ලිංගික අතවර චෝදනාවකට අත්අඩංගුවට ගත් පොල්ගහවෙල මන්ත්‍රීවරයා රිමාන්ඩ්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    ලිංගික අතවර චෝදනාවකට අත්අඩංගුවට ගත් පොල්ගහවෙල මන්ත්‍රීවරයා රිමාන්ඩ්
    https://www.divaina.lk/breaking-news/110026 · දිවයින

    Rape-Remand-27.jpg


    කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් පොතුහැර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොල්ගහවෙල මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය අද (22) නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ විජේසිංහ ආරච්චිලාගේ දිනේෂ් සමන්ත කුමාර විජේසිංහ නමැති මන්ත්‍රීවරයාය. සැකකාර මන්ත්‍රීවරයාට අයත් බිස්කට් කම්හලක සේවය කරන 20 හැවිරිදි කාන්තාවකට ලිංගික හිරිහැර සිදුකිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.