දැන් ඒගොල්ලෝ ඒවත් පටන් අරන්: තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ මාලිමා මන්ත්‍රී

monson

Well-known member
  • May 7, 2007
    26,526
    31,044
    113
    :lol:

    තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පොල්ගහවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිනේෂ් සමන්ත කුමාර නමැත්තා එළඹෙන නොවැම්බර් 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

    සැකකාර මන්ත්‍රීවරයාට අයත් බිස්කට් නිෂ්පාදනාගාරයක සේවය කරන 20 හැවිරිදි තරුණියකට ලිංගික හිරිහැර සිදු කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොතුහැර පොලීසිය විසින් ඊයේ (21) පස්වරුවේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

    අත්අඩංගුවට ගත් සැකකරු අද පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය මෙම රක්ෂිත බන්ධනාගාර ගතකර ලෙස නියෝගය කළාය.

    සැකකාර දිනේෂ් සමන්ත කුමාර නැමැත්තා 2025 ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව සඳහා තේරී පත්වුණු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.

    සිද්ධිය සම්බන්ධයෙන් පොතුහැර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

    - https://sinhala.adaderana.lk/news/253485
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,259
    2,308
    113
    අනිවාර්යයේන් මීට කලින් පොහොට්ටුවෙන් හරි සජබෙන් හරි ඡන්දේ ඉල්ලපු එකෙක්, නැත්තම් අපේ මාලිමාවේ අය එහෙම කරන්නේ නෑ.

    බෝපැල වගේ මිනිස්සුන්ට කතා හදන්න එපා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    තමන්ගෙම බිස්කට් ෆැක්ට්රි එකේ වැඩ කරන අවුරුදු 20ක කෙල්ලෙක්ට මෙහෙම කරලා නම් ඒක නම් හරිම කැතයි. තනතුරයි බලයයි තියෙන්නෙ මිනිස්සුන්ට හිරිහැර කරන්න නෙවෙයි, නොවැම්බර් 5 වෙනකන් රිමාන්ඩ් කරපු එක හොඳයි, හරි විමර්ශනයක් වෙලා ඒ කෙල්ලට සාධාරණයක් වෙන්න ඕනෙ

    තමන් යටතේ වැඩ කරන 20 හැවිරිදි කෙල්ලටම මෙහෙම කරලා නම් ඒක නම් හරිම කැත වැඩක්. ඒ කෙල්ලට යුක්තිය ඉටු වෙන්න ඕනෙ
    ------ Post added on Oct 22, 2026 at 9:10 PM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,398
    18,803
    113
    ආනේ හිරේ දාලද?

    රනිල් හාමුගේ හරි මහින්ද මාතියගේ කාලේ වගේනන් හෙලිකොප්පරෙන් ගිහින් මෙලහට බදාගෙන උම්මා එකක් දීල
     
    • Haha
    Reactions: mall_9n

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,962
    3,309
    113
    Malabe
    ආනේ හිරේ දාලද?

    රනිල් හාමුගේ හරි මහින්ද මාතියගේ කාලේ වගේනන් හෙලිකොප්පරෙන් ගිහින් මෙලහට බදාගෙන උම්මා එකක් දීල
    Eeta kalin dan moo බදාගෙන උම්මා දීල.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    ආනේ හිරේ දාලද? රනිල් හාමුගේ හරි මහින්ද මාතියගේ කාලේ වගේනන් හෙලිකොප්පරෙන් ගිහින් මෙලහට බදාගෙන උම්මා එකක් දීල
    ඒ කාලෙ ස්ත්‍රී දූෂකයො හිටියෙ පාටියක් දාගෙන හෙලිකොප්ටරේ නේ 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    ඒ කාලෙ ස්ත්‍රී දූෂකයො හිටියෙ පාටියක් දාගෙන හෙලිකොප්ටරේ නේ
    අකුරැස්සෙ සාරුවා සුනිල් සියත ගැහුවම පාටි දාපු කාලෙ මතක නෑ බයියන්ට 😂