ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කින් ඉහළට💥🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,748
    48,266
    113
    :lol:

    Village People Dancing GIF by de chinezen

    මැදපෙරදිග නැවතත් උද්ගත ව ඇති තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 7.29කින් හෙවත් 9.59%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 83.30ක් ලෙස සටහන් ව ඇත.

    එමෙන්ම WTI බොරතෙල් මිල ඩොලර් 6.73කින් හෙවත් 9.42%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 78.14ක් ලෙස සටහන්ව තිබේ.

    බ්‍රෙන්ට් බොරතෙල් මිලෙහි මෙම වැඩිවීම මිල අප්‍රේල් 2 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම එක්දින වර්ධනය සහ ජූනි 12 වැනිදායින් පසු සටහන් වූ ඉහළම මිල ද වන බව වාර්තා වේ.

    මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීමට අමෙරිකාවට මැදිහත් වීමට ඉඩ නොදෙන බවත්, අවසරයකින් තොරව ඒ හරහා යාත්‍රා කිරීමට එක්සත් ජනපදය දරන ඕනෑම උත්සාහයකට තමන් ප්‍රතිචාර දක්වන බවත් ඉරානය සඳහන් කර සිටී.

    කෙසේවෙතත් හෝමූස් සමුද්‍ර සන්ධිය සඳහා ගාස්තු අය කිරීමට තමන් විරුද්ධ වන බව පවසමින් එක්සත් ජාතීන්ගේ නාවික නියෝජිතායතනය ට්‍රම්ප්ගේ යෝජනාවට එරෙහිව අදහස් දක්වා ඇති අතර මෙලෙස අනිවාර්ය බදු හඳුන්වා දීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව ද අවධාරණය කළේය.

    පෙබරවාරි අගභාගයේදී ගැටුම ආරම්භ වීමට පෙර, ගෝලීය දෛනික තෙල් සහ ස්වාභාවික වායු (LNG) සැපයුමෙන් පහෙන් එකක් පමණ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරුණි.

    ජූනි මාසයේදී එකඟ වූ සටන් විරාමය අතරතුර නෞකා ගමනාගමනය නැවත වැඩිවීමට පටන් ගෙන තිබූ නමුත් මෙම නොසන්සුන්තා වර්ධනය වීමත් සමඟ එය නැවත මන්දගාමී වී තිබේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,360
    20,999
    113
    හස්තිශෛලපුර

    USA lagadima kanawa isma yanna unge rata atulenma.. Israel karayo gema dila Iran unta dai blame eka..
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,748
    48,266
    113
    USA lagadima kanawa isma yanna unge rata atulenma.. Israel karayo gema dila Iran unta dai blame eka..

    USA ඉන්න උන්ට අවුලක් නෑනේ මේ යුද්ධේ.උන්ට මංකොල්ල කන්න වෙනිසියුලාවේ තෙල් හරි තියෙනවා...ලංකාවේ සමහර ගොබ්බයොත් ට්‍රම්ප් නාකියට කඩේ යනව තෙල් ගිණි ගණන් වලට අරන්..ඒක තමයි නියම විහිළුව..🤣
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,099
    4,557
    113
    අර ගනන් අඩු වුන කාලේ ගෙනාපු තෙල් එහෙම නැතුව ඇති ලංකාවේ මං හිතන්නෙ :lol:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,749
    17,079
    113
    35
    Spain
    ලෝක වෙළෙඳපොළේ මිල අපිට වැඩක් නැහැ. මෙහෙ මිළ හදන්නේ ලප කොටා ඌට හිතෙන විදියට. මිනිස්සු බණිනවා නම් ටිකක් අඩු කරනවා. මිනිස්සු සද්ද නැතිව ඉන්නවා නම් නහුතෙට වැඩි කරනවා. අන්න එක තමයි උන්ගේ සූත්රේ.