පදවිය සමූහ ඝාතනය Video (Dollar and Kent Farms)

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,580
    6,490
    113
    30.11.1984 පදවිය සමූහ ඝාතනය ලෙස ඉතිහාසයේ ප්‍රධාන වශයෙන්ම හැඳින්වෙන්නේ ලංකා සිවිල් යුද සමයේදී පදවිය ආසන්න ප්‍රදේශවල සිදු වූ දරුණු සිවිල් වැසි ඝාතනයන්ය. මෙයින් වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වන්නේ 1984 නොවැම්බර් 30 වනදා පදවියට ආසන්න ඩොලර් සහ කෙන්ට් ෆාම් (Dollar and Kent Farms) සිවිල් ජනපද ඉලක්ක කර ගනිමින් දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය විසින් සිදු කරන ලද සමූහ ඝාතනයයි. ස්ථානය: පදවිය ප්‍රදේශයට ආසන්නව පිහිටි කෙන්ට් ෆාම් සහ ඩොලර් ෆාම් (වත්මන් වැලිඔය/මනල් ආරු ප්‍රදේශය). සිදුවීම: එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සන්නද්ධ සාමාජිකයන් පිරිසක් විසින් මෙම ගොවි ජනපද දෙක වටලා එහි පදිංචිව සිටි නිරායුධ සිංහල සිවිල් වැසියන් විශාල පිරිසක් වෙඩි තබා සහ කඩු/කැතිවලින් කපා කොටා ඝාතනය කරන ලදී. මෙහිදී කුඩා ළමුන් සහ කාන්තාවන් ද ඇතුළුව සිවිල් වැසියන් 60 කට අධික පිරිසක් (සමහර වාර්තාවලට අනුව 80කට ආසන්න පිරිසක්) ඝාතනයට ලක් විය. මෙය එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිංහල සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිදුකළ පළමු මහා පරිමාණ සමූහ ඝාතනයක් ලෙස ඉතිහාසයට එක්ව තිබේ.


     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,813
    9,219
    113
    මේක තමා එල්ටිටිය සිංහල සිවිල් ජනයා ඉලක්ක කරගෙන කල පලමු සමූල ඝාතනය. කොටි සංවිධානයෙ ත්‍රස්තවාදී MO එකේ ප්‍රකෘතිමත් ආරම්භය. 83 දමිල සමූල ඝාතන වලට පිලිතුරක් විදිහට දකින්න පුලුවන්. යුද්ධය ලොකු පරිමාණයෙන් පටන් ගන්න තැන සහ නරක එස්කැලේෂන් ලැඩර් එකක ආරම්භය.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,789
    2,291
    113
    Nugegoda
    කරපු එවුන්ට සාප වේවා. මේ වගේ වීඩියෝ නිතරම අප්ලෝඩ් කරන තිස්ස මඬවල මහත්තයට බොහොම පින්, එතුමා එංගලන්තයෙදි වුනත් සිංහල අය වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,789
    2,291
    113
    Nugegoda
    මෙව්වා හරියට ජාතියන්තරයට යවන්න අපි අසමත් උනා. ඩයස්පෝරාව ඉස්සර උනා. එක නිසා උන්ගේ මතවාදය තවම ඉස්සරහින්
    මෙහෙම එකකුත් තියෙනව. දෙමළ අය වැඩි රටවල් වල කොහොමත් ආණ්ඩුව කොටින්ට අදිනව දෙමළ අයගෙ ඡන්දය වැදගත් නිසා. කැනඩාව, බ්‍රිතාන්‍යය ගත්තාම දෙමළ අය වැඩි නිසා ඒ රටවල් වල රජයන් කොහොමත් කොටින්ගෙ පැත්තට බරයි. ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තාම ඒ ගතිය අඩුයි මොකද සිංහල අය වැඩිපුර ඉන්න නිසා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,244
    198,937
    113
    Colombo, Sri Lanka
    මෙහෙම එකකුත් තියෙනව. දෙමළ අය වැඩි රටවල් වල කොහොමත් ආණ්ඩුව කොටින්ට අදිනව දෙමළ අයගෙ ඡන්දය වැදගත් නිසා. කැනඩාව, බ්‍රිතාන්‍යය ගත්තාම දෙමළ අය වැඩි නිසා ඒ රටවල් වල රජයන් කොහොමත් කොටින්ගෙ පැත්තට බරයි. ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තාම ඒ ගතිය අඩුයි මොකද සිංහල අය වැඩිපුර ඉන්න නිසා.
    මේ කථාව සම්පුර්ණ ඇත්ත මචන්. මම කිව්වේ මේගොල්ලෝ මෙතනට එන්න පාර කපාගත්ත හැටි. මුලින්ම ඒගොල්ලෝ මාරම අහිංසකයි සිංහලු උන්ව සමුල ගාතනය කරනවා කියලා ලස්සනට කතාව බටහිරට යැව්වා. පෙරහැරවල් වල කටු ගහගෙන යන කාවඩි කාරයෝ පවා පෙන්නුවලු දෙමල අයට වදදෙන හැටි කියලා. නමුත් එකාලේදී මේකේ ඇත්ත කතාව අපිට බටහිරට යවන්න බැරිඋනා. දැන් උන් කට්ටිය වැඩි නිසා ඔයාගේ කතාව හරි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,366
    35,091
    113
    මෝඩ සිංහලු තමයි මුලින්ම 83දි සිවිල් දෙමලුන්ව කපලා කොටලා ප්‍රභාව අවුස්ස ගත්තේ.