පුද්ගලයන්ට තමන්ගේ ලිංගිකත්වය
වෙනස් කර ගැනීමට ලබා දී ඇති අයිතිය
අහෝසි කරන ලෙස ඉල්ලූ පෙත්සම
ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කරයි...!
මෙරට ජීවත් වන පුද්ගලයන්ට, සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමේ අයිතිය ලබා දෙමින් සෞඛ්‍ය අමාතශ්‍යංශය මගින් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.
එම අයිතිය හිමිවන්නේ පිළිගත් මනෝ වෛද්‍ය නිර්දේශයකින් අනතුරුව වන අතර, අදාල පුද්ගලයා සිය ලිංගිකත්වය වෙනස් කිරීම සදහා සූදානම් වන්නේ නම්, ඊට අදාල වෛද්‍ය පරීක්ෂණ රැසකටද මුහුණ දිය යුතුය.
මෙසේ පුද්ගලයන්ට සිය ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය බල රහිත කරන ලෙස ඉල්ලමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිළධාරියෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුනි.
අදාල පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දිනයේ දී තීන්දු කළේ ය.
Last edited:
