🎬 "The Mummy" සිනමාපට මාලාවේ 4 වැනි කොටසෙහි ආගමනය - "The Mummy 4" : රූපගත කිරීම් කටයුතු ආරම්භය මේ වසරේ අගෝස්තු මාසයේදී 🎦

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,126
    153,465
    113
    brendan-fraser-and-rachel-weisz-will-return-for-the-mummy-4_9bqf.1280.jpg



    Brendan Fraser, Rachel Weisz දෙන්නම මේ චිත්‍රපටියේ රගපානවා කියලා මේ වෙනකොටත් නිල වශයෙන් නිවේදනය කරලා තියෙන්නෙ. ඊයෙ දවසෙදි "John Hannah" ත් චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න එකතු වෙනවා කියලා නිල වශයෙන් නිවේදනය කරා. Ready or Not (2019), Scream (2022), Scream VI (2023), Abigail (2024) වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු "Radio Silence" කියන "director-duo" එක (Matt Bettinelli-Olpin සහ Tyler Gillett) තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ. "David Coggeshall" විසින් රචනා කරන තිර පිටපතකට නිර්මාණය කරන්න නියමිතව ඉන්න මේ චිත්‍රපටිය එළි දක්වන්න සූදානම් කරලා තියෙන්නෙ 2028 වසරේ මැයි 19 වැනිදටයි.

    චිත්‍රපටියෙ රූපගත කිරීම කටයුතු මේ අවුරුද්දෙ අගෝස්තු මාසෙදි ආරම්භ කරන්න තමයි දැනට සැලසුම් කරලා තියෙන්නෙ. Arnold Vosloo (Imhotep), Patricia Velasquez (Anck-su-namun),
    Oded Fehr (Ardeth Bay) එහෙම මේ චිත්‍රපටිය ආයෙ එකතු වෙනව ද, නැද්ද කියන එක ගැන නම් තාම මුකුත් නිවේදනයක් කරලා නෑ. ඉදිරියෙදි 'casting' සම්බන්ධ තවත් හුගක් තොරතුරු දැනගන්න ලැබේවි. පරණ කට්ටිය ආයෙ එන එකයි, හොද අධ්‍යක්ෂවරු දෙන්නෙකුයි වැඩේට දායක වෙන නිසා චිත්‍රපටිය ටිකක් හරි හොද වෙයි කියලා පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වේවි බොහෝදුරට.



    ​




    ​








    uuid366f1aac-87bb-4b1c-9a0c-8fed1b8616c7groupId10139t1762337349746.jpg
    brendan-fraser-rachel-weisz-the-mummy-110725-bb79f5c4c630476598bf334504c26931.jpg
    01C-the-mummy-film.jpg


    the-mummy-4-john-hannah-to-return-as-jonathan-brother-of-rac_fx5y.1280.jpg


    n4opt18q792g1.jpeg
    7482e430f6cf2d9fa824a5ba2752a2c4.jpg

    rachel-weisz-as-evelyn-carnahan-in-the-mummy-1999-v0-m7wo9lxiu1ue1.gif
    hgj6lrrhu1ue1.gif

    wdtln98ju1ue1.gif
    88a0f0cc9ade0c8e7a2df3272d001e76.gif
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,718
    19,067
    113
    35
    Spain
    ටොම් අය්යා ඉඳපු කතාවත් නරක නෑ. හැබැයි ඔරිජිනල් කාස්ට් එක ඔලුවේ තියන් බලන නිසා අපිට ඒක අල්ලන්නේ නෑ. ඕකම හැරී පොටර් සීරිස් එකටත් වේවි. කොහොම වුනත් පරණ සෙට් එක අලුත් කතාවකින් බලන්න ආසයි.
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,564
    2,698
    113
    ටොම් අය්යා ඉඳපු කතාවත් නරක නෑ. හැබැයි ඔරිජිනල් කාස්ට් එක ඔලුවේ තියන් බලන නිසා අපිට ඒක අල්ලන්නේ නෑ. ඕකම හැරී පොටර් සීරිස් එකටත් වේවි. කොහොම වුනත් පරණ සෙට් එක අලුත් කතාවකින් බලන්න ආසයි.
    Harry potter casting anthimi. Black guy playing Snape lol.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,126
    153,465
    113
    ටොම් අය්යා ඉඳපු කතාවත් නරක නෑ. හැබැයි ඔරිජිනල් කාස්ට් එක ඔලුවේ තියන් බලන නිසා අපිට ඒක අල්ලන්නේ නෑ. ඕකම හැරී පොටර් සීරිස් එකටත් වේවි. කොහොම වුනත් පරණ සෙට් එක අලුත් කතාවකින් බලන්න ආසයි.
    කතාව 'Modern day' එක පසුබිම් කරගෙන කරපු එක තමයි ලොකුම වැරැද්ද. පරණ ෆිල්ම්ස්වල ටයිම් ලයින් එකට යන කතාවක් කළා නම් ටිකක් හරි ෆිල්ම් එක හොද වෙන්න තිබ්බා. අනිත් වැරැද්ද තමයි මාවල්, DC ලා වගේ "Extended universe" එකක් හදන්න පටන් ගැනීමක් විදිහට 'universal' ලා ඔය ෆිල්ම් එක පාවිච්චි කරපු එක. "monster universe" කියලා ඉස්සෙල්ලත් ඩ්‍රැකියුලා, වුල්ෆ් මෑන් මෑන් වගේ කැරැක්ටර් ගැන "Extended universe" එකක් විදිහට 'Universal' ලා කරපු ෆිල්ම්ස් ඕකොම වගේ අසාර්ථක වුණා. "The Mummy trilogy" එක විතරයි සාර්ථක වුණේ.

    :love2: Ardeth Bay නැද්ද?
    තාම හරියටම දන්නෙ නෑ ඒ ගැන නම්. හැබැයි පොර ඊශ්‍රායල් නළුවෙක් නිසා ෆිල්ම් එකට ගන්න එකක් නෑ කියලා හිතෙනවා බොහෝ දුරට. 😐 හොලිවුඩ්වල දැන් සෑහෙන ලොකු ඊශ්‍රායල් විරෝධයක් තියෙනවා ගාසා කේස් එක නිසා. මීට මාස කීපෙකට කළින් හොලිවුඩ් නළු නිළියො ඇතුළුව තවත් දහස් ගාණකගෙ අත්සන් ඇතුව පෙත්සමක් හිටන් අත්සන් කළා ඊශ්‍රායලේ "film institutes" වලින් කරන ෆිල්ම්ස් ඇමරිකාව ඇතුළෙ වර්ජනය කරන්න කියලා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,126
    153,465
    113

    ෆිල්ම් එකේ ඔෆීෂියල් ටයිටල් එක "The Mummy: Book of the Dead" ​


    "Arnold Vosloo" ෆිල්ම් එකේ රගපානව ද කියන එක ගැන නම් තාම ඔෆීෂියලි කියලා නෑ. හැබැයි
    හැබැයි ටයිටල් එකේ හැටියට ඉමොහ්ටෙපුත් ෆිල්ම් එකේ ඉන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා.
    ​

    ​

    ​





    ​
     
    • Love
    Reactions: Reincarnator