මේ කතාව ටිකක් ආයෙ මතක් කරගන්න වටින කතාවක්.
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී, LRDC (Land Reclamation and Development Corporation) එහෙමත් නැත්නම්, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9ක රාජ්‍ය මුදල් අයථා ලෙස භාවිතා කලා කියලා එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නඩුවක් ගොනු වුණා.
මෙක නිකන්ම නිකන් කටකතාවක් නෙමෙයි. නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරලා, නඩුව විශේෂ මහාධිකරණයේදී විභාග වෙමින් තිබුණා.
ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් මාසයේ ජනාධිපති ධුරයට පත්වුණාට පස්සේ, ජනාධිපතිවරයෙකුට එරෙහි නඩු පැවරීම සම්බන්ධ ව්‍යවස්ථා තත්වය ජනාධිපති මුක්තිය සැලකිල්ලට අරගෙන ඔහුට එරෙහි නඩු කටයුතු අවසන් කළා. ආයෙත් කියනවා, නඩු කටයුතු අවසන් කලා..
ගෝඨාභය ගේ Travel Ban පවා ඉවත් කලා. ඒත් කතාව එතනින් ඉවර වුණේ නම් නෑ.
පස්සේ ඉතිරි විත්තිකරුවන් හයදෙනාට එරෙහි නඩුවත් ඉදිරියට ගියේ නෑ. ඩී.ඒ. රාජපක්ෂ පදනමෙන් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කරලා තිබුණා කියලා LRDC සභාපති ලිකිතවම අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව 2021 ජූලි 2දා නීතිපතිවරයා තවදුරටත් නඩුව පවත්වාගෙන යන්නේ නැති බව දැනුම් දුන්නා. පස්සේ විත්තිකරුවන් හයදෙනාත් නඩුවෙන් නිදහස් කළා.
දැන් මෙතන තමයි මට තියෙන ප්‍රශ්නය:
රාජ්‍ය මුදල් භාවිත කරලා ඉදිකිරීමක් කළා කියන චෝදනාවක් මත නඩුවක් ගියා. පස්සේ අදාළ මුදල් පෞද්ගලික පදනමකින් රාජ්‍ය ආයතනයට ගෙවලා තිබුණා. එතකොට කෝ වංචාවට දඩුවම? වංචාවක් උන නිසා නේ ඒ මුදල ආයේ ගෙව්වෙ!
ඒ කාලේ LRDC සභාපතිවරයා කියලා තිබුණේ මුල් ඇස්තමේන්තුව රුපියල් මිලියන 33.9ක් වුනාට, පස්සෙ ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 64.808ක් දක්වා වැඩි වුනු බවත්, බදු එකතු වුණාම එය රුපියල් මිලියන 81.313ක් දක්වා ගියා කියලා.
ඒ වියදම වැඩිවීමට හේතුව ලෙස ඉදිකිරීම් කිහිපවරක් කඩා ඉවත් කර නැවත වෙනස් කිරීම් සිදු කළ බවත් ඔහු සඳහන් කරලා තිබුණා.
ඒ කියන්නේ මේක රුපියල් මිලියන 33.9ක කතාවකින් විතරක් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තව මිලියන 47.413ක සෝර්ට් එකක් තියනවා නේ..
රාජ්‍ය මුදල් මුලින්ම භාවිත කළේ කාගේ තීරණයකින්ද? අනික මේ මිලියන 83 රජයේ තිබ්බා නම් කොච්චර නම් දෙයක් කරන්න තිබ්බද?
දැන් ජනාධිපති ගෝඨාභය නෙමේ. ඒක නිසා පරීක්ෂණ කරන්න පුලුවන්. එක්කො අර ඉතුරු මිලියන 47.413 රජයට ගෙවන්න කියන්න ඕනේ. නැත්නම්, වහාම දඩුවම් ලබා දෙන්න. මොකද මේ අපේ බදු සල්ලි.
නීතිපති කාර්යාලය සහ අදාළ විමර්ශන ආයතන විසින් මේ ගනුදෙනුවේ සම්පූර්ණ ලිපිගොනු, වියදම්, අනුමැතීන් සහ මුදල් ගමන් කළ ආකාරය නැවත සමාලෝචනය කළ යුතුද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් ජනතාවට ලබාදිය යුතුමයි.
සටහන: Vianguard