--
ඇසක් ගසා හිමිදිරි යාමේ
ඇන්ටි බලනවා ආරාමේ..//
ගල් කැටයක් මැදිකර ඔතලා
ලියුමක් මිදුලට විසිකරලා.
ඇසක් ගසා හිමිදිරි යාමේ
ඇන්ටි බලනවා ආරාමේ..
රඹුටන් ගෙනැවිත් මල්වානේ
ඔයාට කවනව මං ගානේ
දැල්ල නිවා පොල්තෙල් පානේ
වහං වෙමුද අපි හඳ පානේ..
චූන් වෙලා හැන්දෑ යාමේ
ඇන්ටි නටනවා ආරාමේ..//
නපුරු ඇයිද ආඩම්බරයෝ
රුදුරුද හද වාවනු බැරියෝ
මිතුරු නොවේ නම් පෙම්බරයෝ
සතුරු නොවී යන්නම් චෙරියෝ..
ලයිට් නිවා මහ රෑ යාමේ
ඇන්ටි අඬනවා ආරාමේ..//
හ්හ්හ්හ්... ඉම්හි.. ඉම්හි.. ඉම්හි..
--
Artists: ආරාමේ ඇන්ටි & ආඩම්බරකාරයා
Lyrics: Ⓒ 2026 @Lovtus