ක්‍රිෂ් නඩුව - එයාර්බස් නඩුව අහන තැන. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතට ම.ර.ණ. තර්ජන....!

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,898
    113
    කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට ම.ර.ණ. තර්ජන එල්ල වී ඇති බව වාර්තා වේ.
    ඒ සම්බන්ධයෙන් වන අනතුරු හැගවීමේ ලිපියක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ලැබි ඇති බවත්, විනිසුරු පසන් අමරසේන මහතා පොලිස්පතිවරයාට ඒ පිළිබදව දැනුම් දී ඇති බවත් පැවසේ.
    පොලිස්පතිවරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබදව විමර්ශනයක් අරඹා තිබේ. ඒ අනුව, ඊයේ දිනයේ දී විනිසුරු පසන් අමරසේන මහතාගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
    මේ වන විට මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන ඇති බව පැවසේ.