මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නිවස හා ජන කෞතුකාගාරය | 2026 ඔක්තෝබර්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    803
    1,431
    93
    Heiyanthuduwa - Kelaniya
    අද මම මාටින් වික්‍රමසිංහ කොතුකාගාරය හා තවත් ස්ථානයක් බලන්න ගියා... ඉතින් කොග්ගල තියන මාටින් වික්‍රමසිංහ කොතුකාගාරට ඇතුල් වෙලා රු.100 ක ටිකට් එකක් ගත්තා. මුලින්ම මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය බැලුවා. මෙහිදී අපේ පැරණි ජන සමාජය , භාවිතා කල පැරණි භාන්ඩ ගැන හොද දැනුමක් ලබා ගන්න පුලුවන්. එය නරඹලා අවසානයේ, මාටින් වික්‍රමසිංහ මහතා උපන් නිවස බලන්න ගියා. මම මීට වසර ගනනාවකට කලිනුත් මේ නිවස බලන්න ඇවිත් තිබුනා. ඒ කාලේ නිවස ඇතුලේ පොටෝ, වීඩියෝ ගන්න දෙන්නෙ නෑ.. දැන් නම් පුලුවන්. නිවස අලුත් වැඩියා කර, නිවස පිටුපස තවත් ප්‍රදර්ශන ස්ථානයකුත් දැන් තියනවා. ඉතින් මාටින් වික්‍රමසිංහ මහතා උපන් කාමරය, එතුමා භාවිතා කල මේස, ඇදන්, පෑන්, පොත් පත් ආදී විශාල මතකයන් රැසක් මෙහි බලා ගන්න පුලුවන්. පහල වීඩියෝව බලන්න... නිවස පිටුපස කොටසේ එතුමාගේ උපතේ සිට විපත දක්වාම , ජීවිතයේ විශේෂ අවස්ථාවන් ඇති පොටෝ රැසක්, විස්තර හා භාවිතා කල භාන්ඩ රැසක් බලා ගන්න පුලුවන්.

    * විනාඩි 9 ක කෙටි වීඩියෝව බලන්න :



    * මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය - ටිකට් : වැඩිහිටි රු.100/- යි. | වයස අවු. 5-12 හා පාසල් නිල ඇදුමෙන් එන ළමයින්ට රු.50/- යි.
    .
    * ගාල්ල සිට කොග්ගලට බස් එකෙන් : ටිකට් රු.110 යි. (2026) | විනාඩි 30 යි.
    * කොළඹ සිට කොග්ගලට දුම්රියෙන් : ටිකට් 2 වන පංතිය රු.500 යි | 3 වන පංතිය රු.260/- යි.
    * කොග්ගල දුම් රිය ස්ථානයේ සිට මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය ට පයින් : කි.මි 1.5 | විනාඩි 20 යි.
    .
    * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
    පසුගිය සියලුම සංචාරයන් Index >>




    Martin Wickramasinghe's House & Folk Museum
    (C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
     
    Last edited:

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,681
    4,021
    113
    Nice, machan, video karana kota, thawa slow, steady karanna. podi time ekak denna balana kenata monawada tiyene kiyala balana (ex: 3:06 - 3:12). Nathan oluwa ridenawa. Anyway good content :love:
     
    • Love
    • Like
    Reactions: kinkon and PASAN147

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,343
    663
    113
    United States
    විස්තර ටික නම් ගොඩක් වටිනවා, ටිකට් ගණන් එක්කම දාලා තියෙන නිසා යන්න ඉන්න කෙනෙක්ට ලේසියි. කොග්ගල යන ගමනට මේකත් එකතු කරගන්න ඕනෙ.
     
    • Like
    Reactions: PASAN147

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,859
    5,009
    113
    අඩේ තාම වීඩියෝ කරනවද බන් ? මම හිතුවේ ඔයා ටික දවසක් කරලා අතහැරලා දාවී කියල.
     
    • Haha
    Reactions: PASAN147

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    803
    1,431
    93
    Heiyanthuduwa - Kelaniya
    අඩේ තාම වීඩියෝ කරනවද බන් ? මම හිතුවේ ඔයා ටික දවසක් කරලා අතහැරලා දාවී කියල.
    කොහෙත්ම අතහැරියේ නෑ.. 2015 ඉදලා ට්‍රිප් යන්නෙ. හැම මාසෙකටම එක දවසක් හරි කොහෙ හරි ඈතක යනවා.. පසුගිය සියලුම සංචාරයන් Index >>