ආවා මෙතන ඕනේ නැති වැඩ කරන්න: අයිස් කන්ටේනරය ඇල්ලූ සිද්ධියට නාකොටික් ලොක්කන් 6 කට වහාම මාරු!-Divaina

monson

Well-known member
  • May 7, 2007
    26,173
    29,993
    113
    :lol: 🤌
    අයිස් කන්ටේනරය ඇල්ලූ සිද්ධියට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 06 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

    මෙම නිලධාරීන් මාරුකර යැවීම සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට මේ වනවිටත් පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

    රුපියල් කෝටි 1000 කට ආසන්න වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පැටවූ කන්ටේනරයක් කොළඹ වරායේ තිබියදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පාදක කරගෙන මෙම මාරුවීම් ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ මෙම අයිස් කන්ටේනරය අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී සිදුවූ අක්‍රමිකතා සහ පැහැර හැරීම් හේතු කරගෙන මෙම උසස් පොලිස් නිලධාරීන්ගේ මාරුවීම් ක්‍රියාත්මක කරන බවයි.

    ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන, එහි අධ්‍යක්ෂවරයා, සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු සහ ස්ථානාධිපතිවරයා මෙසේ මාරුකර යැවීමට නියමිතය.

    ඊට අමතරව මත්ද්‍රව්‍ය නාශක අංශයේ තවත් පහළ ශ්‍රේණිවල නිලධාරීන් පිරිසක් ද ඉදිරියේදී මාරුකර යැවීමට නියමිතය. මෙම අයිස් කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ පසුගිය අගෝස්තු මාසයේදී ය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට ලැබුණු ඔත්තුවකට අනුව මෙම අයිස් කන්ටේනරය පිළිබඳව විමර්ශන ක්‍රියාත්ක කිරීම භාරදී තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙතයි.

    මත්ද්‍රව්‍ය නාශක අංශය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට සහ අධිකරණයට දැනුම්දී විමර්ශන කටයුතු ආරම්භ කර තිබිණි.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත මේ වනවිට චෝදනා එල්ල වී තිබෙන්නේ අයිස් කන්ටේනරය අත්අඩංගුවට ගැනීමේ විමර්ශනය ඉතාම මන්දගාමීව සිදුකිරීම සම්බන්ධයෙන්ය.

    පාකිස්තානයේ සිට රැගෙන ආ මෙම අයිස් කන්ටේනරය මාසයකට ආසන්න කාලයක් තිස්සේ කොළඹ වරායේ ස්ථානගත කර තිබූ අතර එය රැගෙන ආ ජාවාරම්කරුවන් උත්සාහ කළේ කෙසේ හෝ කන්ටේනරය වරායෙන් පිටමන් කිරීමටය.

    එසේ වරායෙන් පිට කිරීමට නොහැකි වූවොත් අයිස් කන්ටේනරය නැවත ප්‍රතිඅපනයනය කිරීමට ජාවාරම්කරුවෝ සැලසුම් කරගෙන සිටියහ.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මෙම කන්ටේනරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වද්දී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙනම පරීක්ෂණයක් ආරම්භ කළේය.

    ඒ අනුව මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය රේගුවට දැනුම් දී අධිකරණ නියෝගයක් ලබාගෙන කන්ටේනරය විවෘත කර එහි තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 467 ක් අත්අඩංගුවට ගත්තේය.

    මෙම අයිස් කන්ටේනරය සම්බන්ධයෙන් පාකිස්තානු ජාතිකයන් දෙදෙනකු ඇතුළු ජාවාරම්කරුවන් 07 දෙනකු පසුව අත්අඩංගුවට ගන්නා ලදී.

    හේමන්ත රන්දුණු

    - https://www.divaina.lk/main-news/104852
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,570
    1
    59,086
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත මේ වනවිට චෝදනා එල්ල වී තිබෙන්නේ අයිස් කන්ටේනරය අත්අඩංගුවට ගැනීමේ විමර්ශනය ඉතාම මන්දගාමීව සිදුකිරීම සම්බන්ධයෙන්ය.

    පාකිස්තානයේ සිට රැගෙන ආ මෙම අයිස් කන්ටේනරය මාසයකට ආසන්න කාලයක් තිස්සේ කොළඹ වරායේ ස්ථානගත කර තිබූ අතර එය රැගෙන ආ ජාවාරම්කරුවන් උත්සාහ කළේ කෙසේ හෝ කන්ටේනරය වරායෙන් පිටමන් කිරීමටය.

    එසේ වරායෙන් පිට කිරීමට නොහැකි වූවොත් අයිස් කන්ටේනරය නැවත ප්‍රතිඅපනයනය කිරීමට ජාවාරම්කරුවෝ සැලසුම් කරගෙන සිටියහ.
    So What Hello GIF by Power Book IV: Force
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,173
    29,993
    113
    :lol: 🤌
    ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු උසස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ ස්ථාන මාරුවීම් අවලංගුයි

    ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ලබාදී තිබූ ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
    ආයතනික අවශ්‍යතා සහ විමර්ශනවල ස්වාධීනත්වය තහවුරු කිරීමේ පියවරක් ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමටයි පොලිස් මූලස්ථානය පසුගියදා තීරණය කළේ.
    එම ස්ථාන මාරුවීම් ලැයිස්තුවට රන්මල් කොඩිතුවක්කු ගේ නම ද ඇතුළත් වුණා.
    මේ අතර කොළඹ වරාය පරිශ්‍රයේ බහාලුමක සඟවා තිබියදී සොයාගත් රුපියල් කෝටි 800කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ සහ රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඊයේ (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටියා.
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 03ක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිටව ගියා.

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,394
    18,445
    113
    35
    Spain
    ඔත්තුව් ලැබිලා තිබුනෙත් ඇමරිකන් බුද්ධි අංශයකින් කියනවා නෙ. ඉතින් ඕකුන්ට මේක හොදාගන්න බෑ. මට ෂුවර අර කන්ටේනර් 300 සිද්ධියේත් සෑහෙන තොගයක් මත්ද්‍රව්‍ය රට ඇතුලට ගන්න ඇති කියල.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,745
    1
    16,877
    113
    කොහෙද ඉතිං කියවන්න බෑ නෙහ්, ගෘප් එකෙ දාන එක කොපි කරන් දුවන් එනවා මෝඩ ගුපියා!
    ඌ දාන එක ඌ දන්නෙ නැ.. :lol: :lol:


    "පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත මේ වනවිට චෝදනා එල්ල වී තිබෙන්නේ අයිස් කන්ටේනරය අත්අඩංගුවට ගැනීමේ විමර්ශනය ඉතාම මන්දගාමීව සිදුකිරීම සම්බන්ධයෙන්ය."