇතිව වීමත් නඳුනිගේ නිවෙසට යන්නේ එන්නේ ද මවගෙන් විමසා වීමත් නිසාය. එසේ විමසන විට මව නිතරම කියන්නේ දියණියගේ කාමරයට නිතර යෑම සුදුසු නැති බවයි. එබැවින් ඔහු මවගෙන් නොවිමසා නඳුනි හමුවීමට ගියේ නැත.
ලක්මාල් සමඟ එක නිවෙසේ ජීවත් වන බැව දැන සිටින නමුත් දෙනුවන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස මව කියා සිටියේ හිතවත් මිතුරු කමක් මිස ඉන් එහාට ගිය සම්බන්ධයක් ඒ දෙදෙනා අතර නැති බවයි.
කාලය ගෙවී ගියේය. පසුගිය සිකුරාදා මව ,නඳුනි හමුවීමට කුලී නිවෙසට ගිය නමුත් දොර වසා තිබිණි. උඩ කොරිඩෝවේ ඇඳුම් වනා තිබෙනු දුටු බැවින් මව ආපසු යන්නේ ඇය ගමනක් යන්නට ඇතැයි සිතාගෙනය.
සෙනසුරාදා ද මව නඳුනිගේ නිවෙසට පැමිණියාය. එදිනත් පෙර පරිදිම දොර වසා තිබිණි. දුරකතන ඇමතුම් වලට ද ප්‍රතිචාරයක් නැත.
ඇයගේ මේ හදිසි අතුරුදන් වීම ගැන දෙනුවන් සිටියේ හිත් අමාරුවෙනි. ඔහු පසුගිය ඉරිදා නඳුනිගේ කාමරයට යන්නේ මවත් සමඟය. එවිට කාමරය ඇතුලෙන් කුණු ගඳක් වහනය වනු දැණිනි. නිල මැස්සන් පියාඹනු දකින දෙනුවන් දොරේ ඉබ්බ කඩා මව සමඟ ඇතුල් වන්නට යද්දී දකින්නේ කුමක් ද?
කාමරයේ බිම මෙට්ටයක් මත කුණුවෙමින් නිල මැස්සන් වසමින් ගඳ ගසන නඳුනිගේ සිරුරයි. ඒ අසල පිහියක් ද වැටී තිබිණි. කාමරයේ සුනඛ මව් පියන් සමඟ පැටව් පස් දෙනා ද වූහ. වහා 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන්නේ දෙනුවන් විසිනි.
ඇය පදිංචි ලිපිනයට අනුව ගොරකාන අයිති වන්නේ පානදුර උතුර පොලිස් වසමටය. 119 අංශයෙන් කළ දැනුම් දීමට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සරත්චන්ද්‍ර වහා කණ්ඩායමක් සමඟ ගොස් පරීක්ෂණ ආරම්භ කළේය.
ඇයගේ ගෙළ කපා ඇති බව නිරීක්ෂණය විය. ඊට අමතරව අතක් ද කැපී ගොස් තිබිණි. මේ සඳහා යොදා ගත් බවට සැක කෙරෙන පිහිය ද ඒ අසල විය.
කාමරය පරීක්ෂා කිරීමේ දී ලක්මාල්ගේ ඇඳුම් පැලඳුම් පමණක් නොව ජංගම දුරකතනය පවා තිබී හමුවිය.
ඒ අනුව ඔහු ඇය ඝාතනය කර පලා ගොස් ඇති බව සනාථ විය. ඔහු සොයා මෙහෙයුම් දියත් කළ අතර දෙවැනි පෙම්වතා අද (08) සවස පොලිසියට පමිණ ප්‍රකාශයක් ලබා දී තිබිණි. ඔහු පැවසුවේ නඳුනි තමන් රවට්ටා බැංකු ගිණුමේ තිබුණ රුපියල් ලක්ෂ අටකට පමණ විද්ද බවයි.
කෙසේ වෙතත් මේ තරුණයා නඳුනිගේ ආදර සුරතල් දරු පවුලම තමන් ජීවත් වන බෝඩිමට රැගෙන ගෙස් තිබිණි. පලා ගිය සැකකාර ලක්මාල් සොයා පොලිසිය මෙහෙයුම් දියත් කර ඇත.
Cats eye news
https://www.facebook.com/share/p/1HH3M4FmcK/