යුක්‍රේනය තවමත් අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප කර්මාන්තය නීතිගත කර නොමැති රටක් වන අතර, වැඩිහිටියන්ගේ අනුමැතිය සහිතව නිර්මාණය කෙරෙන එවැනි අන්තර්ගතයන් අපරාධයක් නොවන බවට පත්කිරීමේ (decriminalization) පනත් කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුවේ සලකා බලමින් පවතී. 'ඔන්ලි ෆෑන්ස්' වැනි කුලියට අසභ්‍ය වීඩියෝ සපයන අන්තර්ජාල මාධ්‍ය හරහා මෙම කර්මාන්තය සරුවට කරගෙන යන යුක්රේන ජාතික කාන්තාවන් විශාල වශයෙන් මුදල් උපයන පසුබිමක රජය ඔවුන්ගෙන් බදු අයකරගැනීම මෙහි මූලික අපේක්ෂාවයි.