උඩපලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නොසන්සුන් !

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,270
    3,016
    113
    නිලධාරීන් බියවද්දමින් රතිඤ්ඤා පත්තු කරලා
    කාලයක් තිස්සෙ ගම්පොල සහ අම්බුළුවාව අවට දූෂණ වංචාවලට එරෙහිව සටන් වැදුණු උඩපලාත ප්‍රාදේශීය ලේකම්වරියට අමතරව එහි සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ද අද ස්ථාන මාරු කිරීමෙන් පසු කිසියම් පිරිසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ රතිඤ්ඤාා පත්තු කර තිබේ.
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ දූෂණයට එරෙහි වූ සෙසු නිලධාරීන්ද බියවැද්දවීම සඳහා මෙලෙස පිටින් පැමිණි පිරිසක් රතිඤ්ඤාා පත්තු කර පිටව ගිය බවයි.
    විමර්ශනයකට බව කියමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් පැමිණි කණ්ඩායම නිලධාරීන්ට බලපෑම් කර පිටව ගොස් සුළු වේලාවකට පසු මෙලෙස රතිඤ්ඤා පත්තු කිරීම ද විශේෂත්වයකි.
    පසුගිය 06 වැනිදා උඩපලාත ප්‍රාදේශීය ලේකම්වරිය ද ස්ථාන මාරු කළ අතර ඉන් අනතුරුව කාර්යාලයට පැමිණි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ප්‍රධාන විගණක ඇතුළු පිරිස අනතුරු අඟවා තිබුනේ සහකාර ප්‍රාදේශීය ලේකම් ඇතුළු තවත් පිරිසක් ස්ථාන මාරු කරන බවයි. ඔවුන් කී ආකාරයටම මේ වන විට එම කාර්යාලයේ කීප දෙනෙක් ස්ථාන මාරු කර ඇති අතර තවත් පිරිසකට අදාල පිරිස තර්ජනය කර තිබේ.