https://www.facebook.com/share/p/1EUS2TWnaj/
Copy Paste
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ගෙන්, වැඩිම මුදල් වියදම් කරන්නේ රුසියානු සංචාරකයන් බව, සන්ඩේ ටයිම්ස් පුවත්පත, සංචාරක ප්‍රවර්ධන ආයතනයේ 2025 දත්ත උපුටා දක්වමින් වාර්තා කර තිබුණා. අපි ඒ ගැන සහ වසරකට රුසියාවෙන් සංචාරකයන් කොපමණ පැමිණෙනවා ද ගැන විස්තර සහිත පෝස්ට් එකක් ගෙන ආවා, එය මෙතැනින් බැලිය හැකියි https://www.facebook.com/share/p/19Repk4PBm/.
රුසියානු සංචාරකයන් රැගෙන සෑම වසරකම ශීත සෘතුවේ (ඔක්තෝබර් සිට මාර්තු දක්වා) රුසියානු ගුවන්යානා ගණනාවක් පැමිණෙනවා. රුසියානු ජාතික ගුවන් සේවය එයරෝෆ්ලොට්, හෙට (2026-10-04) සිට සතියට දෙවරක් මොස්කව් සිට කටුනායක වෙත පැමිණෙනවා. ඒ මඟීන් 405 ක් ගෙන යා හැකි ඇමරිකාවේ නිෂ්පාදිත බෝයිං 777-300ER යානා සමඟයි.
රුසියා - යුක්රේන් යුද්ධය නිසා ඇමරිකාව රුසියාවට නොයෙකුත් සම්බාධක පනවලයි තිබෙන්නේ. ඇමරිකානු බෝයිං යානා වලට අවශ්‍ය අමතර කොටස් රුසියාව මිලදී ගැනීම වැළැක්වීමත් සම්බාධක වලට අයත්. එමනිසා එයරෝෆ්ලොට් ඇතුළු රුසියානු ගුවන්සේවා, බෝයිං යානා භාවිතා කරමින් ගුවන් ගමන් පවත්වන්නේ ඉතා අසීරුවෙන්. ඔවුන් බෝයිං යානා වල අමතර කොටස්, කළු කඩ හරහා, නිල නොලත් මාර්ග ඔස්සේ ලබාගෙන ගුවන් යානා මෙහෙයුම් කරන බව ප්‍රසිද්ධ රහසක්. මෙවැනි රුසියාවට ගුවන් යානා කොටස් යවන ජාවාරමක්, මාලදිවයින කේන්ද්‍ර කොට ක්‍රියාත්මක වන බව අප මේ පෝස්ට් එකේ වාර්තා කළා https://www.facebook.com/share/p/18T5DXZHwY/.
මෙවන් බාධක මැද හෝ, රුසියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම රටේ සංචාරක කර්මාන්තයට මහත් පිටිවහලක්. තවත් රුසියානු ගුවන් සේවා කීපයක් මේ වසරේ රුසියාවේ වෙනත් නගර වල සිට කටුනායකට සහ මත්තලට පියාසර කරනු ඇති.