ප්‍රේමලාල් ජයසේකර දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විවෘත වරෙන්තුවක් - “ඔහු රටේ නෑ” - නිතිපති කියයි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,550
    2,660
    113
    United States
    ප්‍රේමලාල් ජයසේකර දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විවෘත වරෙන්තුවක් - “ඔහු රටේ නෑ” - නිතිපති කියයි
    https://hirunews.lk/495388/an-open-...e-is-not-in-the-country-attorney-general-says · හිරු සිංහල

    1792563371_3798780_hirunews.jpg


    අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර දුටුතැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) විවෘත වරෙන්තුවක් නිකුත් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් එම වරෙන්තුව නිකුත් කරන ලෙස නියෝග කළ අධිකරණය එය නොපමාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් නිකුත් වුණා. අද (21) දින අධිකරණය හමුවේ පෙනී සිටි සෙසූ විත්තිකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කිරීමටත් අධිකරණය නියම කළා. 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ කහවත්ත ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයෙකු මරා දැමීමේ චෝදනාවට වැරදිකරු කළ ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළා. එම දඩුවමට එරෙහිව විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා විභාග කළ අභියාචනාධිකරණය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට නියම කර තිබුණා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,660
    113
    United States
    වරෙන්තුව නිකුත් කරලත් වැඩක් වෙන එකක් නෑ වගේ, එයා රටේ නෑ කියලනෙ නීතිපතිම අධිකරණයට කියල තියෙන්නෙ. ආපහු රටට එනකන් මේක ඔහේ තියෙයිද දන්නෑ