💥 breaking 💥 ගෙවල් ගාව එකෙක් නිතරම බයික් එක ඉල්ලනවා.මේකට technical විසදුමක් ඕනා

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,904
    4,257
    113
    දැන් දවස් හතරක් තිස්සේ බයික් එක මූ ගාව ඉස්සර නම් ළමයා දාන්න විතරයි බයික් එක අරන් ගියේ මූ එක පාරකුත් උගේ බයික් එකේ ගිහිල්ලා ඇක්සිඩන්ට් උනා උගේ හිත රිදෙන්නෙත් නැතිවෙන්න මේ වැඩේ නවත්තන්න පුළුවන් ක්‍රමයක් කියpan. දැඩි ලෙස මානසික අසහනය මම මේ වෙලාවේ ඉන්නේ
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,053
    1
    2,030
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    අපිටනම් එහෙම කාගෙවත් දේවල් ඉල්ලන්න හිතෙන් නෑ හැමදාම. මොකෝ මිනිස්සු වාහන ගන්නෙ පොදු ප්රවාහනයට නෙමෙයිනෙ. ඌට උබේ හිත රිද්දල ඉල්ලන්න පුලුවන්නම් උබ ඇයි උගෙ හිත රිදිල්ලක් ගැන හිතන්නෙවත්? කෙලින්ම කියපන් මත් ගමනක් දාගෙන ඉන්නෙ දැන් කියල, ඊලග දවසෙ ආවොත් වෙන බොරුවක් ගහපන්. දවස දෙකයි ආයි එන්නෙ නෑ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,780
    17,143
    113
    35
    Spain
    මුලින්ම නවත්තගන්න තිබ්බේ. කාටවත් වාහනේ දෙන්න එපා කියල පොලිස්සිය කියනවා කියල. දැන් තියෙන්නේ ෆියුස් ටිකක් ගලවල දාපන්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,755
    48,291
    113
    තමන්ගේ බඩු ඵක ඵකාට දෙන්න ඵපා..විශේෂයෙන් බයික්, වාහන, ෆෝන් වගේ ඒවා...ඒවා අරන් උන් මොනා හරි වැරදි වැඩක් කරොත් (කුඩු අැද්දොත්, මීනීමැරුමක් කරොත්) උඹව තමයි බෙල්ලෙන්ම මාට්ටු වෙන්නේ..
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,653
    8,974
    113
    Galaha
    බයික් එකේ රෙපයාර් වැඩකට සල්ලි ටිකක් ඉල්ලපන් ටිකක් ලොකු ගානක් දෙයිද බලන්න. ඌට දෙනන් බැරි උනොත් ආය බයික් එක ඉල්ලනෙ නැතිවෙයි අවුලට. අපේ ගෙවල් පැත්තෙත් එකෙක් ඉන්නව ඔහොම යාලුවන්ගේ බයික් ඉල්ලන උගේ වගේ. දවසක් මගේ ඉස්සරහදි කොල්ලෙක්ගෙන් ඉල්ලුවාම ඌ කීවා මම වැඩට යන බයික් එකනෙ බං හෙට මම වැඩට යනවනෙ කියල. ඌ යන වැඩක් නෑ බයික් එකේ මම් දන්න විදියට.

    ආ මමනම් කියල තියෙන්නෙ මට කවුරුවත් පුරුදුවෙන්නවත් වාහනයක් දීල නෑ නැති කාලේ ඒ නිසා මගෙන් ඉල්ලන්ඩත් එපා යාලුකම් නැතිවෙයි කියලා. මම විහිලුවෙන් වගේ ඕන දෙයක් මූනටම කියල දානව ගානක් නැතුව ඒ නිසා අවුලක් නෑ මටනම්. කොහොමත් මට කවුරුත් තරහ උනත් වැඩකුත් නෑ.
    ------ Post added on Sep 19, 2026 at 9:13 AM
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,762
    8,494
    113
    උබේ යාලුවෙක් බයික් එක හදිස්සියට අරන් ගිහින් වද්දලා ගෙනල්ලා කියලා. ඌ එක්ක බැනපං ආයේ නම් මොකෙක්ටවත් දෙන් නෑ කාලකන්නි හැත්ත කියලා
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,173
    5,196
    113
    අපිටනම් එහෙම කාගෙවත් දේවල් ඉල්ලන්න හිතෙන් නෑ හැමදාම. මොකෝ මිනිස්සු වාහන ගන්නෙ පොදු ප්රවාහනයට නෙමෙයිනෙ. ඌට උබේ හිත රිද්දල ඉල්ලන්න පුලුවන්නම් උබ ඇයි උගෙ හිත රිදිල්ලක් ගැන හිතන්නෙවත්? කෙලින්ම කියපන් මත් ගමනක් දාගෙන ඉන්නෙ දැන් කියල, ඊලග දවසෙ ආවොත් වෙන බොරුවක් ගහපන්. දවස දෙකයි ආයි එන්නෙ නෑ
    If he cause an accident, a person dies or critically injured you should be liable. Single use recommended