සැලසුම් කළ උදා ගම්මාන - 2,562 යි. විවෘත කළේ 367 යි, ඉතිරි 2,195 ට වෙච්ච දෙයක් නැහැ. අතරමග නතර වුණු නිවාස ගණන - 44,000 කට අධිකයි මේක අ‍ැත්තද??

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,323
    4
    16,110
    113
    https://www.facebook.com/share/p/1BqmWbzvV4/

    සැලසුම් කළ උදා ගම්මාන - 2,562 යි.
    විවෘත කළේ 367 යි, ඉතිරි 2,195 ට වෙච්ච දෙයක් නැහැ.

    අතරමග නතර වුණු නිවාස ගණන - 44,000 කට අධිකයි

    ප්‍රචාරක වියදම් සහ සමරු ඵලක වලට පමණක් - රුපියල් මිලියන 523 ක්

    ගෙවල් හදන්න දුප්පත් මිනිස්සුන්ට නොදී පොලු තියපු මුදල - රුපියල් බිලියන 5.9 කට අධිකයි

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමස්ත මූල්‍ය අවභාවිතය- රුපියල් කෝටි 1,100 ක්

    අනුමත සීමාවෙන් පිට අනියම් බඳවාගැනීම් (මුරකරුවන්/කම්කරුවන්) - 3,401 ක් (වැටුප් හා දීමනා ලෙස නාස්ති කළ මුදල රුපියල් කෝටි 306 යි)

    ස්ථාවර තැන්පතු අවිධිමත් ලෙස කඩිනමින් ආපසු ගැනීමෙන් අහිමි වූ පොලිය - රුපියල් කෝටි 260 යි

    විධිමත් අනුමැතියක් නැති ආධාර හා ප්‍රදාන - රුපියල් කෝටි 231 යි

    2019 ජනාධිපතිවරණ සමයේදී ස්ථාවර ගිණුමෙන් නිදහස් කළ මුදල - රුපියල් කෝටි 40 යි

    උදා ගම්මාන ගෙවල් ටික නැති වුණාට, අරමුදල බංකොලොත් වුණාට මොකද... සමරු ඵලක ටිකයි, ෆොටෝ ටිකයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලස්සනට තිබුණ නේ නේද...

    වරප්‍රසාද, පට්ටම්වලට කවදාවත් තමන්ගෙ ප්‍රතිපත්ති පාවා නොදුන්න නන්දා මාලනි මැතිණීයගේ අවසන් මංගල්‍යයට ඇවිත්ම තමන්ගෙ අසාර්ථක ඩීල් ගැන කියවන්න ගිහින් විපක්ෂ නායකතුමා කළේ තමන්ගෙම නොමේරූ කම ප්‍රදර්ශනය කරගත්ත එක විතරයි.

    විපක්ෂ නායකතුමා කරපු කතාව අහලා සමාජයේම කට ඇවිස්සෙන එක පුදුමයක් නෙවෙයි.

    තමන්ගෙ දේශපාලන පක්ෂෙට ගන්න දහස් පාරක් ට්‍රයි කළාලු, උදාගම්මානවලට නම දාන්න අහපුවාම නන්දා මාලනි ආන්ටි බැහැ කිව්වලු! මළගෙදරකට ගිහින් ශෝකය ප්‍රකාශ කරනවා වෙනුවට, “එයා මාව ප්‍රතික්ෂේප කළා" කියලා ආඩම්බරෙන් කියවන්නෙ මොන සිහියෙන්ද මන්දා.

    රණසිංහ ප්‍රේමදාස පාලනය තරුණයන් ඝාතනය කරමින් මහා භීෂණයක් වපුරන අස්සේ උදා ගම්මාන පිහිටුවමින් ඒවා විවෘත කරන වැඩසටහන්වල කලාකරුවන්ව ගෙන්නලා ගීත ගයවපු යුගයක් තිබුණා.

    නන්දා මාලනි අයිති වෙන්නේ ඒවා ප්‍රතික්ෂේප කරපු කලාකරුවන් අතොලොස්සකට.
    ඉතින් නන්දා මාලිනීගෙන් ඇහුවා නම් ඇගේ නමින් උදා ගම්මානයක් ඔයාගේ නමින් හදන්නද කියලා,

    නන්දා මාලනී මැතිණියට කරපු දැවැන්ත අපහාසයක්
    ඒ වගේම ඒක අද කියන එකත්
    ඇයට කරපු දැවැන්ත අපහාසයක්

    එතුමිය එදා ඒ උදාගම්මානවලට තමන්ගෙ නම දාන්න එපා කිව්වෙ නිකන් නෙවෙයි. ඒ කාලෙ කරපු "වැඩ කිඩ" ටික තමයි උඩින් තියෙන්නෙ.

    ප්‍රතිපත්තිගරුක මිනිස්සු මේවාට නම් දාගන්න එපා කියපු එක පුදුමයක්ද ඉතින්!
     
    • Wow
    Reactions: Inigo Montoya

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,347
    1
    59,557
    113
    Kaduwela
    Hitiye.gif

    k0XMxgz.jpg

    59LfzJl.jpeg
     
    • Haha
    Reactions: Choot

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,988
    17,576
    113
    35
    Spain
    ඔය සංගොජියා කිසිම කැපෑසිටි එකක් නැති පුත්තලම් බූරුවෙක්. එත් උගේ ඉගෝ එක තියෙනවා ගමකට.