ඩිලන්ත මාලගමුව - දුටු තැන අල්ලනු

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,533
    5,951
    113
    ඉතිං මාලිමා අාණ්ඩුවෙත් හොරු ඉන්නවනේ..උඹල හිතන් ඉන්නේ උන් කිරි වලින් නානවා කියලද?..


    හොරු කොහෙත් ඉන්නවනෙ බන්, මාලිමා වේවා ඒක වෙනසක් නෑ. නමුත් රාජපක්ශ යුගය කියන්නෙ හොර වලල්ලක් බොහොම සමාදානෙන් එකමුතුව සාමූහිකව හොරකම් කල කාලයක්. උන්ගෙ කාලෙ ආන්ඩුවත් උන්ගෙ, විපක්ශෙත් උන්ගෙ. උන් තමා රටේ මාතෘකා නිර්මානයක් කරේ. ඒ නිසා හොරු මොකා උනත් දඩුවම් කරන්න ඕන වගේම හොරයි, හොර කල්ලියයි අදුර ගන්නත් පුරුදු වෙන්න.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,476
    19,010
    113
    කොට උන්‍ කපටියි කොට උන්‍ විශ්වාස කරන්න ඵපා කියන්නේ ඒක තමයි..🤌

    බන්ධනාගාර කෙදිරි
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,775
    9,183
    113

    බාන්ස් පෙදෙසේ ඉඩම් වංචාවට ආධාර කළ ව්‍යාපාරිකයා රක්ෂිත බන්ධනාගාරයට
    -
    කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි පර්චස් 79.71ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මගින් විකිණීමේ සිද්ධියට ආධාර අනුබල දීම සහ එම ජාවාරමෙන් ලැබුණු මුදල් හා වාහන ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නුගේගොඩ ප්‍රදේශයේ වාහන වෙළෙඳ ව්‍යාපාරිකයෙකු ලබන නොවැම්බර් 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම අද (28) නියෝග කළා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශාන්ත විතාන ගමගේ නමැති මෙම ව්‍යාපාරිකයා අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් කරුණු දැක්වූයේ, මොහු මෙම ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් වන දිලන්ත මාලගමුව, ඩෙස්මන්ඩ් අමරසිංහ සහ සමන් ජයවීර යන අයට ආධාර අනුබල දී ඇති බවයි.

    විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේ, සැකකරු නීතිඥවරයෙකු ඉදිරියේ ප්‍රධාන සැකකරුවන් සමඟ ගිවිසුමක් ඇති කරගෙන මෙම ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ කටයුතුවලට සහ එම ඉඩම සම්බන්ධයෙන් දිසා අධිකරණයේ පැවති නඩුවකට ඇටෝනි බලකරු ලෙස මුදල් යොදවා ඇති බවයි. එම ජාවාරමෙන් අනතුරුව සැකකරුගේ බැංකු ගිණුම් වෙත රුපියල් ලක්ෂ 210ක්, ලක්ෂ 100ක් සහ ලක්ෂ 45ක් වශයෙන් මුදල් ලබාගෙන ඇති බවත්, සුඛෝපභෝගී වාහන 7ක් ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    එම වාහනවලින් එකක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරයෙකුට කුලී පදනම මත ලබා දී ඇති අතර, තවත් වාහනයක් ආයතනයකට කුලී පදනම මත ලබා දී ඇත. ඉතිරි වාහන ප්‍රධාන සැකකරුවන් වෙත බෙදා දී ඇති බවත්, සැකකරුගේ බැංකු ගිණුමක ඇති රුපියල් ලක්ෂ 565ක මුදලක් තහනම් කරන ලෙසත් විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටියා.

    සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, සැකකරු ව්‍යාපාරිකයෙකු ලෙස මුදල් ආයෝජනය කළා මිස ව්‍යාජ ඔප්පුවක් සෑදීම සම්බන්ධයෙන් දැනුවත් නොවන බවයි. මෙම නඩු පැවරීම පිටුපස යටි අරමුණක් ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

    කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුගේ බැංකු ගිණුම් තහනම් කිරීමට නියෝග කළ අතර, විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
     
    Last edited:

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    නමුත් රාජපක්ශ යුගය කියන්නෙ හොර වලල්ලක් බොහොම සමාදානෙන් එකමුතුව සාමූහිකව හොරකම් කල කාලයක්.
    මයිනා යටතේ හොර ඔප්පු හදපු සෙට් එක දැන් එකා පිට එකා ඇතුලට යනවා 🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    මයිනා යටතේ හොර ඔප්පු හදපු සෙට් එක දැන් එකා පිට එකා ඇතුලට යනවා
    රේසින් කාර් පදින ගමන් කොළඹ ඉඩමුත් හොර ඔප්පු ගහලා ලියාගෙන වගේ 😂