ඉතිහාසයේ ලොකුම හොරා අනුරද? බාල ගල් අඟුරු නිසා නොලැබුන විදුලිය උපදවන්න මාස 4 කට රුපියල් බිලියන 4.5 ක් වැය වෙලා
මාලිමා රජයට ඉතාමත් හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන සිරස ප්‍රවුර්තිය බලන්න. මේ පසුගිය වරසේ පෙබරවාරි සිට මේ දක්වාම අනතුරු ඇගවූ ඩිසල් සහ ගල් අගුරු මාෆියාව පිළිබද සත්‍ය මාලිමා රජයේ පාර්ශව විසින්ම පිළිගෙන ඇති ආකාරය නොවේද. අප දිගින් දිගටම ප්‍රකාශ කලේ සුර්ය බලය ඇතුළු පුනර්ජනනීය බලශක්තිය ඇකිලීමේ ප්‍රතිපත්තිය ගල් අගුරු ඩිසල් බලශක්තියට මග සකස් කිරීමට බවට. අප තවදුරටත් පෙන්වා දුන්නේ බාල ගල් අගුරු ආනයනය නිසා පවා සිදුවන්නේ වැඩි වැඩියෙන් ඩිසල් බලය මිලදී ගැනීම බවයි. අද රටේ ජනතාවට දැරිය නොහැකි ජීවන වියදමක් උරුම වීමට බලපෑ ප්‍රධානතම කාරණයක් ලෙස මේ ගල් අගුරු දුෂණය හදුනා ගත හැක. නමුත් රජයට වගේ වගක් නැත. වගකිව යුතු අමාත්‍යවරයා තවමත් නිදැල්ලේ ජීවත් වේ.
සියලු තීරණ වලට නායකත්වය දුන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කිසිත් නොදත් අහිංසකයෙකු සේ කටයුතු කරයි. බලශක්ති දුෂණ පිලිබදව අල්ලස් කොමිසමට මා ඉදිරිපත් කරන ලද පැමිණිලි 6කට පමණ සිදු වූ දෙයක්ද නැත. ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි විභාගය නම් ලබන 22 සතියේ සිදුවනු ඇත. නමුත් බිලියන සියගණනක් රටට අහිමි කල මේ මහා මංකොල්ලයේ මහමොලකරුවන් සුවසේ තවමත් දේශපාලන වේදිකාවේ වැජබෙති.
සංඛ චන්දිම අභයවර්ධන
Last edited: