කලින් හදල නවත්තලා දාපු ඵකක්ලු.. මාලිමාවෙන් වැඩ පටන් අරන් තියෙන්නේ..

කොළඹ අඩු ආදායම්ලාභීන්ට කෝටි 980ක සුපිරි නිවාස 1,000ක් – Port View Residencies අද ජනතා අයිතියට!" – මහල් 15ක දැවැන්ත නිවාස සංකීර්ණයේ යතුරු සහ ඔප්පු නිල වශයෙන් අතට දෙයි! 2027 අප්‍රේල් වෙද්දී මුළු සංකීර්ණයම පදිංචි කර අවසන් කරන හැටි ඇමැති බිමල් රත්නායක හෙළි කරයි!
කොළඹ නාගරික අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරමින්, ඔවුන් වෙනුවෙන් අතිනවීන පහසුකම් සහිතව ඉදිකරන ලද කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්, ස්ටේඩියම්ගම පිහිටි 'Port View Residencies' නව මහල් නිවාස සංකීර්ණය අද (15) නිල වශයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයේදී නිවාසලාභීන් වෙත නිවාස යතුරු සහ හිමිකම් ඔප්පු නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.

රුපියල් මිලියන 9,866ක දැවැන්ත ව්‍යාපෘතිය – ප්‍රධාන තොරතුරු:
රුපියල් කෝටි 980කට අධික ආයෝජනයක්: ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) මූල්‍ය ණය ආධාර යටතේ කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහයවීමේ ව්‍යාපෘතිය (SCURP) මඟින් නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) පූර්ණ අධීක්ෂණයෙන් මෙම සංකීර්ණය ඉදිකර ඇත.
මහල් 15ක් – නිවාස 1,000ක්: මහල් 15කින් සමන්විත මෙම දැවැන්ත සංකීර්ණයේ වර්ග අඩි 500ක ප්‍රමාණයෙන් යුත් නවීන නිවාස ඒකක 1,000ක් අන්තර්ගත වේ.
අද 250කට යතුරු – 2027 අප්‍රේල් වෙද්දී සියල්ල සම්පූර්ණයි: අද දිනයේ නිවාසලාභීන් 250 දෙනෙකුට පදිංචිය සඳහා යතුරු ලබාදුන් අතර, ඉතිරි නිවාස 750 කොටස් වශයෙන් ඉදිරි මාස 8 ඇතුළත, එනම් 2027 අප්‍රේල් මාසයට පෙර සම්පූර්ණයෙන්ම පදිංචි කර අවසන් කිරීමට නියමිත බව අමාත්‍යවරයා තහවුරු කළේය.

නිවාස පමණක් නෙවෙයි – සුපිරි නගරයක් බඳු පොදු පහසුකම්:
සාමාන්‍ය නිවාස ව්‍යාපෘති මෙන් නොව, ජනතාවගේ සියලු දෛනික අවශ්‍යතා එකම පරිශ්‍රයකින් සපුරාගත හැකිවන පරිදි මෙම පරිශ්‍රය තුළ:
සෞඛ්‍ය මධ්‍යස්ථානයක් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් (Daycare Centre)
ප්‍රජා ශාලාවක්, සුපිරි වෙළඳසැලක් සහ ළමා උද්‍යානයක්
ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් මුරපොලක්, ග්‍රාම නිලධාරී කාර්යාලයක් සහ ගිනි නිවීමේ ඒකකයක්
අත්පන්දු ක්‍රීඩා පිටියක් සහ ප්‍රදේශයේ වැඩිදියුණු කළ ක්‍රීඩාංගණයක්
මාර්ග පද්ධතිය සහ ඇළ මාර්ග පද්ධතිය විධිමත්ව ප්‍රතිසංස්කරණය කර ඇත.

"රැකබලා ගැනීම ජනතාවගේ වගකීමක්":
මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කළේ, රජය විසින් ජනතාවට ගෞරවනීය ජීවිතයක් වෙනුවෙන් ලබාදුන් මෙම අගනා සම්පත විනාශ වීමට ඉඩ නොදී, ප්‍රජා කමිටු පිහිටුවා නිරන්තර නඩත්තු කටයුතු සිදුකරමින් පිරිසිදුව හා සුරක්ෂිතව පවත්වා ගැනීමට සියලු නිවාසලාභීන් එකමුතුව කටයුතු කළ යුතු බවයි.