නීතිවිරෝධී අන්තර්ජාල සූදූ වෙබ් අඩවි 24ක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් !

hitter

Well-known member
  • Dec 4, 2016
    4,419
    6,562
    113
    බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළ පිවිසීම (Access) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඊයේ (04) පියවර ගෙන තිබෙනවා.
    ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ඊයේ (04) දින මෙම පියවර ගෙන තිබුණේ, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය (Gambling Regulatory Authority) විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම්දීමකට අනුවයි.

    සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍ර ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්‍රකාරව වරදක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක් බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

    ඒ අනුව, අදාල නීතිවිරෝධී වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි එම කොමිසම පවසනවා.

    ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි:

    1. 1xbet(dot)com
    2. betway(dot)com/en-lk
    3. 22bet(dot)com
    4. melbet(dot)com
    5. unibet(dot)com
    6. betfair(dot)com
    7. dafabet(dot)com
    8. bet365(dot)com
    9. 1win(dot)com
    10. spinbetter(dot)com
    11. 10cric(dot)com
    12. bc(dot)game
    13. megapari(dot)com
    14. pin-up(dot)bet
    15. stake(dot)com
    16. mostbet(dot)com
    17. parimatch(dot)com
    18. betwinner(dot)com
    19. linebet(dot)com
    20. 4rabet(dot)com
    21. rajabets(dot)com
    22. dbbet(dot)com
    23. coldbet(dot)com
    24. WinWin(dot)
     
    • Like
    Reactions: netnet

    shenat

    Well-known member
  • May 13, 2007
    58,991
    87,586
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044