🎼 "ඇන්තනී හොප්කින්ස්ගේ" මියුරු සංගීත නිර්මාණ එකතුවෙන් හැඩගැන්වුණු "Life Is a Dream" සංගීත ඇල්බමය 🎶

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,931
    152,829
    113
    චිත්‍රපටි බලන කෙනෙක් නම් සර් ඇන්තනී හොප්කින්ස් ගැන අනිවා දන්නවා ඇතිනෙ.

    l-intro-1683821230.jpg
    rs_1024x759-210120120659-1024-The_Silence_Of_The_Lambs_Anthony_Hopkins_Jodie_Foster1991-gj.jpg



    දශක ගණනාවක් තිස්සේ ප්‍රසිද්ධ සිනමා නිර්මාණ ගණනාවකින් තමන්ගෙ රංගන ප්‍රතිභාව පෙන්නපු ඔස්කාර් සම්මානලාභී මේ ප්‍රවීණ රංගධරයා, රංගනයට අමතරව සංගීතඥයෙක් විදිහටත් තමන්ගෙ කුසලතාව පෙන්නපු කෙනෙක් බව සමහරවිට වැඩි දෙනෙක් දන්නෙ නැතුව ඇති. "සර්. ඇන්තනී හොප්කින්ස්ගෙ" දශක ගණනාවක් සපිරෙන සංගීත දිවිය ඇතුළෙ නිර්මාණය කරපු සම්භාව්‍ය සංගීතය නිර්මාණ ඇතුළත් වාණිජ වශයෙන් නිර්මාණය කරපු සංගීත ඇල්බම් එකක් (Commercial Music Album) ලබන මාසයෙදි පළමු වතාවට එළි දක්වනවා කියලා මීට දවස් කීපෙකට කලින් නිල වශයෙන් නිවේදනය කළා. "Life Is A Dream" කියන නමින් හදුන්වපු ඇන්තනී හොප්කින්ස්ගෙ මේ සංගීත ඇල්බම් එකේ තියෙන සංගීත නිර්මාණ, දකුණුදිග වේල්සයට (South Wales) අයිති 'Margam' කියන නගරයේ ඔහු ගෙවපු ළමා කාලය ඇසුරු කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. "සර්. ඇන්තනී හොප්කින්ස්ට" දැන් වයස අවුරුදු 88 ක් වෙනවා.





    ඇල්බම් එකේ ඇතුළත් වුණු සංගීත නිර්මාණ

    1. Fanfare and March
    2. Farewell My Love
    3. And The Waltz Goes On
    4. My Fatherland
    5. Margam
    6. 1947 Suite - I. Circus
    7. 1947 Suite - II. Bracken Road
    8. 1947 Suite - III. The Plaza
    9. Stella Aria
    10. Taa
    11. Two Pieces for Orchestra - I. Samsara

    12. Two Pieces for Orchestra - II. The Eagle


    2-anthonyhopkins-credit-charlie-gray.jpg


    "And The Waltz Goes On" කියන මේ 'symphony' එකත් සර්. ඇන්තනී හොප්කින්ස් විසින්මයි නිර්මාණය (composed) කරලා තියෙන්නෙ.