සී.ඩී. යලි කැදවයි..? දේශබන්දුට උඩින් ලොකු තනතුරක්..?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නව තනතුරක් ලබා දීමේ සුදානමක් ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ඇති කොට ඒ සඳහා වික්‍රමරත්න මහතා පත් කිරීම දැනට සාකච්ඡා වෙමින් ඇත.

    සිවිල් තනතුරක් ලෙස පත් සිදුකරන මෙම නව තනතුරට පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරීම පැවරෙනු ඇත.

    මේ අතර හිටපු පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කිරීමටද යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවද වාර්තා වෙයි.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,272
    21,868
    113
    වේස බන්දුවාට ඔච්චර බයද මුන්? 🤭
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මොනෞත්තක්ද මේ.

    ඇයි දේශපාලන පත්වීම් දෙන්න ඕන?
    මේවා ස්වාධීන ආයතන කරන්න බැරි ද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බන්දුවට රනිල් ආස නෑ වගේ. වෙන ජේශ්ඨ උන් ඇත්තෙත් නෑ වගේ කඩේ යන 🤔
    මොනෞත්තක්ද මේ.

    ඇයි දේශපාලන පත්වීම් දෙන්න ඕන?
    මේවා ස්වාධීන ආයතන කරන්න බැරි ද?
    wesabandu awe madamulanin. eka nisa thamai ranil apahu CD danne ita udin


    mama kiuwe

    මහින්ද රාජපක්ෂලාට යලිත් බලයට එන්න අවශ්‍ය විදිහට නව වැඩ බලන පොලිස්පති පත් කල බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා පැවසිය.

    චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ (03) දින හැටන් පෞද්ගලික හෝටලයකදි පැවති මාධ්‍ය හමුවකදිය.

    මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ

    රාජපක්ෂලා ආයේ ආණ්ඩු කරන්න සුදානම් වෙමින් ඉන්නවා , හොද උදාහරණයක් තමයි රටේ ජනතාවට උහුලා ගන්නා බැරුව පාරට බැහැලා අරගල කරනකොට පුත්තලම පැත්තේ ඉස්සෝකොටු කාරයගේ කරේ අත දාගෙන ආපු දුෂ්ඨ බන්දු කාරයව වැඩ බලන පොලිස්පති විදිහට පත් කලා රනිල් වික්‍රමසිංහ.

    රාජපක්ෂලාට ඕනි කරනවා දැන් රාජපක්ෂලාගේ සපත්තු ලෙව කන , මැරයෙක් , කාකි යුනිෆෝම් කාරයෙක්. අන්නට ඒකට තමයි දුෂ්ඨ බන්දු පත් කරන්නේ ඒකට.

    දුෂ්ඨ බන්දුට ව්‍යවස්ථාදායකයේ අත ඉස්සුවේ කවුද? රාජපක්ෂ නඩය , මුන් තමයි මේ රට විනාශ කරලා බංකොලොත් කලේ.

    දුෂ්ඨ බන්දු කියන්නේ චෝදනාවලට පැහැදිලිවම ලක් වුණ පුද්ගලයෙක් , පාස්කු ප්‍රහාරයටත් චෝදනා ලැබ සිටින පුද්ගලයෙක්.

    අපිට ආයෙත් මයිනාස් , කපුටාස් , පොඩි මායිනාස් යුගය පෙන්න තියෙනවා. යනුවෙන් පැවසිය.
     
    Last edited: