මිලේනියම් සිටි පොදු පහසුකම් ඉඩමට පෙර වදනක්.

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,914
    17,142
    113


    අපි කවුරුත් දන්න කාරණයක් තමයි,
    ලංකා වානේ සංස්ථාවට අයිති අක්කර 300 කට අධික බිම් ප්‍රමාණයෙන් අක්කර 170 පමණ කොටසක් එවකට රටේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින්, ආයෝජන මණ්ඩලයට පවරා, ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස මධ්‍යම පරිමාණ නිවාස යෝජනා ක්‍රමයක් වෙනුවෙන් සෙලින්කෝ ඩිවලපර්ස් ආයතනයත් සමග ගිවිසුමකට එළබුනා කියලා.

    සෙලින්කෝ ඩිවලපර්ස් ආයතනය මේ මිලේනියම් සිටි ව්‍යාපෘතිය වෙනුවෙන් ව්‍යාපෘති වාර්තාවක් හදනවා. ඒකට දාපු නම තමයි " පරිසර වාර්ථාව".

    ඒකේ, නිවාස හදන ඉඩම්වල ප්‍රමාණය, පාරවල් සකස් කරන ආකාරය, ජලය බැස යන ආකාරය, මළ අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය, හදන නිවාස වර්ග, ජලාශ, වවන ගස් වර්ග, සහ මේ මිනිසුන් ගේ පහසුව සඳහා ලබාදෙන, අනෙකුත් සේවා ඇතුළත් වෙනවා.

    ඒකේ තියෙන කරුණු වලින් මිලේනියම් සිටි නිවැසියන් සඳහා ලබාදෙන ප්‍රධානම යටිතල පහසුකම් අතර,

    ප්‍රධාන බස් නැවතුම් පලක්

    බැංකු පද්ධතියක්

    තැපැල් කන්තෝරුවක්

    සිනමා ශාලාවක්

    ක්‍රීඩාපිටියක්

    දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්

    වාහන නැවතුම් පලක්

    වෙළද සංකීර්ණයක්

    ඇතුළත් වෙනවා. ( මුලදී මිලේනියම් සිටි සේල්ස් ඔෆිස් එකේ ඉස්සරහම ඔය කියන ඉඩමේ මොනවද කරන්නේ කියලා ග්ලාස් කියුබිකල් එකක් ඇතුලේ ඩමී ස්ට්‍රක්චර් එකක් හදලා තිබ්බා. ඒක ඇතුලේ ඔය උඩ කියන හැම ෆැසිලිටි එකක්ම පෙන්නලා තිබ්බා. ගෙවල් ගන්න එන හැමෝට ම පෙන්නුවේ ඒ පොදු පහසුකම් සැලැස්මයි.)

    නමුත් 1998 සිට මේ වන තෙක් මේ පොරොන්දු වූ, සහ ආයෝජන මණ්ඩලය සමග ඇති කරගත් ගිවිසුම් වල ඇති සහ මේ සදහා ඇති නීත්‍යානුකූල ප්‍රධානම නියැවිල්ල වන "පරිසර වාර්ථාව" ලෙස නම් කර ඇති ව්‍යාපෘති වාර්තාවේ පවා සඳහන් ප්‍රධාන සේවා කිසිවක් ලබා දී නෑ.

    මේ ව්‍යාපෘතියේ තියෙන අභිරහස් කාරණය තමයි, කලාප 07 ක් ලෙස බෙදා වෙන් කල මේ මුලු ඉඩමේ, නිශ්චිතව කුමක් කරනවාද කියලා ලිඛිතව නම් නොකල , අක්කර 1,1/2බිම් කොටසක් තිබීම.

    ඒ ඉඩම තමයි මේ අක්කර 150 කට අධික මුලු බිම් ප්‍රමාණයෙන් වටිනාම අක්කර 1,1/2 ර.
    ඒ ඉඩම පිහිටලා තියෙන්නේ මිලේනියම් සිටි වට රවුමට ලගම, කලින් මිලේනියම්සිටි නම සඳහන් කරලා තිබ්බ වතුර මලට පිටුපස.

    නිවාස 1600 ක් පමණ නිවැසියන් සියලු දෙනාට එම නිවාස මිලදී ගන්නා අවස්ථාවේ කට වචනයෙන් පොරොන්දු උනේ, ඉහත කියපු සියලු පොදු පහසුකම් ඉදි කරන්නේ ඔය කියන ඉඩමේ බව.

    නමුත්, 2009 දී, එවකට තිබූ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග එක්ව, එම අක්කර 1,1/2 නුත්, භාගයක් නැවත කොටස් වලට කඩා ඉඩම පමණක් විකුණනවා පමණක් නෙමේ එම ඉඩම් නේවාසික ඉදිකිරීම් සඳහා අනුමත කරලත් දෙනවා.

    ආයෝජන මණ්ඩලය සමග ඇතිකරගත් ගිවිසුමේ තියෙන්නේ නිවාස ඉදිකර විනුණන්න උනත් බලධාරීන් අල්ලගෙන, ඉඩම් කට්ටි කර විකුණුවා.
    දැන් ඒ කොටසෙනුත් ඉතිරි වෙලා තියෙන්නේ, පර්චස් 100 යි.

    මේ විදිහට මේ වනතෙක් ආපු මේ ව්‍යාපෘතියේ කූටප්‍රාප්තිය තමයි මේ දිනවල සිදුවන්නේ.

    ඒක සැකවින් කියනවා නම්,

    මේ වසරේ මුල කඩුවෙල මහ නගර සභාවට නාගරික සංවර්ධන අධිකාරිය ලියුමක් එවනවා, සෙලින්කෝ ආයතනය අර කියපු ඉඩමේ ඉතිරි පර්චස් 100 තුල එපාට්මන්ට් එකක් හදන්න අවසර ඉල්ලා තිබෙන බවත් ඒකට නගර සභාවේ අනුමැතිය ලබා දෙන ලෙසත් කියලා.

    ඒකට නගර සභාව පිළිතුරු යවනවා, මේකේ මූලික සැලැස්මට පරිබාහිර නිසා අනුමැතිය දෙන්න බෑ කියලා.

    එතකොට මූලික සැලැස්මේ තියෙන්නේ, බස් ටර්මිනල්, බැංකු, තැපැල් කන්තෝරු, සිනමා ශාලා.
    හැබැයි දැන් හදන්න අවසර ඉල්ලන්නේ එපාට්මන්ට්.

    ගෙවල් 1600 මිනිස්සු රවට්ටලා, දෙනවා කිවුව පොදු පහසුකම් කිසිවක් ලබා නොදී, මිනිස්සුන්ට අඩුම තරමේ රැස් වෙන්න තැනක් නැතුව,ගස් යට ගල් උඩ වාඩි වෙලා ඒ ඒ කලාප වල සමිති රැස් වෙන වෙලාවක,ඒ වෙනුවෙන් තියෙන අවසාන බිම් කොටසෙනුත් තවමත් ලාභයම හොයන කම්පැණියකට ඉඩදීලා බලන් ඉන්න බැරි හින්දා තමයි මිනිස්සු පෙරට ඇවිල්ලා තියෙන්නේ. මිනිසුන්ගේ මේ ඉල්ලීම මීට කලින් රජයන්ටත් දැන්වූවත් කිසිම ප්‍රතිචාරයක් නොදැක් වූවා වාගේම ඒවා ආරක්ෂා කලා.
    නමුත් වත්මන් රජයේ, කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති තුමාට සහ අසිත මංත්‍රී තුමාට මේ අසාධාරණ කිවුවාට පස්සේ ඔවුන් ඒක නිසි බරින් අරගෙන ජනතාවගේ උදවුවට පැමිණියා.
    මිලේනියම්සිටි ජනතාව වෙනුවෙන් අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.

    සෙලින්කෝ කම්පැණිය ගෙවල් හදලා ඒවා විකුණලා දැන් ලාභ හොයාගෙන ඉවරයි. එයාලා ආයි රිටන් එකක් නැති බස් ස්ටෑන්ඩ්, වගේ ඒවා කීයටවත් හදන්නේ නෑ.
    මිලේනියම්සිටි වට රවුම ගාව වතුර මලට ඉහළින් තිබුච්ච මිලේනියම් සිටි කියන නම කඩාගෙන වැටිලා මේ වෙනකොට වසර 15ක් විතර වෙනවා. එතකොට ඔය කියන මිලේනියම් සිටි පාලන අධිකාරිය මෙච්චර කල් මොකද කලේ?
    අවුරුදු 25 කට වැඩිය ඔය හරියේ තියෙන වටිනාම ඉඩම කැලේට ඇරලා තිබ්බේ පොදු පහසුකම් ඉඩමක් හින්දා නෙමේද?
    මේ ඉඩමේ ගැටලුවක් නැත්තම්, ඇයි සෙලින්කෝ එකේ වර්තමාන CEO රොහාන් ඩි සිල්වා මේ ගැටලුවට මිලේනියම්සිටි එකට සයිට් විසිට් එකකට, BOI එකත් එක්ක ආවට පස්සේ කිවුවේ අපි බිම බස් ස්ටෑන්ඩ් එකකට දෙන්නම්, අපිට උඩ එපාට්මන්ට් එකක් ගහන්න දෙන්න කියලා.?

    ඒක නිසා අපි මිලේනියම් සිටි හරි නවලෝකෙ හරි පර ලෝකේ හරි කම්පැණි වල මහත්වරුන්ට සහ කඩුවෙල උසාවියේ ඇක්ටින් නගින කමල් මහත්තයාටත් කියන්නේ, රජය මැදිහත් වෙලා වියදම් කරලා, දැන් මේ කරගෙන යන " මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය ටවත් බාධා නොකර පාඩුවේ ඉන්න කියලායි.
    මොකද, අවුරුදු 25 කට වැඩි කාලයි ඔයාල මිලේනියම්සිටි මිනිස්සුන්ට ලබා දෙනවා කියපු කිසිම පහසුකමක් මේ වනතෙක් ලබා දීලා නෑ.

    මේ ගෙවල් මිනිස්සු මිලදී ගත්තේ ඔයාලා සහ රජයේ ආයෝජන මණ්ඩලය මැදිහත් වෙලා කරපු ව්‍යාපෘතියක් නිසා,
    ඔයාලව විශ්වාස කරලා, රජය විශ්වාස කරලා, හදපු ගේ දකින්නෙත් නැතුව.

    ඒ ගත්ත මිනිස්සු වැඩි හරියක්, මේ ලබාදෙනවා කියපු කිසිදු පොදු පහසු කමක් දකින්නේ, විදින්නේ නැතුව දැන් ජීවිතයෙනුත් සමු අරගෙන ඉවරයි.

    අවසාන වශයෙන් මිලේනියම් සිටි ජනතාව විදිහට අපි මිලේනියම් සිටි ඔය පාලන අධිකාරියද මොකක්ද කියන ආයතනයෙන් අහන්නේ, මේ අදාල ඉඩම ඔයාලගේ පුද්ගලික ඉඩමක් නම්, අර ඉහත මම සඳහන් කල, ඔයාලා මේ ගෙවල් විකුණන කොට පොරොන්දු වෙච්ච පොදු පහසුකම් ටික හදලා දෙන්නෙ කොහෙද කියලා කියන්න.
    එතකොට අපිට පුළුවන් ඒ ගැන සලකා බලන්න.
    කොහොම උනත්, මිලේනියම් සිටි ජනතාවගේත් , ඔරුවල, ශාන්තාලෝකගම ජනතාව ගේත් එකම පැතුම, මිලේනියම්සිටි ජනතාවගේ පොදු පහසුකම් ඉඩමේ, බස් ස්ටෑන්ඩ්. එක චිරාත් කාලයක් තිබෙනවා දැකීමයි.
    ස්තූතියි.

    අතුරැගිරිය පැත්තේ කොල්ලෝ ඉන්නවද? ගිහින් අසිතයට සපෝට් එකක් දියල්ලා!
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,763
    16,802
    113
    කොමියුනිස්ට් ජෙප්පෝ වැඩ පටන් ගන්න වගේ යන්නේ..චීනෙත් ඔහොම තමයි පටන් ගත්තේ අනුන්ගේ ඉඩම් බලෙන් අල්ලගෙන.ලංකාවේ පිනට කකා ඉන්න හිඟන ජෙප්පෝ තව ඒවට උඩ ගෙඩි දෙන්න හෑලිත් ලියනවා....🙃



     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,851
    5,897
    113
    ඕවාවට ක්‍රම තියනවා බන්. වැඩේ හෙට පටන් ගන්නවානම් අද ඩෝසර් කරලා හරියන්නේ නැහැ. අවුරුද්දක් වෙනවානේ ඔය ලබ්බ පටන් අරන්. මාස හයකට කලින් වත් plan කරන්න ඕනේ මාස තුනකට කලින් වත් පටන් ගන්න ඕනේ. අනික බලහත්කාරයෙන් අල්ලන්න යන්නේ නැතුව සෙලින්කෝ එකක් එකක් ඕක හදන්න ඕනේ. ඔය ඕනේ තරම් එහෙම කලින් කරලා තියෙන්නේ. ඔව්වාට ටැස්ක් එහෙම අඩු වෙනවා. ඉතින් එව්වා ගෙන් වැඩක් ගනූන දැන් ගන්න ඕනේ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,914
    17,142
    113
    ජෙප්පො අපියි ජෙප්පො අපියි රට හදන........



    Kohomada athurugiriye gamma?
    ------ Post added on Oct 4, 2026 at 11:48 AM