ආහාර ඉල්ලා ඉරාන නැව්වලින් දුක්ගැනවිලි! ආපහු කරාපිටියේ admit වෙන්න වෙයිද?

monson

Well-known member
  • May 7, 2007
    26,076
    29,796
    113
    මදැයි ඉරාන මුල්ලා රටේ මිනිහෙක් හිතේ හැටියට මරාගෙන ලෝකේ වටේ ත්‍රස්තවාදය පතුරගෙන ඉන්නේ නැතුව ඇමෙරිකාව Israel එක්ක හැප්පෙන්න ගියා :lol: 🤌

    ඉරාන නෞකාවලට සේවා දුන්නොත් ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් සම්බාධක? - ආහාර ඉල්ලා ඉරාන නැව්වලින් දුක්ගැනවිලි

    ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ කොටුවී ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක එල්ලවිය හැකි බවට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවා ඇතැයි අමෙරිකාවේ "ද වෝල් ස්ට්‍රීට් ජර්නල්" පුවත්පත පවසා තිබේ.
    මෙම ඉල්ලීම ආසන්න සති කිහිපය තුළ අමෙරිකානු බලධාරීන් ශ්‍රී ලංකා රජයෙන් සිදුකර ඇතැයි ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.
    අමෙරිකානු අවහිරකිරීම් නිසා දින ගණනක් පුරා කොටුවී ඇති මෙම නෞකාවලින්, ආහාර ඉල්ලා ඉතා දුක්බර ඉල්ලීම් ලැබෙන නමුත්, රජයේ අනුමැතියක් නොමැතිව සේවා සැපයිය නොහැකි බවට මෙරට නැව් නියෝජිතයින් පවසා ඇති බවද එම පුවත්පත වාර්තා කරයි.
    ඉරානයට අයත් හිස් ඉන්ධන ප්‍රවාහන නෞකා 20ක් පමණ ඉන්දිය සාගරයේ ශ්‍රී ලංකාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපය නුදුරින් නැංගුරම් ලා ඇති බව විදෙස් මාධ්‍ය අවස්ථා කිහිපයකදීම අනාවරණ කළේය.
    ඒ අමෙරිකාව හෝමුස් සමුද්‍රසන්ධියේ නාවික අවහිරයක් ප්‍රකාශයට පත් කළ පසුගිය ජුලි මාසයේ සිටයි.
    මෙරට නිරතදිග වෙරළේ සිට සැතපුම් 15ක පමණ දුරකින් නවත්වා ඇති මේ නෞකාවල කොටුවී සිටින නාවිකයින් බරපතළ ආහාර, ඉන්ධන සහ පානීය ජලය හිඟකමින් පීඩාවට පත්ව ඇතැයි අමෙරිකාවේ 'ද වෝල් ස්ට්‍රීට් ජර්නල්" වාර්තා කර තිබේ.
    එම වාර්තාවලට අනුව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් මෙලෙස කොටු වී ඇත්තේ, අමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති ඉරාන බොරතෙල්, චීනය වෙත ප්‍රවාහනය කළ නෞකායි.
    එම නෞකා මැලේසියාව ආසන්නයේ දී චීනය වෙත ඉන්ධන තොග ලබාදී ආපසු පැමිණෙමින් සිටියදී මෙලෙස මෙරට ආසන්නයේ නැංගුරම් ලා ඇති බව වාර්තා වෙයි.
    ද වෝල් ස්ට්‍රීට් ජර්නල් අනාවරණයට අනුව ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි ආසියානු රටවල් කිහිපයක් ආසන්නයේම මෙවැනි නෞකා නැංගුරම් ලා තිබේ.
    දේශීය නැව් මගින් එම නැව් සහ ඒවායේ කාර්ය මණ්ඩලවලට සැපයුම් ලබාදීමෙන් වළකින්නැයි ආසන්න සති කිහිපය තුළ අමෙරිකානු බලධාරීන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇතැයි ද මේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.
    මැලේසියාව ආසන්නයේ තිබූ මෙම නෞකාවලින් වැඩි කොටසක් ගෙවුණු මාස දෙක තුළ ශ්‍රී ලංකාව ආසන්නයට පැමිණ ඇත්තේ, ඉරාන නෞකාවලට ඉන්ධන සහ සැපයුම් ලබාදීමට ශ්‍රී ලංකාව මීට පෙරද කටයුතු කර තිබීම හේතුවෙන් බව ජර්නල් පුවත් වාර්තා පවසයි.
    මෙම නෞකාවලට සේවා සැපයීමෙන් වළකින ලෙස මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා රජය දැනුම්වත් කර ඇතැයි ද වාර්තාවේ සඳහන් වෙයි.
    ඒ, එසේ නොකළහොත් ද්විතීයික සම්බාධකවලට යටත්වීමේ අවදානමට ලක්වන්නැයි ද අනතුරු ඇඟවමිනි.
    මෙවන් පසුබිමක, ඉරාන ධජය දරන බහාලුම් නෞකා දෙකක් කොළඹ වරාය සීමාව වෙත පැමිණියත් එම නෞකාවලට ද සේවා සැපයීම "නුවණට හුරු ක්‍රියාවක් නොවන" බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය තමන්ට දැන්වූ බව ජර්නල් පුවත්පත පවසයි.
    සම්බාධක මතුවීමේ අවදානම මත ඔවුන් මෙලෙස පැවසූ බව එහි සඳහන් වෙයි.
    මෙවැනි තත්ත්වයක මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය සැප්තැම්බර් මාසයේදී ලාංකික නිලධාරීන් 40ක කණ්ඩායමක් සඳහා තෙදින පුහුණු සැසියක් ද පවත්වා තිබේ.
    ඒ නැව් නියෝජිතයන්, ඉන්ධන සැපයුම්කරුවන් සහ වෙනත් සේවා සමාගම්, සම්බාධක පනවා ඇති නෞකාවලට "දැනුවත්ව හෝ නොදැනුවත්ව" සහාය වුවහොත් අමෙරිකානු දඬුවම්වලට ලක්වීමේ අවදානම පෙන්වා දීමට බව පුවත් වාර්තාව පවසයි.
    ඩුබායි පාදක කරගත් නාවික ඒජන්තවරු, එම නෞකා වෙත ආහාර සහ ඉන්ධන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීම් රැසක් කර ඇතත්, අමෙරිකාව සම්බාධක පැනවීමට ඇති අවදානම සලකා මෙරට සැපයුම්කරුවන් එම නැව්වලට සහාය දැක්වීමට මැලිබවක් දක්වන බවද වාර්තා වෙයි.
    මේ අතර ලාංකික නැව් නියෝජිතයෙක් පවසා ඇත්තේ මෙම නෞකාවලින් ආහාර ඉල්ලා ඉතා දුක්බර ඉල්ලීම් ලැබෙන නමුත්, රජයේ අනුමැතියක් නොමැතිව එසේ කළ නොහැකි බවයි.



    - https://sinhala.adaderana.lk/news/252424

    cD25UKF.jpeg
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,787
    13,639
    113
    සිරි කෑන් එකක් වෙන්න යන්නෙ.
    විජිතයා ගේමක් ගහයිද
     
    • Sad
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,220
    10,833
    113
    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (Surah At-Taghabun 64:11)


    @redux උඹලගේ ජිහාඩ් ඌරෝ කන්න නැතිව මැරෙන්නේ උඹේ දෙවියන්න්ගේ කැමත්තට් නේද බන් ?​

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,883
    1
    63,089
    113
    Mother Earth
    https://www.marinetraffic.com/en/ais/home/centerx:80.0/centery:6.5/zoom:11
    අඩේ පව් බන්. ඇත්තට එහෙම පුළුවන්ද බන් වෙන රටකට බලපෑම් කරන්න ? අපේ මුහුදු සීමාවෙ ඉද්දි අපිට බැරි ඇයි අපිට ඕන අයට උදව් කරන්න ? 🤷‍♂️
    tDOZby.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,414
    12,527
    113
    Ohio, USA
    https://www.marinetraffic.com/en/ais/home/centerx:80.0/centery:6.5/zoom:11
    අඩේ පව් බන්. ඇත්තට එහෙම පුළුවන්ද බන් වෙන රටකට බලපෑම් කරන්න ? අපේ මුහුදු සීමාවෙ ඉද්දි අපිට බැරි ඇයි අපිට ඕන අයට උදව් කරන්න ? 🤷‍♂️
    tDOZby.jpg

    Ape Ratin Ehema karanne naha Ban.. Horen Hari Gihilla Dei.. Lankawe un Ehema karana Un newei..
    Navi Eken unath help karanna bari naha.. (un officially)
    Namuth Dan Lankawema innawa M0ssad shekal walata wadakarana un.. Un paawala dunnoth misak.

    කෑම වතුර නොදී ඉන්න එකනම් අවුල් නේද...
    Ehema Kaloth GAZA wala Israel Eka kalata Passe lankaweth Ehema kala kiyana Chodana wa ma dawasaka Enna puluwan.. namuth Lankawa Ehema karana Ekak naha.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,937
    17,478
    113
    35
    Spain
    උන්ගේ නැවු ටික යුද්ධය ඉවර වෙනකම් ලංකා ආණ්ඩුවේ අත්අඩංගුවට ගත්ත නම් හරි. එතකොට සලකන්න බාධාවක් නෑ නේ. උන් මොකක් හරි කෑම්ප් එකක දාල තියන්න පුළුවන්. යුද්ධය ඉවර වුනාම ආපහු උන්ගේ රටට යවනවා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,937
    17,478
    113
    35
    Spain
    පජාත JVP චණ්ඩි කෝ දැන් ? :lol:

    s709tqX.jpeg

    Fhy16Bs.jpeg
    අප්පා මුන් ඒ කාලේ වෙනිසුලාවටත් කඩේ ගිහින්, ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව. දැන් නම් ඇති කෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඇත්තේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,076
    29,796
    113
    අප්පා මුන් ඒ කාලේ වෙනිසුලාවටත් කඩේ ගිහින්, ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව. දැන් නම් ඇති කෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඇත්තේ.
    ඕකුන් අදටත් විපක්ෂේ හිටියනම් american embassy එක ඉස්සරහ උද්ගෝෂණ කරනවා නැව් වලට කෑම දෙන්න කියලා අඳ බාලයෝ අන්දන්න.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,385
    21,042
    113
    හස්තිශෛලපුර
    Ape Ratin Ehema karanne naha Ban.. Horen Hari Gihilla Dei.. Lankawe un Ehema karana Un newei..
    Navi Eken unath help karanna bari naha.. (un officially)
    Namuth Dan Lankawema innawa M0ssad shekal walata wadakarana un.. Un paawala dunnoth misak.


    Ehema Kaloth GAZA wala Israel Eka kalata Passe lankaweth Ehema kala kiyana Chodana wa ma dawasaka Enna puluwan.. namuth Lankawa Ehema karana Ekak naha.
    Namuth Dan Lankawema innawa M0ssad shekal walata wadakarana un.. Un paawala dunnoth misak.

    oya nav athulet mossad ewun ati..
     
    • Like
    Reactions: NRTG

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,987
    4,438
    113
    • Wow
    • Like
    Reactions: Candid-B and NRTG

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,661
    2,155
    113
    marenna gilenna giya unwath bera gatte ape un.. kama watura nodi inna bari kamak nathuwa athi... eth pawala dena ekath ape jathiyema puruddak.. kari wade naw wala inna unta wela thiyenne,, paw...
     
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,570
    5,808
    113
    නැවක් ගිනි ගැනීමට නියමිත්ද?... එතකොට අපි ගිහින් බේරගෙන එන්න එපෑ
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,449
    199,419
    113
    Colombo, Sri Lanka
    මේකනම් හරිම අමානුශිකයි. මනුස්සකම සේරටම වඩා වටිනවා. මිනිස්සුන්ගෙන් කෑම වතුර දෙන්නේ නැතුව පළිගන්නවා කියන්නේ හිතන්නත් බැරි තරම් අපරාධයක් මටනම් ..... :(