මෙන්න තවත් ස්කෑම් එකක්.

geethsha

Active member
  • Jan 12, 2011
    270
    43
    28
    • දත්ත හොරකම් කරන ඇප් (Malware / Spyware Apps): ප්‍රසිද්ධ ඇප් (උදා: WhatsApp, Facebook, Games) වලට සමාන ව්‍යාජ ඇප් ලෙස පැමිණේ. මේවා මගින් දුරකථනයේ ඇති මුරපද (Passwords), OTP සහ බැංකු තොරතුරු ලබාගනී.
    • මූල්‍ය හා ආයෝජන වංචා (Investment Scams): සුළු මුදලක් ආයෝජනය කර දිනපතා ලොකු ලාභයක් ලබාගත හැකි බව පෙන්වයි. මුලදී සුළු මුදලක් ආපසු ලබා දී විශ්වාසය දිනාගත් පසු විශාල මුදලක් තැන්පත් කරවාගෙන ඇප් එක වසා දමයි.
    • නොමිලේ ත්‍යාග ලබාදෙන ඇප් (Rewards / Fake Giveaways): "ඔබට ත්‍යාගයක් දිනාගැනීමට අවස්ථාව ඇත" යැයි පවසමින් ඇප් එක හරහා Personal Data හෝ Card Details ඇතුළත් කිරීමට සලස්වයි.

    වංචාවලින් බේරෙන්නේ කෙසේද?

    • නිල ස්ථානවලින් පමණක් Download කරන්න: Google Play Store හෝ Apple App Store වෙතින් පමණක් ඇප් ලබාගන්න. Unknown Sources (APK Files) වලින් ඇප් install නොකරන්න.
    • Permissions පරීක්ෂා කරන්න: Calculator එකකට හෝ Flashlight ඇප් එකකට Contacts/Photos access අවශ්‍ය නොවේ. ඇප් එකක් ඉල්ලන Permissions ගැන සැලකිලිමත් වන්න.
    • Reviews සහ Downloads බලන්න: ඇප් එක Download කිරීමට පෙර අන් අය තබා ඇති Reviews සහ Ratings පරීක්ෂා කරන්න.
    • OTP හා Passwords කිසිවිටෙකත් දෙන්න එපා: කිසිදු බැංකුවක් හෝ ආයතනයක් ඇප් එකක් හරහා ඔබේ සංවේදී මුරපද ඉල්ලා සිටින්නේ නැත.
    මෙයාලට අහුවෙන්න එපා කවුරුවත්.. Free මාස 3ක් Data දෙනවා සහ එයාලා ඇවිල්ලා Install කරලා දෙනවා කියලා.. එයාලගේ Service එක අපි ඉන්න Area එකේ තියෙනවද බලාගන්න ඕනි කියලා.. Playstore එක වගේම Fake Site එකක් හදන් Android Apk එකක් Install කරන්න කියනවා.
    අහු වෙන්න එපා ඒකෙන් ඔයාගේ Mobile එකට Access ලැබෙනවා එයාලට. නොදන්න අයවත් දැනුවත් කරන්න.
    🙏

    සැයු.. Ios වලට support නැල්ලු Test App එක
    😂
    ඇහුවම.. Ios වල දකින හොද දෙයක් මම ඒක..
    😊
    ❗️

    Search කරලා බැලුවම මේ වගේ තව Pages හුගක් තියේ..
    🥲


    (මෙම තොරතුරු ඔබේ මිතුරන් හා පවුලේ අය අතර බෙදාහැර ඔවුන්ව දැනුවත් කරන්න.)





    815138566_1707577414705060_5799810102863435151_n.jpg
    813939696_1707577528038382_28239915403030768_n.jpg
    815630841_1707577424705059_521993510194180183_n.jpg
    815061132_1707577568038378_7248940052475290347_n.jpg
    813923224_1707577494705052_2943013149382428021_n.jpg