වයස අවුරුදු 80ක් විතර වයස මනුස්සයෙක් දවසක් දොස්තර කෙනෙක් ළඟට ගියා.
දොස්තර මහත්තයා එක්ක කතා කර කර ඉන්නකොට මනුස්සයා කිව්වා,
“ඩොක්ටර්, මගේ තරුණ බිරිඳට ළමයෙක් ලැබෙන්නයි යන්නේ!”
දොස්තරට මේක ඇහුවාම පුදුම හිතුණා.
“මොකක්? ඔයාගේ වයසත් එක්ක? ඒක වෙන්න බෑනේ!”
වයසක මනුස්සයා කියනවා,
“ඇයි බැරි? මට නම් විශ්වාසයි. අපිට ළමයෙක් ලැබෙන්නයි යන්නේ.”
එතකොට දොස්තර කිව්වා,
“හරි, මම ඔයාට කතාවක් කියන්නම්.”
“මගේ යාළුවෙක් දවසක් කැලේ දඩයමේ ගියා. හදිස්සියේම එයාට සිංහයෙක් දැක්කා.”
“එයාට තුවක්කුවක් වෙනුවට අතේ තිබුණේ
කුඩයක්.”
“ඒත් එයා කුඩය සිංහයා දිහාට දික් කරලා, තුවක්කුවක් වගේ
‘ට්‍රිගර්’ එක ඇද්දා.”
“බුම්!”
“සිංහයා එතනම මැරිලා වැටුණා.”
වයසක මනුස්සයා එකපාරටම කිව්වා:
“අනේ ඩොක්ටර්! ඒක නම් කොහෙත්ම වෙන්න බෑ! වෙන කෙනෙක් සිංහයාට වෙඩි තියෙන්න ඇති!”
දොස්තර හිනා වෙලා කිව්වා:
“ඒක තමයි මමත් කියන්නේ!”