ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය | Sri Lanka Cricket Museum

PASAN147

Well-known member
  • Oct 19, 2006
    811
    1,516
    93
    Heiyanthuduwa - Kelaniya
    ඔයත් දැඩි ක්‍රිකට් ලෝලියෙක්ද? එසේනම්, ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ අමතක නොවන ජයග්‍රහණ, අතිවිශේෂ මතකසටහන් සහ අපේ ක්‍රිකට් විරුවන්ගේ දුර්ලභ සංකේත සියසින් දැකබලා ගැනීමට කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය (Sri Lanka Cricket Museum) වෙත ගියොත් බලා ගන්න පුලුවන්. * මම දැඩි ක්‍රිකට් ලෝලියෙක් නොවුනත්, මීට වසර කීපයකට කලින් මේ ක්‍රිකට් කෞතුකාගාරය බලන්න ගියා.
    🌟
    මෙහිදී දැකබලා ගත හැකි විශේෂ දේවල්:
    🏆
    1996 ලෝක කුසලානය: අපේ රටට රන් අකුරෙන් ලියවුණු 1996 Wills World Cup කුසලානය ඇතුළු ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක මතකයන්.
    🏏
    ඓතිහාසික ක්‍රිකට් භාණ්ඩ: සනත්, මුරලි, අරවින්ද ඇතුළු ප්‍රකට ක්‍රීඩකයන් භාවිතා කළ පිති, පන්දු, ජර්සි සහ උපකරණ.
    📸
    දුර්ලභ ඡායාරූප: ශ්‍රී ලංකා ක්‍රිකට් ආරම්භක යුගයේ සිට අද දක්වා ඓතිහාසික අවස්ථා දැක්වෙන දුර්ලභ ඡායාරූප එකතුව.
    📜
    විශේෂ තොරතුරු: ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ සන්ධිස්ථාන සහ සංඛ්‍යා ලේඛන රැසක් එකම තැනකින්.
    📍
    ස්ථානය: ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථාන පරිශ්‍රය, අංක 35, මේට්ලන්ඩ් පෙදෙස, කොළඹ 07.
    ⏰
    විවෘත වේලාවන්: සදුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 9:00 සිට ප.ව. 5:00 දක්වා.
    🌟
    ටිකට් : රු.100/- යි.
    👨‍👩‍👧‍👦
    ඔබගේ පවුලේ අය සහ යාලුවන් එක්ක ඇවිත් අපේ අභිමානවත් ක්‍රිකට් ඉතිහාසය ආවර්ජනය කරගන්න!
    .
    👉
    විනාඩි 4 ක කෙටි වීඩියෝව බලන්න :-


    .
    .
    * මම තනියම ගිය ට්‍රිප් 100 ගනනක් බලන්න...
    පසුගිය සියලුම සංචාරයන් Index >>>
    .
    .
    (C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
     
    • Like
    • Love
    Reactions: lima20 and kinkon