දුරකථන අංකය වෙනස් නොකර ජාලය මාරු කිරීමේ පහසුකම සැප්තැම්බර් මාසයේ සිට 🔴🔴🔴

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,033
    566
    113
    Siri Baijan
    එතකොට **21*අම්මගෙ නොම්මරේ # මේ කෝඩ් එක වැඩක් නැතිවෙනවා. කෝල් එස් එම් එස් ඩයිවර්ට් කරන්න ඕනෙ නැති වෙනවා.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    aulak nane ban porting ne karanne so ;)
    Oka lesi nee harinam aluthma code akak introduced karala porting unanam wede lassanai.code aka independent unanam,
    oka porting wenakota aul jalayak wei mama hitanne ,reload danna yanakota wayasaka minissu ananmanam,sim access tawa services

    mamath ohoma use karanna haduwa, web logins, emails walata log wenna giyapuwama koi mobile number ekatada otp enne kiyala mathaka maha, last 4 digits ne penwanne
    Only 3 attempts neah aulak nee ,godak welawata ekak e weda walata gattama hari
    ------ Post added on Aug 8, 2026 at 6:20 AM
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,391
    4,619
    113
    හා හා කලබල වෙන්න එපා!!! කලබල වෙන්න එපා!!

    පාර්ලිමේන්තුවේදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මාධ්‍යවල පළ වූ වාර්තා නිවැරදි කරමින් රජය නිවේදනය කළේ ජංගම දුරකථන අංක වෙනස් නොකර සේවා දායකයන් මාරු කිරීමේ (Mobile Number Portability - MNP) සේවාව එළඹෙන සැප්තැම්බර් මාසයේදී නිල වශයෙන් ආරම්භ නොවන බවයි.
    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), අමාත්‍යාංශය සහ විදුලි සංදේශ ක්‍රියාකරුවන් අතර පවතින ගැටලු විසඳා ගැනීම සඳහා සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇති අතර, සැප්තැම්බර් මස අවසානය දක්වා කාලය ලබා දී ඇත්තේ අදාළ පාර්ශ්වයන්ට එකඟතාවකට පැමිණීම සඳහා පමණක් බව රජය අවධාරී කර සිටියි.
    එම කාල සීමාව තුළ ක්‍රියාකරුවන් එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන යටතේ නියාමන විධානයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත. කෙසේ වෙතත්, පාරිභෝගික අයිතිවාසිකම් සුරකිමින් හැකි ඉක්මනින් මෙම පහසුකම හඳුන්වා දීමට රජය කැපවී සිටින අතර, එහි නිල ආරම්භක දිනය ඉදිරියේදී නිවේදනය කරන බව දන්වා සිටී.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,677
    8,407

    ගොඩක්ම බය මොබිටෙල් පොන්නයෝ,