අතීතයට ගල් ගහන්න ගිය මාලිමා JVP හොරුන්ගේ ආණ්ඩුවේ ගල් අඟුරු වීදුරු මාලිගය කුඩුපට්ටම් වෙයි!

monson

Well-known member
  • May 7, 2007
    25,537
    28,377
    113
    ඉතාම දූෂිත ලෙස Trident Champer නමැති ජාවාරම්කාර සමාගමට රටේ බලශක්තියේ ප්‍රධානම අංගය වන ගල් අඟුරු සැපයුම ලබා දුන් මේ ආණ්ඩුව, බාල ගල් අඟුරු නැව් පිටින් ගොඩබාන විට අප විසින් නැගූ විරෝධතාවලට පිළිතුරු දුන්නේ අතීතයේ සිට සිදු වූ ගල් අඟුරු ප්‍රසම්පාදනය ගැන සොයාබැලීමට කොමිසමක් පත් කරමිනි.

    නමුත් මේ වන විට Bureau Veritas International Trade Australia Pty Ltd ආයතනය මගින් සිදු කළ Umpire Sample පරීක්ෂාව මගින්, මෙම රජය යටතේ ශ්‍රී ලංකාවට ආනයනය කළ සියලුම ගල් අඟුරු නැව්වල අඩංගු වූයේ තත්වයෙන් බාල ගල් අඟුරු පමණක් නොව, අතිශයින්ම බාල ගුණාත්මකභාවයෙන් යුත් ගල් අඟුරු බව විද්‍යාත්මකව සනාථ වී හමාරය. ඒ සමගම ආණ්ඩුව විසින් මෙතෙක් කල් සඟවන්නට උත්සාහ කළ මහා ගල් අඟුරු වංචාව සාක්ෂි සහිතව තහවුරු වී ඇත.

    තවද, GCV අගය 5900ට වැඩි ගල් අඟුරු සැපයීම සඳහා ගිවිසුම්ගත වී, GCV අගය 5900 වන ගල් අඟුරුවලට අදාළ මුදල් ලබාගනිමින්, GCV අගය 4800ටත් අඩු අතිශයින්ම බාල ගල් අඟුරු සැපයීම මගින් Trident Champer සමාගම වංචනික ලෙස ඉපයූ මුදල, රජය විසින් අය කරගත්තා යැයි කියන දඩ මුදල මෙන් කීප ගුණයකටත් වඩා වැඩිය.
    මේ කරුණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් ද කළේය.



    පච කොටාගේ ඔක්කොම බාල උනාට 2020-2025 GCV exceeded the required standard of 6,150 kcal/kg in 72% of shipments, 28% remained above rejection threshold!
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,377
    113
    Heta anidda rajya mudal awabhawithawata hire yanna inna minissunge post ussan awilla meka daanna epa.

    ඇයි බාල ගල් අඟුරු වලින් දැනට රු .බිලියන 8.536 රටට පාඩු කරපු අනුරව ලඟදි හිරේ දානවද ? :lol: 🤌


    මුළු පාපිසි 159යි පච අනුරයි ජීවිතාන්තෙටම හිරේ යයි වගේ :lol: 🤌



     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,842
    13,185
    113
    35
    Spain
    Heta anidda rajya mudal awabhawithawata hire yanna inna minissunge post ussan awilla meka daanna epa.
    ෆේස්බුක් පොස්ට් එකෙත් ඉන්නවා සෑහෙන ඩොබි ටිකක්, ඉතින් ඔය වංචාව ගැන නිසි පරීක්‍ෂණයක් කරන්න කොටයි, කොටාගේ අල්ලස් කොමිසමේ බඩියයි යනකම් ඉන්න ඕන.
     
    • Like
    Reactions: CohenLenstra

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,926
    113
    මං දැක්ක අදත් එකෙක් මේකෙ කමෙන්ට් කරල තිබුන.... මොනව උනත් අනුරයි මාලිමාවයි හොරකන් කරන්නෙ නං නැ කියල...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    චම්පිකත් අතීතයට ගල් ගැහුවා මතකයි, දැන් තමන් ගල් ගැහුවෙ නෑ වගේ ඉන්නවා.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,361
    4,790
    113
    බැල්ලිගෙ පුතාල පාර්ලිමේන්තු මන්ත්‍රිලගේ වත්කම් ප්‍රකෂත් පබ්ලික් දාන්න බැරි වෙන්න ගැසට් එකක් ගහන්න යන්නේ.
     
    • Like
    Reactions: Hapuwa

    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,377
    113

    නොරොච්චෝලෙට ගෙනා ගල්අඟරු නැව් 19යම බාලයි!


    ආණ්ඩුව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට පසුගිය කාලයේ නෞකා 19කින් ගෙන්වූ ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර බව ජාත්‍යන්තර තත්ත්ව පරීක්ෂණයකින් හෙළිවී ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

    ඒ, යටිතල පහසුකම් හා උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ අධීක්ෂණ කාරක සභාවේ සභාපති මන්ත්‍රි එස්.එම්. මරික්කාර් පරික්ෂණ වාර්තා ද ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී කළ කතාවකිනි.

    ඔස්ට්‍රේලියාවේ බියුරෝ වෙරිටාස් ඉන්ටර්නැෂනල් සමාගම ගල්අඟුරු නැව් සම්බන්ධයෙන් තෙවන පාර්ශ්වයේ පරීක්ෂණයක් කර ඇති අතර ලංකාවට ගෙන්වූ ගල්අඟුරු නැව් දහනවයම බාල ඒවා බ‍ව එමගින් අනාවරණය වී ඇති බව මන්ත්‍රිවරයා පැවැසීය.

    පළමු නැවෙහි ප්‍රමිති අගය 5420, දෙවැනි නැව 5607, තුන්වැනි නැව 4901, සිව්වැනි නැව 5398, පස්වැනි නැව 5503, හයවැනි නැව 5011, හත්වැනි නැව 4762, අටවැනි නැව 4776, නවවැනි නැව 4929, දසවැනි නැව 4959, එකොළොස්වැනි නැව 4831, දොළොස්වැනි නැව 4858, දහතුන් වැනි නැව 4959, දාහතරවැනි නැව 4897, පහළොස් වැනි නැව 5822, දහසයවැනි නැව 4871, දාහත්වැනි නැව 5789, දහඅට වැනි නැව 5340 සහ දහනව වැනි නැව 4943ක් බව මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේය.

    බාල ගල්අඟුරු ගෙන්වීම හේතුවෙන් ජනවාරි පළමුවැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා රටේ විදුලි අවශ්‍යතාව වන මෙගා වොට් තුන්සීය නිෂ්පාදනය කළ නොහැකි වීමෙන් විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට රුපියල් මිලියන අටදහස් පන්සීය තිස්හයක් අමතරව වියදම් කර ඇති බවට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා වාර්තාවකින් අනාවරණය වී ඇති බවද හෙතෙම පැවැසීය.

    මෙරටට ගෙන්වා ඇති බාල ගල්අඟුරු සැප්තැම්බර් මස 12 වැනිදා දක්වා භාවිත කිරීමට වනු ඇතැයි ද මේ හේතුවෙන් පාඩුව රුපියල් මිලියන දසදහසක් පමණ වනු ඇතැයි හෙතෙම පැවැසීය. යන්ත්‍ර සූත්‍රවලට වී ඇති හානිය ද සමගින් පාඩුව තවත් වැඩි විය හැකි බවද මන්ත්‍රිවරයා පැවැසීය.

    - https://sinhala.srilankamirror.com/news/නොරොච්චෝලෙට-ගෙනා-ගල්අඟරු/
     

    Similar threads