didn't even watch. oya kediriya dakkama athi![]()
Who cares?
හදිස්සියේම රැලි තිය තිය කෙඳිරි ගාන්නේ අපිද?
didn't even watch. oya kediriya dakkama athi![]()
මාලිමා ආණ්ඩුවේ කිහිපදෙනෙක්ම දිගින් දිගටම කියන කතාවක් තියෙනවා.
මුලින්ම ටිල්වින් සිල්වා විසින් නිර්මාණය කරපු මේ නැරෙටිව් එක දැන් සමස්ථ මාලිමා / ජේවිපි නායකයන් උස්සගෙන යනවා පේනවා.
මේ කතාව තමයි 'මාලිමාව ආණ්ඩු බලය ගත්තට තවම 'රාජ්ය බලය' ගත්තේ නෑ.' කියන කතාව.
ඔවුන්ට අනුව පූර්ණ ආණ්ඩුවක් පිහිටුවීමට නම් මාලිමාවට 'රාජ්ය බලයත්' උවමනායි.
මේ කතාව මාලිමාවේ තවත් එක් නිදහසට කරුණක් වැනි අහිංසක කතාවක් නෙවෙයි.
මොවුන් අදහස් කරන්නේ ඉතාම භයානක, රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කරන, ඒකාධිපති ආණ්ඩු ක්රමයක්.
ලංකාවේ රාජ්යය කුළුණු තුනක් මත පිහිටනවා. විධායකය, ව්යවස්ථාව, අධිකරණය.
මේ මොහොතේ පවතින ආණ්ඩු බලය ඇතුළේ විධායකය මාලිමාවේ.
ව්යවස්ථාදායකයේ 2/3 ක අති බහුතර බලයක් ඔවුන්ට තිබෙනවා. කැබිනට් මණ්ඩලය ඔවුන්ගේ.
මෑත කාලයේ බිහිවෙච්ච ශක්තිමත්ම පාර්ලිමේන්තුව.
ඇත්තටම මේ බලයෙන් ඔවුන්ට මේ රටේ මොනවද කරන්න බැරි ?
සංවර්ධන ව්යාපෘතියක් ආරම්භ කරන්න බැරිද ? නෑ. පුළුවන්.
මහවැලිය, වරාය, අධිවේගී මාර්ග වගේ කළින් ආණ්ඩු ආරම්භ කරපු ඕනෑම ව්යාපෘතියක් ආරම්භ කරන්න, පවත්වාගෙන යන්න ඕනෑවටත් වඩා බලයක් තිබෙනවා.
ඔවුන්ට රටේ නීති, පනත් වෙනස් කරන්න බැරිද ? ඉතාම පහසුවෙන් පුළුවන්.
ඇත්තටම ඔවුන් දැන් ව්යවස්ථාවට පවා සංශෝධනයක් කරන්න යනවා.
ඔවුන්ට වැටුප් වැඩි කරන්න බැරිද ? නෑ පුළුවන්. අවශ්ය නම් කරන්න බලය තියෙනවා.
ඔවුන්ට රාජ්ය සේවයේ ඉහළ තනතුරු මාරු කරන්න බැරිද ? පුළුවන් පමණක් නොවෙයි, ඔවුන් දැනටමත් එය කරලා ඉවරයි.
මේ රටේ කළින් ආණ්ඩු කරපු ඕනෑම දෙයක් කරන්න අවශ්ය බලය ඔවුන්ට තියෙනවා.
පැහැදිලිවම 1948 ඉඳලා 2024 දක්වා ලංකාවේ බිහිවෙච්ච හැම ආණ්ඩුවකටම තිබුණේ මේ බලයම තමයි.
මීට එහා ඊනියා 'රාජ්ය බලයක්' කිසිම ආණ්ඩුවකට තිබිලා නැහැ.
එහෙනම් මොකක්ද ප්රසන්න ගුණසේනලා මේ කියන්නේ ?
ප්රසන්න ගුණසේනලා මේ කතාව කිව්වට, 'රාජ්ය බලය' කියන්නේ මොකක්ද කියලා හරියටම නිර්වචනය නොකරන්න පරිස්සම් වෙනවා.
ඔවුන් නිර්වචනය නොකරන 'රාජ්ය බලය' මොකක්ද කියලා කියන්නම්.
මොවුන් මේ අදහස් කරන්නේ ඊනියා කොමියුනිස්ට් ආණ්ඩු වල පමණක් පවතින, ප්රජාතන්ත්රවාදී නොවන, ඒකාධිපති අධිකාරි බලය.
රුසියාවේ ස්ටාලින්ට රාජ්ය බලය තිබුණා. වර්තමානයේ චීනයේ පාලක පක්ෂයට රාජ්ය බලය තියෙනවා. ඒ වගේම උතුරු කොරියාවේ පාලකයාට රාජ්ය බලය තියෙනවා.
ටිල්වින් සහ ප්රසන්න ගුණසේන කියන මේ රාජ්ය බලය ඇමෙරිකාවේ ජනාධිපති ට්රම්ප්ට නැහැ.
යුරෝපයේ ආණ්ඩු වලට නැහැ.
මේ රාජ්ය බලය කියලා හදුන්වන්නේ ප්රජාතන්ත්රවාදය සම්පූර්ණ අහෝසි වෙන, පූර්ණ ඒකාධිපති ආණ්ඩුවකට.
ඒ ආණ්ඩු ක්රමයේ ආණ්ඩුව සර්වබලධාරි දෙවියෙක්.
ජවිපෙට ආණ්ඩු බලය තිබුණට ඔබ සහ මම කතා කරන දේවල් පාලනය කරන්න බැහැ. ඒක අපේ ව්යවස්ථාපිත මූලික අයිතිවාසිකමක්.
හැබැයි ජවිපෙ රාජ්ය බලය ලබා ගත්තට පස්සේ අපිට නිදහසේ කතා කරන්න, ලියන්න ඉඩ නැහැ.
ජවිපෙට ආණ්ඩු බලය තිබුණට අපි කරන රැකියාව, ව්යාපාරය තීරණය කරන්න ඔවුන්ට බැහැ.
හැබැයි ජවිපෙ රාජ්ය බලය ලබා ගත්තම ආණ්ඩුවට ඕන විදියට අපේ ජීවිත හසුරවන්න ඔවුන්ට පුළුවන්. චීනයේ එහෙමයි. උතුරු කොරියාවේ එහෙමයි.
ජවිපෙට ආණ්ඩු බලය තිබුණට අපි අනුර, ටිල්වින් එනකොට නැගිටලා, ඔලුව පාත් කරන්න අනිවාර්ය නැහැ.
හැබැයි ඔවුන් රාජ්ය බලය ගත්තම පක්ෂයේ හැම කොමිසාර් කෙනෙක්ම එද්දී, සාමාන්ය මිනිස්සු ඔලුව පාත් කරන්න ඕන.
ජවිපෙට ආණ්ඩු බලය තිබුනට, අපිට ඔවුන්ගේ ඇතැම් තීරණ අධිකරණය ඉදිරියේ අභියෝග කරන්න පුලුවන්.
රාජ්ය බලය ගත්තට පස්සේ අධිකරණයක් නැහැ.
කොටින්ම ජවිපෙ රාජ්ය බලය කියලා අදහස් කරන බලය ගත්තම රටේ සාමාන්ය මිනිස්සු, මාධ්ය, විපක්ෂය කාටවත් කිසිඳු අයිතිවාසිකමක් නැහැ.
ආණ්ඩුවට පරමාධිපත්ය හිමිවෙනවා.
ප්රසන්න ගුණසේනලා, ටිල්ව්න් සිල්වාලා මේ හැමතිස්සෙම ඉල්ලන රාජ්ය බලය ඒක.
මේ බව ප්රසන්න කෙළින්ම කිව්වා.
ඔහුට අනුව ලෝකයේ මැතිවරණයකින් බලයට පත් වූ පළමු සමාජවාදී ආණ්ඩුව මේක (පට්ටපල් බොරුවක්).
සාමාන්යයෙන් සමාජවාදී ආණ්ඩු බලය ගන්නේ කැරළි ගහලා, ප්රතිවාදීන් සමූලඝාතනය කරලා.
එහෙම ගත්තු ආණ්ඩුවක, මේ ඊනියා රාජ්ය බලය තියෙනවා.
නමුත් මැතිවරණයකින් බලය ගත්තම ප්රජාතන්ත්රවාදය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න බැහැ.
ඒ නිසා ප්රසන්නලාගේ අවශ්යතාවය පැහැදිලියි.
ලංකාවේ මින්පෙර බලයට පැමිණි කිසිම ආණ්ඩුවකට මේ ඊනියා රාජ්ය බලය තිබුණේ නැහැ.
නමුත් ඔවුන් රටට බොහෝ වෙනස්කම් කළා. විශේෂයෙන්ම ත්රස්තවාදය, ජවිපෙ වැඩවර්ජන වැනි අභියෝග ඉදිරියේ පවා ඔවුන් වැඩ කළා.
ජවිපෙ රාජ්ය බලය ඉල්ලන්නේ වැඩ කරන්න ඇති අවශ්යතාවයට නෙවෙයි.
ඔවුන්ට විපක්ෂය මර්ධනය කරන්න, ප්රතිමත මර්ධනය කරන්න, ස්ථිර, තනි පක්ෂ ආණ්ඩු ක්රමයක් ලංකාවේ ඇති කරන්න අවශ්යයි.
ඔවුන් ඉල්ලන්නේ ඒ බලය.
https://web.facebook.com/sachin.rathwatte
bump
"අපි තමයි හැමදාම ඉන්නේ.. අපිව එලවන්න බෑ ගගා" කියන්නෙත් ඕකම තමයි..
dan idanama kiyawanawa thawa awurudu ganakata balaye inne eyala kiyalaමුන්ට බලය ලැබුනාම බලයේ ඉන්න දමන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම දමනවා එළිපිටම
විපක්ෂයේ ඉන්නකොට ප්රජාතන්තවාදය, මැතිවරණ පැවැත්වීම, දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොරව රජයේ නිලදාරීන්ගේ ස්වාදිනත්වය .. කයිය දෙනවා. LOW IQ ඩොබිල රැවටෙනවා

බලයෙන් අන්ධවෙලා ඉන්නේ. ඩොබිල චුන් කරනවාdan idanama kiyawanawa thawa awurudu ganakata balaye inne eyala kiyala![]()