යෝජිත දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නැයි ට්‍රාන්ස්පේරන්සි ආයතනය රජයට කියයි

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,325
    3,662
    113
    colombo
    වත්කම් සහ බැරකම් ප්‍රකාශන වෙත මහජනතාවට ඇති ප්‍රවේශය සීමා කෙරෙන යෝජිත දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය රජයෙන් ඉල්ලා සිටිනවා.

    2026 ජූලි 24 වන දින ගැසට් පත්‍රයේ පළ කරන ලද අදාළ සංශෝධන මගින් පනතින් ලබාදී ඇති තොරතුරු මහජනයා විසින් භාවිත කිරීම අපරාධයක් බවට පත්කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ.

    මේ මගින් ජනමාධ්‍යවේදීන්ට, සිවිල් සමාජයට සහ පුරවැසියන්ට, රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් නිරීක්ෂණය කිරීමට සහ වගවීම තහවුරු කිරීමට ඇති හැකියාව දැඩි ලෙස අහෝසි වී යන බවද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ආයතනය පෙන්වා දෙනවා.

    එමෙන්ම, ප්‍රකාශකයා සමග ජීවත්වන තැනැත්තන්ගේ වත්කම් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීම මගින්, වත්කම් සැඟවීමට ඉඩකඩ සැලසෙන බව ද අදාල නිවේදනයේ සඳහන්.

    එබැවින්, වත්කම් ප්‍රකාශන භාවිතයට, පැනවීමට යෝජිත සීමා ඉවත් කර තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය සිය නිවේදනය මගින් රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

    මේ පනත් වල වයවතානුකුලබාවය. විමසන්නේ. ශේස්ථාදිකනරයේ .


    දැන් තේරෙනවා නේ අල්ලස් දීලා. (උත්සාහ කරලා) සමහරුනව තියා ගන්න යන්නේ ඇයි කියලා. ?

    නඩු ඉක්මන් කරන්න නෙමේ. 😂😂 ආන්ඩුවේ දූෂණය වංචාව එක්ක බලය රැක ගන්න තියෙන පනත් වෙනස් කරගන්න ,


    ජෙප්පෝ හිතන් ඉන්නේ මුන් සාදාකල් බලයේ ඉන්නවා කියලා.

    ------ Post added on Aug 7, 2026 at 8:21 AM
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,537
    2,668
    113
    2026 ජූලි 24 වන දින ගැසට් පත්‍රයේ පළ කරන ලද අදාළ සංශෝධන මගින් පනතින් ලබාදී ඇති තොරතුරු මහජනයා විසින් භාවිත කිරීම අපරාධයක් බවට පත්කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ

    Not clear..
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,532
    3,036
    113
    මේවා යටගහන්න ද දන්නේ නෑ දිනපතා හිරගෙවල් අවුස්සනවා...
     

    Similar threads