හයියෙන් දුවලා සිද්ද වුනේ.. ඉංග්‍රිසි ඩොකා කිව්වා විශේෂ සෙරෙප්පුවක් හදාගෙන ඒක දාගන්න කියලා , පේන් කිලර්ස් දුන්නා , ගොඩක් අමාරුනම් සර්ජරි එකකට යන් කිව්වා...ලක්ෂ 3-4 ක් යයිලු.කපලා කොටලලු කරන්නේ
මම බයයි බන් ඔය මගුල්වලට..ඕක කරාම ඇවිද ගන්න බැරි වුනොත් මොන දෙයියන්ට කියන්නද?
මම ආයුර්වේද මෙඩිසින් පටන් ගත්තා..පොඩි ගුනයක් තියනවා...ඉස්සර වගේ වේදනාව ටිකක් අඩුයි..මේක හැදිච්ච එකෙක් ඉන්නවද ..පුදුම දුකක් බන් ..ලැට් එකට ගිහින් අඩිය තියා ගන්නත් බෑ..ඇවිදගන්නත් බෑ...වේදනයි
එක තැන ඉන්න එකේ සාපෙ තමයි ඉතින්. වයසත් එක්ක අැඟම හොර වෙනවා. කෝකටත් තෙෙලය කියල කියවනවා කියලත් හිතෙයි, හැබැයි හැමදාම ටිකක් අැවිදල active පිට ඉන්නවා නම්, හරි හමන් පෝෂණයක් එනවා නම් මේ වගේ ප්‍රශ්න එන් නෑ.
නිකන්ම ඉඳලා එකපාර අරවා මේවා කරන්ඩ ගියාම ඔහොමම තමයි අනිත් තැනුත්. එකම තැන තිබිල මලකඩ කාල හිර වුණොත් මැෂිමකට වුණත් දුවන්ඩ බෑනෙ බං. තමන් එහෙම ඉන්න එකෙක් නම් එකපාර කරන වැඩ කරන්න නොයා හිටපන්.
හැදුණට පස්සෙ බෙහෙත් හොයනවට වඩා කලින්ම තමන්ගෙ අැඟ maintain එකේ තියා ගත්තාම ප්‍රශ්න අඩුයි ඉතින්. දැන් ඕකට සෑහෙන පරිස්සම් වෙන්න වෙනවනෙ. හොඳ වුණාට පස්සෙවත් පොදුවෙ ටිකක් active ඉඳහන්. වෙන මොනවත්ම කරන්න ඕන නෑ දවසකට පාරක් ටිකක් අැවිදින එක හොඳටම අැති. එ‍්කත් වෙනම වෙලාව අරන් කරන්න ඕනෙත් නෑ, රස්සාවකට එහෙම යනවා නම්, කෑම එකක් කන්න එළියට යනවා නම් වගේ ටිකක් දුර තැනක වාහනේ නවත්තලා එ‍් ටික පයින් යන එකත් හොඳටම අැති.
අපි දියුණුව කියල හිතාගෙන ඉන්නෙ මොනවත් නොකර එක තැනට වෙලා ඉඳගෙන සේරම කරගන්න පුළුවන් එක වෙන්න පුළුවන්. අද තියෙන දියුණු ලෝකෙ නිසා එදිනෙදා ජීවිතේ කොටසක් විදිහට අැඟට ලැබෙන්න තියෙන exercise ටිකවත් ලැබෙන් නැති එක සාමාන්‍යයි. හැබැයි එහෙම නම් අපි එ‍්ක බලෙන් හරි ලබා ගන්න ඕන.
තමන්ට ඕවා කරගන්න විනාඩි 10-15 වෙන් කරන්න බැරි තරම් busy කියල හිතාගෙන ඉන්න අයට ඉතින් ලෙඩක් අමාරුවක් හැදුණ දවසට තමයි busy එකේ හැටි තේරෙන්නෙ.