රණ්ඩු කරන හාමුදුරුවෝ රැකලා දෙන ශාසනය තුළ භාවනා කරන හාමුදුරුවෝ ලෝකයෙන් මිදිලා යනවා - පූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමින් වහන්සේ

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,916
    9,401
    113
    අපේ ලිමිටඩ් නිරීක්ෂණ සීමාව තුලින් බලද්දී එන්න තියෙන සුනාමිය අපිට පේන්නැහෑ. එක්කෙනෙක් එක දවසක් තමන්ගේ නිරීක්ෂණ සීමාව පුළුල් කර ගන්නවා. පැවැත්මේ තියෙන සුළු ආශ්වාදය සහ දීර්ඝ ආදීනවය (සුනාමිය) දකිනවා. එයා සුනාමියෙන් බේරෙන්න hibernation pod එකක් හදලා මිනිස්සුන්ට ඒක තියෙන තැන මැප් එක දෙනවා.

    කට්ටියක් මැප් එක අල්ලන් වදිනවා. කට්ටියක් පුද පූජා කරනවා. සමහරු මැප් එක ආරක්ෂා කරන්න ගන්න ඕනේ උපක්‍රම ගැන හිතෙනවා. සමහරු සමාජ සම්මුතීන් වලට සාපේක්ෂව මැප් එක ආශ්‍රයෙන් සමාජය තුලින් පැන නගින්න පුලුවන් ප්‍රශ්න වලින් සමාජය බේරන්න ට්‍රයි කරනවා...

    පොඩ් එකෙන් address කරන ප්‍රශ්නේ, පොඩ් එක හදපු හේතුව උඩ අයට තාම තේරිලා නැහැ කියලා පේනවද?
    තේරුම් ගන්නවනම්, තේරුම් ගන්න ලොකු කාලයකුත් නැහැ, සුනාමිය ලග ලගම එනවා.

    මෙටෆොරිකල් ස්කීම් වලින් දේවල් කතාකරන්න අකමැති හේතුව මෙතනම පේන්න තියෙනව. මේ අඟවල තියෙන අනතුර (සුනාමිය urghh) සංදර්භ ගණනාවක තේරුම් දකින්න පුලුවන් නමුත් මන් දන්නෙ නෑ මොකක්ද වැඩියෙන්ම අදහස් කරන්නෙ කියල. නිශ්චිතව කතා කල යුතුයි. පහලින් මගෙ ආගියුමන්ට් එක ටිකක් පැහැදිලිව ලියනව.

    පෞද්ගලික දුක නිරෝධය කරන්න වැඩ කිරීම ගැන මම කතා කරන්නෙ නෑ. මේ කියන්නෙ ශාසනය රැකගැනීම සඳහා බාහිර බලයන් හෝ මොනවා හෝ කළමණාකරනය කරගන්න යෑමෙදි වෙන දේවල් ගැන.

    කාරණා දෙකක් තියෙනව. බුද්ධාගම ආරක්ෂා කරනව කියද්දි ඕක සමාජයෙ වැඩකරන ප්‍රායෝගික අදහස දෙයාකාරයි: බුද්ධාගම නැමති දුකින් මිදීමේ ප්‍රපංචවාදී ආගමික විග්‍රහය සහ සම්ප්‍රදාය රැක ගැනීම; බුද්ධාගම නැමැති සිංහල ජාතික රාජ්‍යයේ දේශපාලනික අනන්‍යතාවය සපයන මෙවලම රැකගැනීම කියන දෙක.

    ඔය පළවෙනි අදහස පබ්ලික් එකට හැමවිටම ගැඹුරින් වැදගත් නැති බව කිව යුතු නැහැ. අර විහිලු චිත්ත පරීක්ෂණය මෙතනදි අදාලයි...බණ මඩුවකට ගිහින් ඉන්න උපාසකයොන්ට කිව්වොත් සතර සතිපට්ඨානය පහසුවෙන් වැඩිලා නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ වෙන වරයක් තියෙනව කාටද අවශ්‍ය කියල අපි දන්නව සෙනඟින් සියේට අනූවකට වඩා ඒක ප්‍රතික්ෂේප කරනව. දුක නැති කරගන්න මිනිස්සුන්ට සූදානමක් නෑ. ලෞකික ජීවිතය ඒ තරම් ප්‍රබලයි. එක්සෙප්ෂන් තිබිය හැකියි ඒත් මේකයි රූල් එක.

    ඒ නිසා සාමාන්‍ය ගිහි පැවිදි මිනිස්සු ආගම රකිනව කියද්දි ව්‍යවහාරික අදහස අර දෙවනි අනන්‍යතා සපයාගැනීම උවමනාව එක්ක බැඳුන දෙය. ඒක බල දේශපාලනය, ඉඩම්, ආරක්ෂාව ඔය ඔක්කොම එක බැඳෙනව. ඔතනයි අපි වැඩිපුරම ගැවසෙන්නෙ.

    මෙතනයි මගෙ මුල් පොයින්ට් එක. පලවෙනි අර්ථය ගැන වගවීමක් බොහෝ අයට නැති නිසා දෙවනි එක කරන්න යෑමේදී මූලික බෞද්ධ ජීව ගුණයන්, විශේෂයෙන් ෆන්ඩමන්ටල් එතික්ස් කඩමිනුයි ඒක වෙන්නෙ. මේක තමයි අපි ගොඩක් කලහකාරී ආගමික ව්‍යාපාර වලින් දකින්නෙ.

    එතික්ස් මුලුමනින්ම රැකගන්න බැරි විය හැකියි. මේ ගැටලුව අද ඊයෙ නෙමේ විදේශ ආක්‍රමණ වලට එරෙහිව සටන් කරපු භික්ෂූන්ටත් තිබුන. නමුත් මෙතනදි වැදගත් වෙන්නෙ සර්වයිව් වීමට තමන් තෝරගන්න ක්‍රමය ගැන ක්‍රිටිකල් සාකච්ජාවකට හැමවිටම ඉඩ තියා ගැනීම.

    ඕකයි //දොස් කියන්න පුලුවන් කමක් නෑ// වගේ බ්ලැන්කට් කතා වලට විරුද්ධ. ඕක මොන අර්ථයෙන් කිව්වත් අවසානයෙ වැඩ කරද්දි පාවිච්චි වෙන්නෙ සමාජයෙ ගාඩ් රේල්ස් තියෙන බව අමතක කරවගන්න.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    679
    676
    93
    1. පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයේ අදහස: "භාවනා කරන හාමුදුරුවොත් ඉන්නවා පුතේ ලෝකයේ... රණ්ඩු කරන හාමුදුරුවොත් ඉන්නවා. ඒක ලෝකයේ ස්වභාවයක්. රණ්ඩු කරන හාමුදුරුවෝ රැකලා දෙන ශාසනය තුළ භාවනා කරන හාමුදුරුවෝ ලෝකයෙන් මිදිලා යනවා පුතේ.

    ඒ නිසා මේ කාටවත් අපිට දොස් කියන්න පුළුවන් කමක් නැහැ. කෙනෙක් ශාසනය ආරක්ෂා කරන්න උත්සාහ කර ගන්නවා. තව කෙනෙක් ආරක්ෂා කරන ශාසනය තුළින් ගැලවිලා යන්න උත්සාහ කරනවා... ඕක තමයි ලෝකය...!!!"

    2. සිංහල සමාජයේ පැරණි අම්මා කෙනෙක් දඩබ්බර දුවෙක්ට, පුතෙක්ට කියලා දෙන උපමාව: අද සමාජයේ ඇසෙනවා අඩු වුණාට, අතීතයේ අපේ පැරණි අම්මලා දඩබ්බර දූ දරුවන්ට කියා දුන්න ලස්සන උපමාවක් තියෙනවා.

    "පුතේ / දුවේ, වරකා ගෙඩියක තියෙන රසම රස මදුළු ටික විතරක් තියාගෙන අනිත් වහාල්ලයි, පෙත්තයි අයින් කළොත් ඒ මදුළු ටික රැකගන්න පුළුවන් වෙයිද? නැහැ... ඒ රස මදුළු ආරක්ෂා වෙලා තියෙන්නේ අර බාහිරින් තියෙන වහාල්ලයි පෙත්තයි නිසයි. ඒ නිසා නුඹලාත් ජීවිතයේදී 'පෙත්තටත් නැති, වහාල්ලටත් නැති' නිසරු කෙනෙක් වෙන්න එපා!"

    එහි අර්ථය: වරකා ගෙඩියක රසම කොටස මදුළු වුවද, එම මදුළු ආරක්ෂිතව තිබීමට බාහිරින් ඇති වහාල්ල සහ පෙත්ත උපකාරී වේ. එමෙන්ම ශාසනය තුළද අභ්‍යන්තරයෙන් නිවන් මග වඩන යතිවරයන් වහන්සේලා මෙන්ම, බාහිරින් ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පිරිසද සිටිති. බාහිර රැකවරණය නැති තැන අභ්‍යන්තර පැවැත්මද අනතුරේ වැටේ. ඒ නිසා සමාජයේ හෝ ශාසනයේ විවිධ චරිත දෙස නුවණින් හා උපේක්ෂාවෙන් බැලිය යුතුය.

    Copied

    ඕකට කියන්නේ බණ කනවා කියලා. ඔය වටෙන් ගිහින් කියන්නේ ඥානසාර ගැනනේ. මුන් ඔක්කොම බුදු දහමේ හරය අමතක කරලා ටෝක්ස් දෙන්නේ (බණ නෙමෙයි ). බුදු හාමුදුරුවොම කියලා තියනවා තම ශාසනයේ විනාසය ආරම්භ වෙන්නේ ඇතුලෙන්ම කියලා. ඔය කරන්න ලස්සනට. මුලින්ම පොඩි විනය කරුණු ඕනේ නෑ කියලා කියලවා ටික ටික මුන් විනයම අත අරිනවා. විනය නැති තැන ශාසනයත් ඉවරයි කියලා බුද්ධ දේශනාවෙම කියනවා. එතකොට ඒකට හරි මුන්ගේ ටෝස්ක්ද හරි. බුදුන් කියලා තියනවා තම සංඝයා යම් රටක ( රජුගේ) නිතියට යටත් කියලා. තව මොනාද ! ඔය ඥානසාරලා කරන්නේ ශාසනය වෙනුවෙන් රණ්ඩු වෙනවා නෙමෙයි පොලිටිකල් ඇජෙන්ඩා එකක්. මේ කාසියෙම අනිත් පැත්තේ තමා මුස්ලින් අන්තවාදය ඉන්නේ. ඔය කාසිය පාලනය කරන්නේ දේශපාලුවො. උන්ට ඕනේ පැත්ත ඕන වෙලාවට පෙරලනවා. ශාසනය රැකෙන්නේ බෞද්ධයා සිල් රැක්කොත්, පන්සලට එකතු වෙලා සමාජයක් විදියට ගොඩ ආවොත් විතරයි. ආර්ථිකව ඉස්සරහට ආවේ නැත්තම් තව පොඩි කාලෙකින් තෙරෙයි වෙන දේ.
     
    • Haha
    Reactions: jjpala

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,992
    2,400
    113
    Tavathimsa
    මෙටෆොරිකල් ස්කීම් වලින් දේවල් කතාකරන්න අකමැති හේතුව මෙතනම පේන්න තියෙනව. මේ අඟවල තියෙන අනතුර (සුනාමිය urghh) සංදර්භ ගණනාවක තේරුම් දකින්න පුලුවන් නමුත් මන් දන්නෙ නෑ මොකක්ද වැඩියෙන්ම අදහස් කරන්නෙ කියල. නිශ්චිතව කතා කල යුතුයි. පහලින් මගෙ ආගියුමන්ට් එක ටිකක් පැහැදිලිව ලියනව.

    සුනාමිය => ජාති, ජරා, ව්‍යාධි, මරණ අනවරත ක්‍රියාවලියක්.

    කාරණා දෙකක් තියෙනව. බුද්ධාගම ආරක්ෂා කරනව කියද්දි ඕක සමාජයෙ වැඩකරන ප්‍රායෝගික අදහස දෙයාකාරයි: බුද්ධාගම නැමති දුකින් මිදීමේ ප්‍රපංචවාදී ආගමික විග්‍රහය සහ සම්ප්‍රදාය රැක ගැනීම; බුද්ධාගම නැමැති සිංහල ජාතික රාජ්‍යයේ දේශපාලනික අනන්‍යතාවය සපයන මෙවලම රැකගැනීම කියන දෙක.

    ඔය පළවෙනි අදහස පබ්ලික් එකට හැමවිටම ගැඹුරින් වැදගත් නැති බව කිව යුතු නැහැ. අර විහිලු චිත්ත පරීක්ෂණය මෙතනදි අදාලයි...බණ මඩුවකට ගිහින් ඉන්න උපාසකයොන්ට කිව්වොත් සතර සතිපට්ඨානය පහසුවෙන් වැඩිලා නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ වෙන වරයක් තියෙනව කාටද අවශ්‍ය කියල අපි දන්නව සෙනඟින් සියේට අනූවකට වඩා ඒක ප්‍රතික්ෂේප කරනව. දුක නැති කරගන්න මිනිස්සුන්ට සූදානමක් නෑ. ලෞකික ජීවිතය ඒ තරම් ප්‍රබලයි. එක්සෙප්ෂන් තිබිය හැකියි ඒත් මේකයි රූල් එක.

    ඒ නිසා සාමාන්‍ය ගිහි පැවිදි මිනිස්සු ආගම රකිනව කියද්දි ව්‍යවහාරික අදහස අර දෙවනි අනන්‍යතා සපයාගැනීම උවමනාව එක්ක බැඳුන දෙය. ඒක බල දේශපාලනය, ඉඩම්, ආරක්ෂාව ඔය ඔක්කොම එක බැඳෙනව. ඔතනයි අපි වැඩිපුරම ගැවසෙන්නෙ.

    මෙතනයි මගෙ මුල් පොයින්ට් එක. පලවෙනි අර්ථය ගැන වගවීමක් බොහෝ අයට නැති නිසා දෙවනි එක කරන්න යෑමේදී මූලික බෞද්ධ ජීව ගුණයන්, විශේෂයෙන් ෆන්ඩමන්ටල් එතික්ස් කඩමිනුයි ඒක වෙන්නෙ. මේක තමයි අපි ගොඩක් කලහකාරී ආගමික ව්‍යාපාර වලින් දකින්නෙ

    සුනාමි උපමාව අරන් පෙන්නුවේ දෙවෙනි අදහස ගැන කතා කරන එක සුනාමියෙන් බේරෙන්න උපනිශය වෙන්නැහැ කියලා. ඒ නිසා ඒක ගැන කතා කරන එකෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නැහැ කියලා.

    උපකල්පනය කරන්න, උඩ කියපු අනවරත ක්‍රියාවලිය අපේ පාලනයේ නැහැ. කාලෙකදී මනුෂ්‍ය ගුණ ධර්ම, එතික්ස් පිරිහුණු සමාජයක් අත්විදින්න ලැබීම සහ කාලෙකදී මනුෂ්‍ය ගුණ ධර්ම සහ එතික්ස් දියුණු කාලයක් අතදකින්න ලැබීම inevitable. මේ නිසයි පොයින්ට්ලස් කිව්වේ ලෞකික perspective එකකින්, නැත්තම් දෙවෙනි අදහස ගැන කතා කරන එක.

    උඩ කියපු උපමාව දැන් ටිකක් වෙනස් කරන්න වෙනවා.

    අනවරත අත්දැකීමක් තියෙනවා. ලේසි වෙන්න ඇහේ අත්දැකීම විතරක් තියෙනවා කියලා ගමු.
    (ඇහැක් independently පවතිනවා, objective reality එකක් independently තියෙනවා සහ ඒක ඇහෙන් perceive කරනවා නෙමෙයි.. පෙනෙන ස්වභාවය ගැන කියන්නේ..)
    පෙනෙන ස්වභාවය නැත්තම් අත්දැකීම තුල තියෙන්නේ වෙනස් වෙමින් වන අනවරත ගලනයක්. ඕක පෝස් කරන්න බැරි වුනාට පෝස් කරා කියලා හිතලා ඒ සිද්ධිය ගත්තොත්, ඒ සිද්ධිය පල්ලෙහා ගහනම්,

    මේ නිමිත්ත ප්‍රත්‍යයෙන් තමයි අතීත, වර්තමාන, අනාගත, අභ්‍යන්තර, බාහිර, දුර, ළඟ.. මාන පැනවෙන්නේ.

    ලෞකික perspective එක "එලියේ independently ගහක් තියෙනවා, ඒ තියෙන ගහ independent පැවැත්මක ඉන්න මන් දකිනවා" වගේ. ඔය දැක්ම බේස්ඩ් කරන් ගස් බේරගන්න සංගමයක් වුනත් දාගන්න පුලුවන්. සංගම් දාන එකේ අවුලක් නැ. ගස් බේරගන්න එකෙත් අවුලක් නැහැ. ඒත් දකින තැනම වැරදියට දකින්නේ සහ ඒ ප්‍රත්‍යයෙන්නම් ජාති, ජරා, ව්‍යාධි, මරණ අනවරත ක්‍රියාවලිය පවතින්නේ කියලයි බුධිසම් වල පෙන්නන්නේ.

    පෙනීමේ ස්වභාවය තුල inherent හරයක් නැති කම, වෙනස් වෙමින් යාම, වසඟයේ/ පාලනයේ නැති ස්වභාවය කියන ලක්ෂණ තියෙනවා, ඒක තමන්ගේ අත්දැකීම තුලින්ම බලලා දකින්න කියලා පෙන්වන්නේ.

    නිමිත්තම වටිනාකමක්/ හරයක් නැති, පනවන්න බැරි ස්වභාවයක (අනාත්ම) තියෙන්නේ කියලා.

    සම්මුතිය ඇතුලේ කිසි argument එකක් නැහැ මගේ. මනුශ්‍ය ගුණ ධර්ම, එතික්ස් අනිවාරෙන් වැදගත්. ඒත් අත්දැකීමේ/ පැවැත්මේ යථා ස්වභාවය දැක්කේ නැත්තම් **සුනාමියෙන් බේරෙන්න** වෙන්නැහැ. මන් කතා කරන පොයින්ට් එක සුනාමියෙන් බේරෙන විදිහ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,916
    9,401
    113
    සුනාමිය => ජාති, ජරා, ව්‍යාධි, මරණ අනවරත ක්‍රියාවලියක්.

    හරි, ඔයා කතා කරන සංදර්භය පැහැදිලියි.

    ඔයා මේ මතුකරන්නෙ ඉතාම නෝබල් පර්ස්පෙක්ටිව් එකක්. මට මේකත් එක්ක කිසි වාදයක් නැහැ. ඒකෙ අනිත් පැත්ත, තියෙන්නෙ ප්‍රසාදයක්. මන් මේක අදාළ කරගන්නවත් හිතුවෙ නෑ මොකද ඇත්තම කිව්වොත් අපි වගේ දුහුනන්ට අයට මේක ඒ තරම් ම දුර නිසා, කොච්චර දුරයිද කියන්නෙ යූස්ලස්. මන් හිතන්නෙ නෑ මේ ත්‍රෙඩ් එක දාපු කෙනාවත් මේ අර්ථයෙ ඉන්නව කියල, එයා මේක පෝස්ට් කලෙත් මේ මොහොතෙ උඩට ආපු දේශපාලනික සිද්ධියක ප්‍රතිඵලයක් විදිහට.

    //සුනාමි උපමාව අරන් පෙන්නුවේ දෙවෙනි අදහස ගැන කතා කරන එක සුනාමියෙන් බේරෙන්න උපනිශය වෙන්නැහැ කියලා. ඒ නිසා ඒක ගැන කතා කරන එකෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නැහැ කියලා.//

    ඇත්ත. අපි බොහෝ අය කතා කරන්නෙ චූල සන්දර්භයක ප්‍රශ්න ටිකක්. ඒ තලය උඩට ලේයර් වෙන බෞද්ධ හෝ වෙනත් ආගමික අදහස් වල අසම්පූර්ණ කෑලි ටිකක් එක්ක තමා අපි වැඩ කරන්නෙ. නමුත් එහෙම හෝ සැපයෙන සම්මුති වලින් ජීවිතෙ වඩා සාමකාමී කරගන්න එකේ වැදගත්කමක් තියෙනව නේද. මොකද මේ වෙලාවෙ සමාජයෙ ඩොමිනේට් වෙන්නෙ එතික්ස් හෝ ඕඩර් හිමිහිට හලල දාන හැසිරීමක්. මේක කොහෙටවත් නැති නයලිස්ටික් අදහසක්. සියලු සම්මුතීන් නිරර්ථකයි තමා, නමුත් නිරර්ථකය කියලා මෙයාල ඊලඟට හැරෙන්නෙ නාස්තිකවාදයටද මිසක්කා අර ඔයා මතුකරන අල්ටිමේට් බෞද්ධ අරමුණට නෙමේ. ඒ නිසයි මන් කියන්නෙ ලොකු වැඩ බැරි නම් අඩුම තරමෙ එතික්ස් ටික තියන් ඉන්න කියල.
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,992
    2,400
    113
    Tavathimsa
    අපි වගේ දුහුනන්ට අයට මේක ඒ තරම් ම දුර නිසා, කොච්චර දුරයිද කියන්නෙ යූස්ලස්.

    දුර වෙන එකක් නැහැ. සුස්සූසා ලභතේ පඤ්ඤං (මැනවින් ඇසීමෙන් ප්‍රඥාව උපදී)

    කැමතිනම් මේ ටික බලන්න පිළිවෙලට.

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,843
    4,416
    113
    colombo
    රණ්ඩු කරලා කොහොමඳ ශාසනය ආරක්ෂා කරන්නේ?
    ලංකාවේ මෙහෙමවත් බුද්ධාගම ඉතුරු වුන් රණ්ඩු කරන හමාදුරුවෝ නිසා තමයි.

    නැතනම් ඉදියාවට වෙච්ච දේ වෙන්නේ.

    හම්බයෝ නාලන්දාවේ හමාදුරුවේ එහෙම පිටින්ම මරලා දැම්මා

    දැන් බුද්ධයවවේ උතුරේ පන්සල් වගේ. තනිකර කෝවිලක් කරලා තිබ්බේ . බුද්ධාගම නැති වෙලා යන්න.
     
    • Like
    Reactions: wtsamantha

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,916
    9,401
    113
    දුර වෙන එකක් නැහැ. සුස්සූසා ලභතේ පඤ්ඤං (මැනවින් ඇසීමෙන් ප්‍රඥාව උපදී)

    කැමතිනම් මේ ටික බලන්න පිළිවෙලට.

    සොරි මට රිප්ලයි එක මඟ ඇරුනා. කාලයක් තිබ්බා ප්‍රැක්ටිස් කරපු. කරුණු විදිහට යම් දුරකට තේරුම් ගත්තත් සෑහෙන තරම් ප්‍රත්‍යක්ෂයක් ලැබුනෙ නෑ. භාවනා දිගටම කලේ නෑ පොඩි depersonalization බවක් මතු උන නිසා. එදිනෙදා ජීවිතෙටත් ඕක දැනෙන්න ගත්ත ගමන් නැවැත්තුවා. ටිකක් අප්‍රසන්න එක්ස්පීරියන්ස් එකක්. මේක මේ මගෙම ගැටලුවක් තමයි මන් හිතන්නෙ. ගුරුවරයෙක් හෝ උපදෙස් නැතුවනෙ.

    මන් රිවිසිට් කලේ නෑ භාවනාව නම්. පර්සනල් මට්ටමෙන් ප්‍රත්‍යක්ෂ කරන්න උත්සාහයක් ගන්නෙ නැතුව ධර්ම කාරනා කියවමින් ඉන්න එකේ ඵලක් නැති නිසා ප්‍රැක්ටිස් එක අතඇරියා. කවුද දන්නෙ හැබැයි, හිතුනොත් ආපහු කරන්න පුලුවන්. ප්ලේලිස්ට් එකට ස්තූතියි.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,992
    2,400
    113
    Tavathimsa
    සොරි මට රිප්ලයි එක මඟ ඇරුනා. කාලයක් තිබ්බා ප්‍රැක්ටිස් කරපු. කරුණු විදිහට යම් දුරකට තේරුම් ගත්තත් සෑහෙන තරම් ප්‍රත්‍යක්ෂයක් ලැබුනෙ නෑ. භාවනා දිගටම කලේ නෑ පොඩි depersonalization බවක් මතු උන නිසා. එදිනෙදා ජීවිතෙටත් ඕක දැනෙන්න ගත්ත ගමන් නැවැත්තුවා. ටිකක් අප්‍රසන්න එක්ස්පීරියන්ස් එකක්. මේක මේ මගෙම ගැටලුවක් තමයි මන් හිතන්නෙ. ගුරුවරයෙක් හෝ උපදෙස් නැතුවනෙ.

    මන් රිවිසිට් කලේ නෑ භාවනාව නම්. පර්සනල් මට්ටමෙන් ප්‍රත්‍යක්ෂ කරන්න උත්සාහයක් ගන්නෙ නැතුව ධර්ම කාරනා කියවමින් ඉන්න එකේ ඵලක් නැති නිසා ප්‍රැක්ටිස් එක අතඇරියා. කවුද දන්නෙ හැබැයි, හිතුනොත් ආපහු කරන්න පුලුවන්. ප්ලේලිස්ට් එකට ස්තූතියි.

    ඉස්සර ගොඩක් අය ධර්මය ශ්‍රවණය කරද්දී සෝතාපන්න වුනා..

    බලාපොරොත්තු වෙන ප්‍රත්‍යක්ෂය සමහර විට ඔය ප්ලේලිස්ට් එකෙන් ලැබෙන්නත් පුලුවන්. මනාව අහන්න, තමා තුලින් (අත්දැකීම තුලින්) විමසලා බලන්න.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    රණ්ඩු බේදවලින් තොරව නිහඬව භාවනාවේ යෙදී ධර්මය දේශනා කරන පූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමින් වහන්සේ වැනි උතුමන් වහන්සේලා ශාසනයට මහඟු ආශීර්වාදයක්. උන්වහන්සේගේ දහම් දේශනා අසන සැමට නිවැරදි මග පෙන්වීමක් ලැබේවා. තෙරුවන් සරණයි! 🙏