අද උදයවරුවේදී (2දා) ජනසෙත පෙරමුණේ නායක, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට වීරගුල ප්‍රදේශයේ පුද්ගලයකු පහර දී ඇත. මෙම මැර ප්‍රහාරය එල්ල කළ තැනැත්තා එම සිද්ධියෙන් පසුව පළා ගොස් ඇත.
පහර දීම සිදුවන අවසථාවේදී උන් වහන්සේ සිටියේ අත්තනගල්ල, වාරණ ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළය. එහිදී, විහාරයට සම්බන්ධ දායකයකුගේ ආදාහන කටයුතු සාකච්ඡා වී ඇත.
එම අවස්ථාවේ මේ සම්බන්ධව තර්ක විතර්ක සිදු වී ඇති බවද වාර්තා වේ. පහර කෑමට ලක් වූ සීලරතන හිමියන් මේ වනවිට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබයි. වීරගුල පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

