'IT රැකියා කප්පාදුවේ කම්පනය මා රෝහලක ඇඳක් මතට ඇද දැමූ හැටි' 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,159
    8,284
    113
    Full article

    https://www.bbc.com/sinhala/articles/cgmkeee77mzo

    රෙහාන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරතුර ගත් ඡායාරූපයක්



    රෙහාන් මීට මාස කිහිපයකට පෙර ලොව ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ සමාගමක රැකියාවක නිරත වූ තරුණයෙකි.

    ඔහු ආකර්ෂණීය මාසික වැටුපකට ද හිමිකම් කීවේ ය. ක්ෂේත්‍රයේ සිටින තම සගයින් මෙන් ඔහුට ද මූල්‍යමය වශයෙන් යහපත් ජීවන රටාවක ප්‍රතිඵල භුක්ති විඳීමට හැකියාව තිබිණි.


    නමුත් තම වෘත්තීය ජීවිතයේ උන්නතිය වෙනුවෙන් වෙනසක් අපේක්ෂාවෙන් ගත් තීරණයක් දැන් ඔහුගේ ජීවිතය උඩුයටිකුරු කර තිබේ.

    "දැනට ඉතුරු කරලා තියෙන සල්ලිවලින් ත්‍රීවීල් එකක් අරන් Uber හරි PickMe හරි දුවන්න තමයි හිතන් ඉන්නේ," රෙහාන් බීබීසී සිංහල සමග පැවසීය.

    මෙය වර්තමානයේ රෙහාන් පමණක් මුහුණ දෙන "අවාසනාවන්ත අත්දැකීමක් නොව, ගෝලීය වශයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවේ නිරත බොහෝ වෘත්තිකයින් මුහුණ දෙන තත්ත්වයකි.


    අනපේක්ෂිත රැස්වීම​


    මීට මාස කිහිපයකට පෙර රෙහාන් තම රැකියා ස්ථානය වෙනස් කිරීමට තීරණය කළේ, එහි වූ "ඒකාකාරී බව" නිසා ය. වෙනසක් අපේක්ෂා කළ ඔහු සිය ක්ෂේත්‍රය තුළ ම වෙනත් රැකියා අවස්ථා සොයමින් සිටියේ ය.

    නමුත් ඔහුට මෙම තීරණය ගැනීම පහසු දෙයක් නොවිණි. තමන් "මෙතරම් හොඳ රැකියා ස්ථානයකට සමුදීමට තීරණය කළේ ඇයි?" ද යන්න ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කළහ.

    කෙසේ හෝ තම උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට මෙරට ප්‍රධාන පෙළේ තොරතුරු තාක්ෂණ සමාගමකට සම්බන්ධ වීමට හැකියාව ලැබිණි.

    "හැබැයි මම ඉල්ලපු පඩිය එයාලට දෙන්න බැහැ, ඊට වඩා අඩු පඩියකින් තමයි පටන් ගන්න වෙන්නේ කියලා කිව්වා. ඒකටත් මම ඕකේ වුණා. ඊට පස්සේ මම අර ආයතනයට අස්වීමේ ලියුම දීලා, මේ ආයතනයට සම්බන්ධ වුණා," ඔහු බීබීසී සිංහල සමග පැවසීය.

    ඔහු සාමාන්‍ය පරිදි තම නව රැකියාවේ කටයුතුවල නිරතව සිටි නමුත් දිනක් සේවා කටයුතු නිම වී නිවස බලා යාමට සූදානම් වූ මොහොතේ ඔහුට විශේෂ රැස්වීමක් සඳහා කැඳවීමක් ලැබිණි.

    ඒ වන විට ඔහු නව රැකියාවට සම්බන්ධ වී ගතව තිබුණේ සති දෙකකට ආසන්න කාලයක් පමණි.

    "ඒගොල්ලෝ මෙහෙම තමයි කිව්වේ, 'සභාපති තීරණයක් අරගෙන තියෙනවා ප්‍රෝබේෂන් ඉන්න කට්ටිය ඔක්කො ම අයින් කරන්න," රෙහාන් පැවසීය.

    "ඒක මට ලොකු කම්පනයක් වුණා. මට නීත්‍යනුකූලව මුකුත් කරන්න බැහැ. ඒ අය යන්න කිව්වා ම මට යන්න වෙනවා [ප්‍රෝබේෂන් නිසා]. ඒක සේවා ගිවිසුමෙත් තියෙනවා, පත්වීම් ලිපියවත් ඒ වෙනකම් අත්සන් කරලා තිබ්බේ නැහැ" ඔහු තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම ගැන ආවර්ජනය කළේ ය.


    රැකියා ස්ථානයෙන් රෝහලට​


    රෙහාන් බීබීසී සිංහල සමග පැවසූ පරිදි ඔහුට මෙම කම්පනය දරා ගත නොහැකි වී තිබේ. ඔහුගේ ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය උග්‍ර වී වෙන දා ලබා ගන්නා ඖෂධ ලබා ගත්ත ද තත්ත්වය යහපත් නොවුණු බැවින් ඔහු රෝහලක් වෙත යාමට තීරණය කළේ ය.

    "මට නොදැනි ම ඩයරියා පවා පාස් වෙලා. මට සාමාන්‍යයෙන් ගැස්ට්‍රයිටිස් තියෙනවා. [ඒ තත්ත්වය වැඩි වෙලා] මම ඒ වේලාවේ සාමාන්‍යයෙන් ඒ වෙලාවට බොන බෙහෙත් ටික ගත්තා. ඒක හරි ගියේ නැහැ. ඊට පස්සේ රෝහලට ගියා.

    "එතැනදි කිව්වා බොන බෙහෙත් විතරක් දීලා හොඳ කරන්න බැහැ, රෝහල්ගත වෙන්න වෙනවා කියලා. ඒ අය IV දීලා, පැය 24ක් විතර තියාගෙන ඉඳලා තමයි ඩිස්චාජ් කළේ," රෙහාන් බීබීසී සිංහල සමග පැවසීය.

    බලාපොරොත්තු ගොන්නක් සමග තම වෘත්තීය ජීවිතයේ යහපත් වෙනසක් වෙනුවෙන් ගත් ඔහුගේ තීරණය එලෙස නොසිතු කම්පනයින් අවසන් විය.

    රෙහාන් තම රෝගී තත්ත්වය පිළිබඳව රැකියා ස්ථානයට දැනුම් දුන් අතර, ඒ අනුව ඔහුට ඔහු රැකියාවේ නිරත වූ සති දෙකක කාලයට අදාළ වේතනය වෙනුවට මාසයකට අදාළ වේතනය ගෙවීම සිදු විය.

    තම නව රැකියාව වෙනුවෙන් "විශේෂයෙන් ම" මැසූ ඇඳුම්-ආයිත්තම් දැන් ඔහුගේ ඇඳුම් අල්මාරියට පමණක් සීමා වී තිබේ.
    මෙම සිදුවීමෙන් යම් කාලයකට පසු ඔහු තම අත්දැකීම LinkedInහි අනෙක් සාමාජිකයින් සමග බෙදා ගැනීමට තීරණය කළේ ය.

    "මම ඒක දැම්මේ අනිත් අයටත් තේරුම් ගන්න, ලේ ඕෆ්ස්වල දී, මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ කියලා කියන්න," ඔහු පැවසීය.


    'මිනිස්සුන්ට මිනිස්සු විදිහට සලකන්න'​


    රෙහාන්ට තම රැකියාව අහිමි වී තෙමසකට ආසන්න කාලයක් ගත වී තිබේ. තමන් කලක් තම කාලය සහ ශ්‍රමය කැප කළ කර්මාන්තය තුළ තමන්ට අත්වූ ඉරණම ගැන දැන් ඔහුට අවබෝධයක් පවතියි.

    "එයාලා ඇති කරන හැඟීම තමයි AI නිසා තමයි ලේ ඕෆ්ස් වෙන්නේ කියලා. හැබැයි මම ළඟදිත් LinkedIn එකේ ආටිකල් එකක් දැක්කා, ගොඩක් සමාගම් එයාලගේ ලාභ වැඩි කර ගන්න, දෙන්නෙක් තුන්දෙනෙක් කරපු වැඩ එක්කෙනෙකුට දම්මලා කර ගන්න තමයි මේ උත්සහ කරන්නේ කියලා," ඔහු පැවසීය.

    නමුත් ඔහු සමාගම් වෙත මූල්‍යමය අරමුණුවලට ඔබ්බෙන් ඇති, බොහෝ දෙනෙකුට නොපෙනෙන "මානුෂීය බව" ගැන පණිවිඩයක් ඉදිරිපත් කරයි.

    "සමාගම්වලට මට කියන්න තියෙන්නේ, ඔයාලා ඉන්න සේවකයෝ අයින් කරනවා නම්, තව ගන්න යන්න එපා."

    "එහෙම ලේ ඕෆ් එකක් වෙන්න ඉඩක් තියෙනවා නම්, රැකියා අවස්ථා තියෙනවා කියලා දාලා, බලාපොරොත්තු දීලා ගන්නවා කියන්නේ එතන මානුෂීය බව නැතිවෙලා තියෙනවා. මිනිස්සු කියන්නේ ඕනේ වෙලාවක අයින් කරන්න පුළුවන් නිකම් භාණ්ඩයක් නෙවෙයි, ඒක හරි වැරදියි."
    "මිනිස්සුන්ට මිනිස්සු විදිහට සලකන්න," ඔහු කම්පනසහගත ස්වරයකින් පැවසීය.


    'අපි ගත කරපු ජීවන රටාවත් ඩවුන්ග්‍රේඩ් කරන්න වෙනවා ජීවත් වෙන්න'​


    රෙහාන් දැන් නව බලාපොරොත්තුවක් වෙනුවෙන් කටයුතු කරමින් සිටියි.
    ඔහු ව්‍යාපාරයක් ඇරඹීමේ බලාපොරොත්තුවෙන් පසුවන අතර දැනට ඔහු සතු මුදල්වලින් ත්‍රිරෝද රථයක් ගැනීමේ අපේක්ෂාවෙන් ද පසුවෙයි.

    "පැය 8ක් විතර Uber, PickMe දුවලා බිල් ටික හරි ගෙවාගන්න පුළුවන් ගාණක් හොයාගන්න තමයි දැනට හිතන් ඉන්නේ. අපිට ඒක තමයි දැන් කරන්න වෙලා තියෙන්නේ," ඔහු බීබීසී සිංහල සමග පැවසීය.

    රැකියාව අහිමි වීමත් රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජීවන වියදම ඉහළ යාමත් තමන් මීට පෙර ගත කළ ජීවිතය ගත කිරීමට ඉඩ නොදෙන බව රෙහාන් පවසයි.

    "මම නාගරික මධ්‍යම පන්තියේ කෙනෙක්. ඒත් ලයිට් බිල් ගණන් වැඩි කළා. ඒ දේවල් එක්ක අපි ගත කරපු ජීවන රටාවත් ඩවුන්ග්‍රේඩ් කරන්න වෙනවා ජීවත් වෙන්න."

    "දැන් අපේ ගෙදර AC තිබ්බත්, අපි AC ඕන් කරන්නේ නැහැ, ෆෑන් දාගෙන ඉන්නේ."
    "දැන් ක්ෂේත්‍රයේ තත්ත්වය අනුව, ජොබ් එකක් කියන්නේ ඉස්සර හිතපු සුවපහසු දෙයක් නෙවෙයි. දැන් ජොබ් එකක් අනාරක්ෂිතයි. මගේ අදහස, මම වැරදි වෙන්න පුළුවන්, ජොබ් එකක් කරලා මහත්තයෙක් වගේ ඉන්න සංකල්පයෙන් අයින් වෙලා, අපි අපේ ම ජීවිතය පාලනය කරන්න පටන් ගන්න ඕනේ. ව්‍යාපාරයක් කරලා හරි, ෆ්‍රීලාන්ස් වැඩ කරලා හරි," ඔහු බීබීසීය සමග කළ සංවාදය අවසන් කරමින් සඳහන් කළේ ය.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    කවුද මල්ලි මේ .......


    බෙන්ච් වල ඉදලා layoff 2 ,3 කටවත් අහුවෙලා නත්නම්, මොන IT ජිවිතද බන් ..



    මු ඒ අස්සේ මෙහෙමත් කියනවා
    // "දැන් අපේ ගෙදර AC තිබ්බත්, අපි AC ඕන් කරන්නේ නැහැ, ෆෑන් දාගෙන ඉන්නේ."//
    යකෝ fan එකක් වත් නෑති මිනිස්සු කොච්චර ඉන්නවද ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    ණය - ගෙවල් & වාහන තමයි ලොකුම පසුතැවීම මේ වගේ තත්වෙක දී.
    වාහනේ නම් දෙන්න පුළුවන්.

    ගේ තමන්ට සරිලන budget එකකින් යන්න කියන්නේ ඒකයි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    මෙහෙම වෙනවා වෙන්න බැරිද, ඔය IT කම්පැනීස් ඔක්කොම කතා වෙලා, බොරු ඇඩ් දාලා, පර්මනන්ට් උන්ව පන්නගෙන (උන්ම අයින් වෙලා), වෙන කම්පැනි දාලා ප්‍රොබෙශන් වලින් අයින් කරනවා, එතකොට අනිත් කම්පැනියෙන් මුන් අයින් වෙලා, lay off with compensation ඔනෙත් නැ, අලුත් තැනින් ප්‍රොබෙශන් නිස අයින් කරනවා සති දෙකෙන්, කම්පැනි ගොඩ. නො වන්ඳි
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,313
    4,438
    113
    Thanos Meme GIF


    මිනිස්සු වැඩියි
    සේරම automate වෙද්දී මෙච්චර ජනගහනයක් වැඩක් නෑ
    ඕවා කිව්වාම අපිත් එක්ක තරහා වෙනවා. සරල ගණිතය ඉතිං. skills තිබ්බොත් job තියනවා කිව්වට, ජොබ් තියෙන්නේ 1යි නම්, ?? 🤌
    ඒකාලේ අපි පොඩි උන් අවාම unit test ලියන්න දෙනවා. දැන් unit test විතරක් නෙමෙයි, කොඩ් එකත් අපි නෙමෙයි ලියන්නේ. ඉතිං කොහෙ ද ඉන්ටර්නවත් ගන්නේ 🤷‍♂️
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,737
    16,520
    113
    ඕවා කිව්වාම අපිත් එක්ක තරහා වෙනවා. සරල ගණිතය ඉතිං. skills තිබ්බොත් job තියනවා කිව්වට, ජොබ් තියෙන්නේ 1යි නම්, ?? 🤌
    ඒකාලේ අපි පොඩි උන් අවාම unit test ලියන්න දෙනවා. දැන් unit test විතරක් නෙමෙයි, කොඩ් එකත් අපි නෙමෙයි ලියන්නේ. ඉතිං කොහෙ ද ඉන්ටර්නවත් ගන්නේ 🤷‍♂️

    උන්ට රස්සාවක් හොයනවට වඩා චාන්ස් එකක් තියෙනවා හූරන ටිකට් එකක් ගත්තා නම් දිනන්න 😄
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,389
    113
    හඳට කිට්ටුව
    මෙහෙම වෙනවා වෙන්න බැරිද, ඔය IT කම්පැනීස් ඔක්කොම කතා වෙලා, බොරු ඇඩ් දාලා, පර්මනන්ට් උන්ව පන්නගෙන (උන්ම අයින් වෙලා), වෙන කම්පැනි දාලා ප්‍රොබෙශන් වලින් අයින් කරනවා, එතකොට අනිත් කම්පැනියෙන් මුන් අයින් වෙලා, lay off with compensation ඔනෙත් නැ, අලුත් තැනින් ප්‍රොබෙශන් නිස අයින් කරනවා සති දෙකෙන්, කම්පැනි ගොඩ. නො වන්ඳි
    Possible
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    කොච්චර වැටුප වැඩි උනත් අනවශ්‍ය විදියට පඩිය වියදම් කරන්න හොඳ නෑ මොක උනත්. ලක්ෂ 10-15 හම්බුනත් බාගයක් ඉතුරු කරන්න ඕන. නැත්නම් කෙල වෙන දවසට කෙල වෙන්නෙ හොඳම එකෙන්.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    699
    2,034
    93
    33
    මේවා news ද බං. මීට වඩා ජොබ් නැති දරුවෝත් එක්ක ගෙවල් දොරවල් නැතුව පාරට වැටිලා කුලී වැඩ කරන , හිඟා කන්න වුන උන් කොච්චර ඉන්න ඇත්ද? මුට freelance වැඩක් හරි කරන්න පුළුවන්. මේකේ අන්තිමට මූට ගෑස්ට්‍රයිටිස් වැඩි වෙලා ඇඩ්මිට් වෙලා ගෙදර A/C එක දාගන්න බැරුව දුක් විදිනවා කියල කියන්නේ. The Onion එකේ parody news එකක් වගේ. IT උන්ගේ layoffs sensationalized කරන්න මේ වගේ snowflake ළාගේ කතා news කරලා දාලා වැඩක් නෑ.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    Full article

    https://www.bbc.com/sinhala/articles/cgmkeee77mzo



    'අපි ගත කරපු ජීවන රටාවත් ඩවුන්ග්‍රේඩ් කරන්න වෙනවා ජීවත් වෙන්න'​


    I have done this already, with the loose of my IT wifs job,
    If I loose mine too, I might end up like this guy
    only the people in this situation understand the complications here

    Sad Cry GIF by Piñata Farms: The Meme App
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    I have done this already, with the loose of my IT wifs job,
    If I loose mine too, I might end up like this guy
    only the people in this situation understand the complications here

    Sad Cry GIF by Piñata Farms: The Meme App
    That's bad planning i guess.In life you need to own your choices.partners working in the same field is always risky and IT is not a lifetime career. If you want a lifetime IT career find something protected by an union.which is pretty rare in SL. Good chance for your wife to find a new career. Specially in SL if you want long term stability executive grade government jobs are the way to go.