todd අහනවා සිවුරයි ඇතායි සති දෙකක් ප්‍රධාන පුවත් වුණු රටක් දියුණු වෙයිද කියලා. ඕක සිහින 16න් එකක් තමයි බං — 12 වෙනි එකයි 13 වෙනි එකයි:
ලබු ගිලෙනවා, ගල් පාවෙනවා. බරක් නැති දේවල් පාවෙනවා, බර දේවල් ගිලෙනවා. ප්‍රධාන පුවත වෙන්නේ වැදගත් දේ නෙවෙයි, පාවෙන දේ.
අනිත් ටිකත් චෙක් කරමු:
• කටවල් දෙකකින් කන අශ්වයා — දෙපැත්තෙන්ම කන අය අදටත් එහෙමමයි

• පිරුණු ලොකු බඳුන වටේ හිස් බඳුන් — හැමෝම වත් කරන්නේ පිරුණු එකටමයි

• ධාන්‍ය කරත්තෙට බැඳපු බාල වස්සෝ — කරත්තේ අදින්න බැරුව බිම වැටෙනවා

• තමන්ගේම පැටියාගෙන් කිරි බොන ගවයා — විශ්‍රාම ගිය අම්මලා තාත්තලා පැටවුන්ගේ ඩොලර් වලින් ජීවත් වෙනවා

• සුවඳ සන්දලිය දීලා මෝරු ගන්න වෙළඳාම — ධර්මයත් දැන් views වලට විකිණෙනවා

• එක භාජනේ බත, තුන් විදිහට ඉදෙනවා — එක පැත්තක ගංවතුර, අනිත් පැත්තේ නියඟය
16ම සැබෑ වෙලා ඉවරයි වගේ. හැබැයි එක වෙනසක් තියෙනවා: කොසොල් රජතුමා මේවා දැක්කේ
නින්දෙන් — බය වෙලා අවදි වෙලා, බුදුන්ගෙන් ගිහින් ඇහුවා මොකද කරන්නේ කියලා. අපි මේවා බලන්නේ
අවදියෙන් — ඊළඟ headline එකට scroll කර කර.
