Breaking ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    964
    1,248
    93
    ශ්‍රී ලංකාව
    හෙට මැරෙන්න ඉන්න ගෑනු අල්ලලා වැඩක් නෑ. අඩුම දේපළවත් රජයට පවර ගන්න ඕනෙ. පාඩු අය කරගන්න ඕනැ.
     
    • Haha
    Reactions: $onny

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,434
    14,379
    113
    පෘථිවිය
    9.40 am update
    මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි නිවසේදී අත්අඩංගුවට පත්වූ බව වාර්තාවේ. මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාද තහවුරු කර ඇත.

    9.14 am update
    රටේ දේශපාලන අවධානය මේ මොහොතේ කිරුළපනට යොමු වී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් අද (07) පෙරවරුවේ ගොස් ඇති බව වාර්තා වේ.

    https://www.gossiplankanews.com/202...idence-to-arrest-shiranthi-rajapaksa.html?m=1
    හරි පුතා ඇතුලේ
    හරි අම්මා ඇතුලේ
    දැන් නිදොස් කොට නිදහස් කරන්න ඩිල් එක එනවා
     
    • Haha
    Reactions: $onny

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,073
    7,000
    113
    Nawala
    අර රනිල්ගේ case එකට මොකද වුනේ ? ඌටත් තවම කරපු දෙයක් නෑ නේද ?
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,574
    4,063
    113
    Maligawatta

    මගේ ජීවිතය අවදානමේ 'හෘද ධමනිවල කැල්සියම්' - ශිරන්ති කියලා​

    අද (7) දින අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මින් ඉහත විදෙස්ගතව සිට එද්දී ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්වීමෙන් වළකාගැනීම සඳහා නීතීඥයින් මාර්ගයෙන් ඇප අයදුමක් ඉදිරිපත් කර තිබුණ අතර සිය අපේක්ෂිත ඇප අයදුමට සහාය වන කරුණු ලෙස 73 හැවිරිදි තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා ගණනාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

    ඇය විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයේ, වසර කිහිපයක් පුරා ඇයට සිදුකර ඇති හෘද පරීක්ෂණ, රෝහල්ගත වීම් සහ ලබාගන්නා ප්‍රතිකාර පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වේ.

    ඇයගේ දිවුරුම් ප්‍රකාශය අනුව, ඇයගේ හෘද රෝගී තත්ත්වය පිළිබඳ පළමු වාර්තාව 2019 වසර දක්වා දිව යයි. 2019 සැප්තැම්බර් 7 වැනිදා නවලෝක රෝහලේදී සිදුකළ CT Coronary Angiogram පරීක්ෂණයකදී, හෘදයට රුධිරය සපයන ප්‍රධාන කිරීටක ධමනි තුනේම plaque තැන්පත්වීම් සහ සුළු පටුවීම් හඳුනාගෙන ඇති අතර, එම තත්ත්වය "Triple Vessel Disease" ලෙස වෛද්‍ය වාර්තාවල සටහන් වී තිබේ. ඊට අමතරව අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් ඉහළ යාමද තමා මුහුණ දෙන රෝගී තත්ත්ව අතර ඇති බව ඇය සඳහන් කර ඇත.

    මෙම වසරේ සැප්තැම්බර් 15 වැනිදා ඔක්කාරය, අධික වෙහෙස, කරකැවිල්ල සහ ශාරීරික අපහසුතාව හේතුවෙන් තමා නැවත නවලෝක රෝහලට ඇතුළත් වූ බවත්, එහිදී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා යටතේ ප්‍රතිකාර ලබාගත් බවත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අධිකරණයට දන්වා තිබේ. එම අවස්ථාවේදී ඇයට ඇතිවූ කරකැවිල්ල Vertigo තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇති අතර, අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් සහ දියවැඩියාව ද පවතින බව වෛද්‍ය වාර්තාවල සටහන් වී ඇති බව ඇය ප්‍රකාශ කර ඇත. ඒ සඳහා Aspirin, Crestor සහ Nebivolol ඇතුළු ඖෂධ ලබාදී තිබූ බවද දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ.

    ඉන් අනතුරුව සිංගප්පූරුවේදී සිදුකළ වැඩිදුර හෘද පරීක්ෂණවලදී, සැප්තැම්බර් 21 වැනිදා ඇයගේ Total Coronary Calcium Score අගය 1022ක් ලෙස වාර්තා වූ බව ඇය අධිකරණයට කියා සිටියි. හෘද ධමනිවල කැල්සියම් තැන්පත්වීමේ ප්‍රමාණය මනින මෙම අගය 400 ඉක්මවීම පවා වෛද්‍ය විද්‍යාත්මකව ඉහළ අවදානම් මට්ටමක් ලෙස සැලකේ. එමෙන්ම ගෙලෙහි පිහිටි carotid ධමනි ප්‍රදේශයේද කැල්සියම් සහිත plaque තැන්පත්වීමක් පවතින බව එම පරීක්ෂණවලදී හඳුනාගෙන ඇත. ඒ අනුව හෘද රෝග විශේෂඥ වෛද්‍ය දිනේෂ් නායර් මහතා ඇයට ඖෂධ නියම කර ඇති අතර, පපුවේ වේදනාවක් ඇතිවුවහොත් වහාම භාවිත කිරීම සඳහා Nitromint Spray ද ලබාදී ඇති බව දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.

    තමාට දිගින් දිගටම විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය සහ ප්‍රතිකාර අවශ්‍ය බවත්, එවැනි ප්‍රතිකාර නොලැබුණහොත් තම ජීවිතයට අවදානමක් ඇතිවිය හැකි බවත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය දිවුරුම් ප්‍රකාශය මගින් අධිකරණය හමුවේ අවධාරණය කර තිබිණි.

    ඒ අතරම, වසර දහයක පමණ කාලයක් තිස්සේ තමා මෙම විමර්ශනයට සහාය දී ඇති බවත්, අධිකරණය විසින් පනවනු ලබන ඕනෑම කොන්දේසියකට යටත් වීමට සූදානම් බවත් ඇය සිය අපේක්ෂිත ඇප අයදුමේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

    ඇය මෙතරම අවදානමක් තිබියදී සිංගප්පූරුවේ සාප්පු සවාරි තනිව යැවීම අනුමත කළ නොහැකි බවට දේශපාලන රසික රසිකාවියන් අදහස් පළ කර තිබුණි. අද දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇයට ඇප ලැබෙන්නටද ඉඩ තිබෙන අතර නඩු කටයුත්ත ඉදිරියට ගෙනයනු ඇත.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,994
    9,541

    Balli @2osama @elajani shiranthige ada mensas dawasada pad collane
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,530
    1
    53,202
    113
    ප*යාගල
    sorry.com
    2019 සැප්තැම්බර් 7 වැනිදා නවලෝක රෝහලේදී සිදුකළ CT Coronary Angiogram පරීක්ෂණයකදී, හෘදයට රුධිරය සපයන ප්‍රධාන කිරීටක ධමනි තුනේම plaque තැන්පත්වීම් සහ සුළු පටුවීම් හඳුනාගෙන ඇති අතර, එම තත්ත්වය "Triple Vessel Disease" ලෙස වෛද්‍ය වාර්තාවල සටහන් වී තිබේ. ඊට අමතරව අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් ඉහළ යාමද තමා මුහුණ දෙන රෝගී තත්ත්ව අතර ඇති බව ඇය සඳහන් කර ඇත.
    පට්ට බොරු.2019 දි ඕකි හොදට උඩ පැන පැන ජොගින් යනව උදේට

    Balli @2osama @elajani shiranthige ada mensas dawasada pad collane
    hutto boru tape gahagena 😆😆😆
    ------ Post added on Oct 7, 2026 at 11:02 AM
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,574
    4,063
    113
    Maligawatta
    බයියොන්ගේ කෙඳිරිය (From Comments)

    1. යුද්දය නිමකරපු නයකයකේ පව්ලට කරන පීඩනය ස්වභාවධර්මය විසින් විසදත්වා

    2. කොටි ඩයස්පෝරාව විසින් දෙන කප්පම් වලට වහල් වෙන උසාවි විනිශ්චය කරුවන් ඉන්න රටක බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන්

    3. හොරු අල්ලන්න චන්ද හිඟාකාලා බලයට ආපු ආන්ඩුව දැන් අල්ලන්නේ කොටි ඩයස්පෝරාවට අවශ්‍ය තරහ කාරයන් විතරයි. නූගතුන් රැලක් පාර්ලිමේන්තු මංත්‍රී ඇමැති වරු ලෙස ඉඉන්න ලෝකයේ එකම ආන්ඩුව මේකයි. මොවුන්ට මීට වඩා දෙයක් දන්නේ නැහැ

    4. සියලු දේශය සිංහ කොඩිය යටට එක්කොට, දශක ගණනාවක් දිගු වූ යුද්ධයෙන් විනාශ වූ රටක් බේරාගත් අවසන් නායකයා, අද තම අවසන් දින ගත කරන්නේ ගැඹුරු වේදනාවකින් සහ දුක්බර සිතින්.
    ශ්‍රී ලංකා ඉතිහාසයේ බොහෝ විට “රට බේරාගත් නායකයා” ලෙස සලකුණු කළ පුද්ගලයෙකුට, අවසන් වරට රටෙන් ලැබුණු ප්‍රතිචාර මෙහෙමයි කියලා හිතනකොට, ඒක ඉතිහාසයේම විරෝධාභාසයක්.

    කාලයේ ගමනේ, රටේ ජනතාව විසින්ම උසස් කරපු නායකයෙක්, එම ජනතාව විසින්ම අභියෝගයට ලක්වීම — අපේ දේශපාලන ඉතිහාසයේ නැවත නැවත පෙනෙන රටාවක්.
    අපේ ඉතිහාසය කියන්නේ, ජයග්‍රහණය කළ පසු නායකයන්ට අභියෝග එනවා, ප්‍රශංසාවෙන් ගොඩ නැංවූ පසු විවේචනයෙන් වැටෙනවා, යුද්ධය අවසන් කළ පසු දේශපාලන අරගලවලට මුහුණ දෙනවා කියලා පුරාණ රටාවක්.

    එහෙම බැලූ විට, යුද්ධයෙන් බේරාගත් රටක්, අවසන් වරට තම නායකයාට දුන්න ප්‍රතිඵලය — ඉතිහාසය කියන විරෝධාභාසයම.
    මේක රටකින් ලැබුණු ප්‍රතිචාරයක් කියලා හිතනකොට, හුඟාක් කනගාටුවක්.

    5. නඩුකාර වරුන්ගේ දරුවන් ට විදේශිය රටවලදී පහසුවෙන් ඉන්න නම් ඩයස්පෝරාවෙ සහයෝගය නැතුව බැහැ.ඒක තමයි මේ උසාවි නියෝග අල්ලස් නියෝග නීතිපති නියෝග ........

    6. අනුර ඇතුලු පාහර නඩේත් අද ජීවත් වෙන්නෙ හුස්ම ගන්නෙ මහින්ද මහත්තයා නිසා. පවුලක් නැති සක්කිලියො. අපිට නිදහසේ හුස්ම ගන්න ඉඩ දුන් නායකයාට අද නිදහසේ හුස්ම ගන්න දෙන්නෙ නෑ.ස්වබාවදර්මය තොපිව කෑලි කෑලි වලට කඩාවි
     
    hena7

    Well-known member
  • Dec 17, 2023
    471
    426
    63
    ඊයේ ගුවන් තොටුපලෙන් එනකොට ඇස්දෙකම හොදට තිබ්බා අද එක ඇහක් වහාගෙන
    munta boruwak unath hariyata karanda ba. podi dukakwath widinata kamathi na. ekyi plaster nathuwa awe.
     
    Similar threads