🔴 සිසුන්ගේ පවුල්වලට ඕස්ට්‍රේලියාවේ දොර වැසේ - නව වීසා සීමා මෙන්න

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,663
    4,104
    113
    ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් සඳහා තම සහකරු සහකාරිය හෝ දරුවන් රට තුළට ගෙන්වා ගැනීම වළක්වන නව වීසා සීමා පැනවීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
    මීට අමතරව තාවකාලික සංක්‍රමණිකයන් වෙනත් වීසා කාණ්ඩවලට මාරුවීම වැළැක්වීම සඳහාවන නීති ද දැඩි කිරීමට නියමිතයි.
    ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක්වි සින් ජාතික ප්‍රවෘත්ති සමාජය ඇමතීමට නියමිත විශේෂ දේශනයේදී මෙම නව පියවර පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
    දැනට වසරකට 300,000 ක් පමණ වන ශුද්ධ විදේශීය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 2028 වන විට 225,000 දක්වා අඩු කිරීම ද මෙහිදී සිදුවන බවයි වාර්තා වන්නේ.
    දැනට පවතින නීති අනුව ජාත්‍යන්තර සිසුන්ගේ සහකරුවන්ට ඕස්ට්‍රේලියාව තුළ රැකියාවල නිරත වීමට සහ වයස අවුරුදු 18 ට අඩු දරුවන් රැගෙන ඒමට අවස්ථාව හිමිව තිබනෙවා.
    නව සංශෝධන මගින් මෙම පහසුකම සීමා කිරීමට නියමිත බවයි සඳහන්.
    කොවිඩ්-19 සීමා කිරීම්වලින් පසුව ඕස්ට්‍රේලියාවේ ද්වාර නැවත විවෘත කිරීමත් සමග ජාත්‍යන්තර සිසුන්, සංචාරක රැකියාවල නිරත වන්නන් සහ තාවකාලික කුසලතා පූර්ණ ශ්‍රමිකයන්ගේ පැමිණීම විශාල ලෙස ඉහළ ගිය බවයි සඳහන්.
    2023 වසරේදී ශුද්ධ සංක්‍රමණය 518,000 ක උපරිමයකට ළඟා වූ අතර, 2025 ජූනි වන විට එය 306,000 දක්වා පහත වැටුණු බවයි සඳහන්.
    කෙසේ වෙතත්, අධික සංක්‍රමණිකයන් සංඛ්‍යාව හේතුවෙන් රට තුළ නිවාස අර්බුදයක් සහ යටිතල පහසුකම් කෙරෙහි දැඩි පීඩනයක් එල්ල වී ඇති බවට චෝදනා එල්ල වෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
    මෙම පසුබිම හමුවේ, අති-දක්ෂිණාංශික One Nation පක්ෂය විසින් ඉදිරි වසර තුන තුළ තාවකාලික සංක්‍රමණිකයන් සංඛ්‍යාව 750,000 කින් කපා හැරීමට යෝජනා කර ඇති අතර, එමගින් රජයට එල්ල වී ඇති දේශපාලන පීඩනය ද මෙම තීරණයට හේතු වී ඇති බවයි වැඩිදුරත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

     

    NowUCmeNowUDont

    Well-known member
  • Oct 6, 2025
    165
    257
    63
    Details clear නැහැ

    PhD එන්නෙත් student visa වලින් වගේ තමයි පේන විදියට

    1789645486465.png


    Student Visa Dependents ලාට තමයි ගේමක් සෙට් වෙනවා වගේ පේන්නෙ

     
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,497
    2,117
    113
    Details clear නැහැ

    PhD එන්නෙත් student visa වලින් වගේ තමයි පේන විදියට

    View attachment 270018

    Student Visa Dependents ලාට තමයි ගේමක් සෙට් වෙනවා වගේ පේන්නෙ


    Oya AI una hema dema danne naha ban. Meeta awuruddakata withara klin wayasa 35ta wedi unta TR eka dena eka block karaddi, PhD or master by research un wa exclude kara.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,943
    1
    15,343
    113
    Oya AI una hema dema danne naha ban. Meeta awuruddakata withara klin wayasa 35ta wedi unta TR eka dena eka block karaddi, PhD or master by research un wa exclude kara.
    PhD karanna Aus walata kaurut awe nethi unot Uni wala ranking bahinawa ekai. Uni rankings thiyan inne PhD walin. MSc BSc attract karaganna eka hethuwak ranking. Domino effect eken berenna karana ekak