මචං කොල්ලොන්ගේ ජීවිතේ හෙන අමාරුයි නේද?

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,147
    2,450
    113
    මචං කොල්ලොන්ගේ ජීවිතේ හෙන අමාරුයි නේද?
    මම වයස 30ක කොල්ලෙක්. මම හොදට ඉගෙන ගෙන තියනවා. හොද ජොබ් එකක් කරා මාසෙට අංක 6ක slary එකක් එන ජොබ් එකක්.

    එහෙම තියෙද්දි මචං මම ඒකෙන් අයින් වෙලා මගේ හොදම යාලුවෙක්ගේ startup company එක්කට join උනා කිසිම salary එකක් නැතුව. අපි කතා උනේ මචං අපි එකතු වෙලා ඒ company එක ගොඩ දාන්න. එතකොට අපි හැමෝම ගොඩනේ මචං නේද.. උදව්වක් විදියටයි join උනේ.අදටත් රුපියලක් ඉල්ලලා නෑ..මට එහෙම වගකීමක් නෑ ලොකුවට..එක නිසා ගේමක් ගහන්න try කරන්න අවුලක් නෑනේ..

    අදට අවුරුද්දක් මචං. මම වියදම් හොයා ගත්තේ අතේ තිබ්බ සල්ලි වලින් සහ consultation කරලා. මේ අවුරුද්දටම මට මගේ පඩිය තරම්වත් ආදායමක් ඇවිත් නෑ. විශ්වාස කරහන් හරිද.. මට එක පාරම ක්ලික් උනා අඩෝ ඌ මාව use කරනවා නේද කියලා.මට බලාපොරොත්තු දීලා.. සට පට ගාල ඔලුවට ආවා ඌ මාව manipulate කරන්න කිව්ව දේවල් අවුරුදු ගානක් තිස්සෙව්.. මාව සාමන්‍ය සේවකයෙක් ගානට දාලයි වැඩ කරන්නේ දැන්. තාමත් salary නෑ මට..අඩෝ අවුල් බන්...

    මගේ business එකක් පටන් ගන්න අදහසක් තියනවා. ආයිත් 0න් ම පටන් ගන්න ඕනි ඉතින්. ආයි ජොබ් කරන්නේ නෑ කොහොමටවත්.. Risk එකක් ගන්න බයත් නෑ. ඒත් startup එක දැන් හොද තැනක තියනවා. ඒත් ඔලුවට මොකක්දෝ බරක් තියනවා බන්. මෙච්චර මහන්සි උන එක අතහැරලා ආයිත් අලුතෙන් පටන් ගන්න..ඒත් මට තව එතන ඉන්න එක ඔලුවට බරක් වගේ..මොකුත් නොකියා බොරුවක් කියලා අයින් වෙන්න බැලුවේ..ඔක්කොම විස්තර කියන්න බෑ මේක ලියලා ඉවර කරන්න වෙන්නේ නෑ.. මට තේරුණා බන් මට මාව නැති වෙලා වගේ කියලා..

    ගෙදරින් බදින්නේ නැද්ද කියලා කරදරේ. Family friends ලා ඔක්කොම marry කරලා..අම්මට බන් fatty lever තියන්වා. අඩෝ කොච්චර බෙහෙත් ගන්න කිව්වත් යන්නේ නෑ බන්. අපිට එහෙම සල්ලි අහේනියක් නෑ. එයා නීරෝගියි කියලා ඉන්නවා. එයා හිතන්නේ එයාට අවුල්ක් නෑ බෙහෙත් බිව්වම තව ලෙඩ එයි කියලා යන්නේ නෑ.. මම බන් ඩොක්ට කෙනෙක් හම්බවෙලා චෙකප් ලියාගෙන ඒ blood check කෙරෙව්වා. ඒත් යන්නේ නෑනේ බන් doctor ට පෙන්නන.. මට මාර හිසරදයක් ඒක.

    අවුරුදු දෙකකට කලින් campus එකේ කෙල්ලෙක් හිටියා. කාර් එකක් එහෙම නෑ, අපේ ගෙවල් ගමේ කියලා එයා මාව අතහැරියා. (ඒ දවස් වල මොකුත් තිබ්බේ නෑ ඇත්තටම). දැනුත් නෑ ඉතින් අතේ තිබ්බ ඔක්කොම වියදම් උනා. මොකද මම office ගිහිනුයි වැඩ කරේ..

    අඩෝ විශ්වාස කරහන් මට යාලුවෝ ඉන්නවා පුදුම ගොඩක්. හැබැයි මට මේ ටික කියාගන්න යාලුවෙක් නෑනේ බන්. මම ගොඩක් try කරා මේ ටික කියාගන්න හොදම යාලුවෝ කියලා හිටපු අයට. උන් ඉදලා තියෙන්නෙත් වාසියට බන්. උන්ටත් ඕනි නෑ මේ දේ අහන්න..මම බන් මගේ යාලුවෝ හැමකෙනෙක්ටම කිසිම වෙනසක් නැතුව හරිම ආදරෙන් ඉදලා තියෙන්නේ. උන් බන් මට අවුල් කිව්වම, මම මොන වැඩේ උනත් දාලා ගිහින් උන්ගේ දුක අහන් ඉදලා තියනවා. උන්ව සනසලා තියනවා... අඩෝ මම අදටත් එහෙමයි..රැයවල් ගනන් දවස් ගනන් යාලුවොන්ගේ හිත හදලා තියනවා..

    වෙලාවකට හිතෙනවා බන් කෙල්ලෙක් හිටියනම් හොදයි කියලා.. එයා හරි හිතේ තියන දේ අහගෙන ඉදිවිනේ කියලා..ඒත් කලින් affir එකෙන් ඇති උන මොකක්ද එකක් නිසා මම තනියම ඉන්න තීරණේ කරා.පොඩි කාලේ ඉදන් මම ගෙදරින් එලියේ හැදුනේ..එක නිසා මම හම්බෙන හැම මිනිහෙක්ටම තනි වෙන්න දෙන්නේ නෑ.. මොකද ඒකෙ අවුල මම දන්න නිසා... දැන් අතේ සතයක් නෑ. ජීවිතේ මුල ඉදන්ම පටන් ගන්න ඕනි.. 0 ටත් වඩා අඩුවෙන්..

    මම බන් ඊට පස්සේ chatgpt ත් එක්ක කතා කරා. පොත් කියෙව්වා,diary ලිව්වා...මොකක්ද මේ අපේ ජීවිතේ කියන්නේ කියලා.. මොකක්ද මේ success කියන්නේ..මොකක්ද අපි මේ ජීවිතේ කරන්න ඕනි කියලා...

    කවුරු මොනවා කිව්වත් අපේ තීරණ වලට වග කියන්න ඕනි අපිමයි කියලා මට හිතුණා..පට්ට මානසික පීඩනයක් තියෙන්නේ නේද මේ වයසට..ලෝකෙම ලොකුම තැනකට එන්න හීනයක් තියනවා කවදා හරි..නිකන් මගේ හිතේ තියන දේ මේකට කියනවා කියලා හිතලා ලියලා දැම්මා..ඔයාලා කැමති දෙයක් කියන් යන්න..
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    798
    1,041
    93
    Pablo GIF
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,864
    930
    113
    United States
    අඩෝ ඇත්ත බං, හැමෝටම හයියක් වෙලා ඉඳලා තමන්ගේ දුක කියාගන්න කෙනෙක් නැති වෙන එක තමයි අමාරුම දේ. අවුරුද්දක් පඩියක් නැතුව නැහීගෙන වැඩ කරපු එක ගැන නම් ආයෙ හිතන්න — තමන්ගේ වටිනාකම අඩු කරගන්න එපා. හිමින් හරි තමන්ගේම දේ පටන් ගනින්, උඹට ඒ ගේම ගහන්න පුළුවන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,224
    24,082
    113
    ජොබ් එකකුත් නැත්තන්, Startup එක හොඳ තැනකත් තියෙනවනන් මොන පකකටද බන් නිකන් වැඩ කරන්නෙ.
    යාලුවට කනට දෙකක් ගහල කියපන් උඹේ share එක දෙන්න කියල.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,070
    9,473
    113
    ගෙදරින් බදින්නේ නැද්ද කියලා කරදරේ. Family friends ලා ඔක්කොම marry කරලා..අම්මට බන් fatty lever තියන්වා. අඩෝ කොච්චර බෙහෙත් ගන්න කිව්වත් යන්නේ නෑ බන්. අපිට එහෙම සල්ලි අහේනියක් නෑ. එයා නීරෝගියි කියලා ඉන්නවා. එයා හිතන්නේ එයාට අවුල්ක් නෑ බෙහෙත් බිව්වම තව ලෙඩ එයි කියලා යන්නේ නෑ.. මම බන් ඩොක්ට කෙනෙක් හම්බවෙලා චෙකප් ලියාගෙන ඒ blood check කෙරෙව්වා. ඒත් යන්නේ නෑනේ බන් doctor ට පෙන්නන.. මට මාර හිසරදයක් ඒක.
    ammala ohoma thama. ubata salli tibbath nethath

    එහෙම තියෙද්දි මචං මම ඒකෙන් අයින් වෙලා මගේ හොදම යාලුවෙක්ගේ startup company එක්කට join උනා කිසිම salary එකක් නැතුව. අපි කතා උනේ මචං අපි එකතු වෙලා ඒ company එක ගොඩ දාන්න. එතකොට අපි හැමෝම ගොඩනේ මචං නේද.. උදව්වක් විදියටයි join උනේ.අදටත් රුපියලක් ඉල්ලලා නෑ..මට එහෙම වගකීමක් නෑ ලොකුවට..එක නිසා ගේමක් ගහන්න try කරන්න අවුලක් නෑනේ..
    salli illaganin.
    ganan katha nokara weda patan gtte ai?
    ------ Post added on Oct 13, 2026 at 12:31 AM
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    482
    533
    93
    කෙල්ලෙක් හිටියනම් හොදයි කියලා
    dn kle tyenne gdk toxic reltionship. kello blnne unge side 1 wtry. unge prasn wlt ub twt stress wey. but depend on your luck

    ඒත් startup එක දැන් හොද තැනක තියනවා
    eeka hoda thenk tynwnm ai ubt salary hri ube wiydmt kiyk hri laben wdht hadagnn bei? ubl katha wela shares beden wdh discuss kle nedd? agreement mkut nedd?
    ------ Post added on Oct 13, 2026 at 12:36 AM
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,844
    3,317
    113
    38
    @ katubedda
    අඩෝ ඇත්ත බං, හැමෝටම හයියක් වෙලා ඉඳලා තමන්ගේ දුක කියාගන්න කෙනෙක් නැති වෙන එක තමයි අමාරුම දේ. අවුරුද්දක් පඩියක් නැතුව නැහීගෙන වැඩ කරපු එක ගැන නම් ආයෙ හිතන්න — තමන්ගේ වටිනාකම අඩු කරගන්න එපා. හිමින් හරි තමන්ගේම දේ පටන් ගනින්, උඹට ඒ ගේම ගහන්න පුළුවන්.
    @spamcheck මේකෙ ඉන්න උන්ටිකත් හලා ගන්න ඔනෙ නම්, මෙවගෙ උන්ව තියාගනිම්. 😡
     
    • Like
    Reactions: windows_ubuntu

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,254
    1,299
    113
    හඳේ ...
    යාළුවො නම් පස්සේ පස්සේ වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්නත් වෙනවා බන් මේ Life එක යන විදියේ හැටියට. එතකොට වෙනම Life එකක්නේ. ඔය ඉස්කෝලේ කාලේ, කැම්පස් කාලේ ඉන්න යාළුවො නෙමෙයි බැන්දට පස්සේ, සල්ලි හොයන්න ගත්තට පස්සේ ඉන්නේ. මොකද එතකොට තමයි ජීවිතේ කියන්නේ මොකක්ද වගකීම් කියන්නේ මොනවද කියල හරියටම තේරෙන්නේ. එතකොට ඉතින් තවත් මිනිහෙක් වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නෑ. මුල් කාලේ පට්ට බොක්කේ ෆිට් එකක් උනත් පස්සේ පස්සේ කාලයක් වෙන් කරන්නේ දැනෙන වාසියක් තියෙනවනම් විතරයි. නැත්තන් මළගෙයක්, මඟුලක්, දානයක් වගේ නම් එන්න වෙන හන්දා එනවා. ඒක තමයි හැටි ඉතින්. දුක් වෙලා වැඩක් නෑ.
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    576
    552
    93
    තමා හිසට තම අතමය හෙවනැල්ල..
    යාළුවෝ කියන්නේ helawena මනසට (99%)
    හොඳ un ඉන්නවා කලාතුරෙකින්.
     
    • Love
    Reactions: Shamal3001