පෝරකයට නියමවූ පූජිත්
නිරන්තරයෙන් සක්මන් භාවනාවේ..
ළඟින් යන නිලධාරීන්ට හැමදාම
සුබ පණිවිඩයක් දෙයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට නිසි ලෙස කටයුතු නොකිරීමේ චෝදනාවට වරදකරුවන් වී බන්ධනාගාරගතව සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ බන්ධනාගාර ජීවිතය පිළිබඳව සුවිශේෂී තොරතුරු කිහිපයක් වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
උසස් රාජ්‍ය නිලතල හොබවමින් රටේ නීතිය හා ආරක්ෂාව මෙහෙයවූ මෙම චරිත දෙක, අද වන විට බන්ධනාගාරයේ දැඩි නීති රීති මධ්‍යයේ සිය දෛනික ජීවිතය ගෙවා දමමින් සිටිති.
බන්ධනාගාර නිලධාරියෙකු සදහන් කළ පරිදි, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා බොහෝ අවස්ථාවලදී සිය කුටිය අසල සක්මන් භාවනාවේ යෙදෙමින් කාලය ගත කරන බව දක්නට ලැබේ.
එමෙන්ම, උදෑසන කාලයේදී තමන් අසලින් ගමන් කරන බන්ධනාගාර නිලධාරීන් දැක සිනාමුසු මුහුණින් "ගුඩ් මෝනිං" යැයි පවසමින් සුබපැතීමට ද ඔහු පුරුදුව සිටින බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
භාවනානුයෝගී කාලය:
පූජිත් ජයසුන්දර මහතා බොහෝ වෙලාවට සක්මන් භාවනාවේ යෙදෙයි.
පොතපත කියවීම:
වරදකරුවන් වූවද බන්ධනාගාර නීති රීතිවලට යටත්ව ඔවුන්ට අවශ්‍ය පොතපත කියවීමේ අවස්ථාව ලබාදී තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද සිය කාලයෙන් වැඩි කොටසක් කියවීම සඳහා වෙන් කරමින්, සිරමැදිරිය තුළ නිහඬ ජීවිතයක් ගත කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි