
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ.
මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරක් මේ දක්වා ලැබී නොමැති අතර ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම භාරගැනීම හෝ නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් කර නොමැති බවද ඒ මහතා අද දෙරණ කළ විමසීමක දී පැවසීය.
- https://sinhala.adaderana.lk/news/228621